රජකම කාටද ?

එක රජ කෙනෙක් වයසට යද්දි හිතුවලු මීලඟට රජ වෙන්න සුදුසු කෙනෙක් තෝරගන්න ඕන කියල.රජතුමා රටපුරා අණබෙරයක් යැව්වලු තමුන් දෙන අභියෝගය ජයගන්න කෙනාට මීලඟ රජකම ලබාදෙනව කියල.
මේක දැනගත්තු ගොඩ දෙනෙක් අභියෝගය බාරගන්න රජවාසලට ආවලු. මේක අහපු පොඩි ගෑනුළමයෙකුත් ආවලු.
රජතුමා ආපු හැමෝටම මල් පිපෙන මල් ගහක ඇට බෙදල දුන්න. දීල කිව්ව "මම ඔබට අවුරුද්දක කාලයක් දෙනව, මේ ඇට හිටවල ලස්සනම මල අරන් එන කෙනාට රජකම හිමිවේවි " කියල.ඉතිං මේ ඇට අරන් ගිය ගෑණු ළමය, ඇට ටික පෝච්චියක හිටෝල බොහොම හොඳට සාත්තු කලාලු. උදේ හවස වතුර දැම්මලු. මෙහෙම සෑහෙන දවසක් ගතවුනා.
ඒත් ගහ පැලවුනේම නෑලු. කොහොම හරි අවුරුද්දක කාළය පිරෙන දවසත් ලැබුවලු.අනික් කට්ටිය ලස්සන ලොකු මල් අරන් රජවාසලට යනවලු. දුකෙන් ඉන්න තමුංගෙ දුව ගාවට ආපු තාත්ත කිව්වලු "ඔබ ඔබගේ උපරිමයෙන් කලා, රජතුමාට පිළිගන්වන්න එය ප්‍රමානවත් " කියල.
ඉතිං මේ ළමය පස් විතරක් තියෙන හිස් පෝච්චියත් අරන් රාජ ශාලාවට ගියාලු. රජතුමා අනික් අය ගෙනාපු මල් බොහොම උනන්දුවෙන් බලනවලු. රජතුමා ඔහොම බල බල එද්දි දැක්කලු හිස් පෝච්චියක් තියන් ඉන්න ළමයව.

රජතුමා ඇහුවලු " ඇයි ඔබ හිස් පෝච්චියක් අරන් ආවෙ ? " කියල. ගෑණු ළමය කිව්වලු " රජතුමෙනි , මම ඔබ දුන් ඇට හොඳම පස් වල හිටවල, හැමදාව වතුර දාල රැකබලා ගත්ත. ඒත් ඒව පැලවුනේ නෑ " කියල.

රජතුමා හිනාවෙලා, ළමයව අතින් අල්ලන් ශාලාව ඉදිරියට ගියාලු. ගිහිල්ල හැමෝටම ඇහෙන්න කිව්වලු, "මම තරඟයේ ජයග්‍රාහකයා තෝරගත්ත.ඔබට ඔය බීජ කවුරු දුන්නාදැයි මම දන්නේ නෑ, වසරකට කලින් ඔබ හැමටම දුන්නේ මියගිය බීජයි, ඉතින් මම දුන් බීජ හිටවා ඇත්තේ මැය පමනයි. එබැවින් රජකම ඇයට හිමියි " කීවලු.

පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්


http://sinhala-catholic.blogspot.com


ජීවිතය නම් වූ සූදුව


මදුසමය ගතකරන්න විදෙස් රටකට ආපු තරුණ ජෝඩුවකගෙ තිබ්බ හමදෙයක්ම රෑ හොරු මංකොල්ල කාල තිබ්බලු. තරුණයාගෙ සාක්කුවක ශත 50 කාසියක් විතරක් ඉතුරු වෙලා තිබ්බලු.



කරකියාගන්න දෙයක් නෑතිව දෙන්න නගරය පුරා ඉබාගාතේ ඈවිද ඈවිද ඉද්දි දෑක්කලු ලොකු කෑසිනෝ ශාලාවක්. තරුණය කිව්වලු "මේක තමා අපිට තියෙන එකම අවස්ථාව, මම ගිහිල්ල උත්සහ කරල බලන්නං" කියල.



තරුණය පලවෙනි පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. දෙවෙනි පාරත් පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. තරුණයා දිනන එක දිගින් දිගටම සිද්ද උනාලු. අන්තිමේ තරුණයා ලඟ ලක්ශ කීපයක මුදල් ඉතුරුවෙන තුරුම ඔහු සෙල්ලං කලාලු. මොහු හිතුවලු දෑන් යන්න ඕන කියල, තමුන් දිනපු සල්ලිත් අරං එලියට එද්දිම දෑක්කලු තව අශ්ව රේස් එකකට ඔට්ටු බාරගන්නව.



තරුණයාගෙ හිත තදින්ම කිව්වලු මේ ඔට්ටුවත් අල්ලලම යන්න කියල. ඔහු ඔහුගේ සියලුම මුදල් ඒකෙ හිටපු හොඳම අශ්වයාට ඔට්ටු ඈල්ලුවලු.
තරඟ ප්‍රතිඵල ආවලු. තරුණයා ඔට්ටු ඈල්ලූ අශ්වයා පරාදයිලු.



ඉතිං තරුණයා හිස් අතිංම කෑසිනෝ ශාලාවෙන් එලියට ආවලු. තරුණිය ඔහු එනකන් බලාපොරොත්තු දල්වාගෙන එලියෙ බලං ඉන්නවලු.
තරුණිය ඈහෑව්වලු "මොකද උනේ.. ? " කියල
තරුණයා හිනාවෙලා උත්තර දුන්නලු " මම ශත 50 පරාදයි " කියල



අපේ ජීවිතත් මේ වගේ තමයි. හිස් අතිම්ම ජීවිතය පටන් ගත් අපි හිස් අතිම්ම මෙලොවින් යයි. ඒ අතර ලබන ජය පරාජ ගෑන අනවශ්‍ය ලෙස කරදරවීම නිශ්ඵලය. වෑදගත් වනුයේ ඔබට  අවසානයේදී සිනාසීමට හෑකිද යන්න පමනි.







http://sinhala-catholic.blogspot.com

කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය

කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරයෙක්ව මුනගැහෙන්න. මේ අය කතාකරන ගමන් ප්‍රොෆෙසර්ට වැඩි හරියක්ම කිව්වෙ තමුන්ට තියෙන ප්‍රශ්න, දුක්ගැනවිලි ලු.
ප්‍රොෆෙසර් ගිහිල්ල ලොකු ජෝගුවකට කෝපි හදන් ආවලු. කුස්සියෙන් එක එක ජාතියෙ කෝප්ප ගෙනත් තියල කට්ටියට කිව්වලු කෝපි දාගෙන බොන්න කියල.
කට්ටිය කෝපි දාගෙන බොන ගමන් ප්‍රොෆෙසර් කිව්වලු, " හොඳට බලන්න, ඔක්කොම ලස්සන, වටිනා කෝප්ප ඔබ විසින් තෝරාගෙන තිබෙන සැටි. ඉතිරිවී තිබෙන්නේ බාල වර්ගයේ කෝප්ප පමනයි .
ඔබගේ බොහෝ ප්‍රශ්න වලට මුලත් එයමයි. කෝප්පයෙන් කෝපි වලට කිසිඳු වටිනාකමක් එක් නොකරන බව ඔබ හොඳින්ම දන්නා දෙයක්.

ඇතැම් විට කෝප්පය මිල අදික විය හැකියි, ඇතැම්විට එය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි සඟවාවි.
කෝප්පය කුමක් උවත් ඔබට අවශ්්ය කෝපි පමනයි. නමුත් ඔබ හිතාමතා ම හොඳම කෝප්පයක් ලබා ගැනීමට වෙහෙසෙනව.
කෝප්පයක් ලැබුනු විට ඔබ අනෙකාගේ කෝප්ප සමග ඔබේ කෝප්පයේ ගුන දොස් සසඳනව.

හොඳම එක ලැබුනේ කාටදැයි සොයා බලනව.
මෙහෙම හිතමු.. ජීවිතය තමයි කෝපි.
රැකියාව, තනතුරු හා මුදල් වැනිදේ කෝප්ප පමනයි.
ඒ දේවල් ජීවිතය දරාසිටීමට උපකාර කරනවා මිසක්, ඔබගේ ජීවිතය වෙනස් කරන, අර්තදක්වන හෝ වටිනාකමක් එක්කරන දේ නොවන බව සිතට ගන්න.
අප බොහෝවිට කෝප්පය කෙරෙහි දැඩි අවදානයෙන් සිටීම නිසා කෝපි වල රසබැලීමට මඟහැරෙන්න පුලුවන්.
මතක තබාගන්න, ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයින් සැමවිටම හොඳම දේ පමනක් ලැබූවන් නොවන වග."



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්




http://sinhala-catholic.blogspot.com

දෙවියන් වහන්සේ මුමුනයි


එක තරුණයෙක්ට හදිස්සියෙම තමුන්ගෙ රැකියාව නැතිවුනාලු. ඉදිරියට කරන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව හිටපු තරුණය ගියාලු පල්ලියෙ පියතුමාව මුනගැහෙන්න.

පියතුමා සමග කතාකරන්න අවස්ථාවක් ලැබුන වෙලේ තරුණය පියතුමාගෙන් ඇහුවලු "ෆාදර්.. මම මෙච්චර දෙවියන්වහන්සේගෙන් මට උදව්වක් ඉල්ලලත්, ඇයි එතුමා මට කිසි පිලිතුරක් නොදෙන්නෙ ?" කියල.

වයසක පියතුමා මොනවදෝ හෙමින් කිව්වලු. තරුණයට ඒ කියපුදේ ඇහුනෙනෑලු. තරුණය පියතුමාට ටිකක් කිට්ටුවෙලා කිව්වලු  " ෆාදර්, මට කියපු එක ඇහුනෙ නෑ " කියල.

එතකොට පියතුමා ආයෙ හෙමීට මොනවදෝ කිව්වලු. තරුණය පියතුමාට හොඳටම කිට්ටු වෙලා කිව්වලු, " ෆාදර්, මට කියපුදේ ඇහුනෙනෑ." කියල.

එතකොට පියතුමා ආයෙ හෙමීට කිව්වලු " සමහර වෙලාවට දෙවියන් වහන්සේ මුමුනනව. ඔබ එතුමාට කිට්ටුව හිටියොත් ඒ දේවල් ඇහේවි. " කියල.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com

ඔක්කොම ටික දුන්නද ?


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.

දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com

දෙවියන් වහන්සේ හඳුනාගැනීමට

දෙවියන් හඳුනාගැනීමට බොහෝ උනන්දුවූ තරුණයෙක් හිටියලු.මොහුට දැනගන්න ලැබුනලු වණවාසීව ජීවත්වන බොහොම සැදැහැවත් තාපස පූජකයෙක් ගැන. ඉතිං මේ තරුණය මේ තාපසයව හොයාගෙන ගියාලු.


තරුණය දැක්කලු තාපසතුමා දිය අගලක් ගාව භාවනායෝගීව ඉන්න පූජකයව.තරුණයා පූජකතුමා ලඟට ගිහිල්ල කිව්වලු, " මට දෙවියන් හඳුනාගැනීමට අවශ්්යයි, ඔබට මට උදව් කරන්න පුලුවන්ද ? " කියල. පූජකය තරුණය දිහා බලල කිව්වලු "මාත් සමග මෙම දිය අගලට බහින්න " කියල.
දැන් තරුණයයි පූජකයයි දෙන්නම වතුරට බැහැල ඉන්නවලු. පූජකය එකපාරටම පැනල තරුණයව වතුර යටට එබුවලු. දැන් තරුණය දඟලනවලු උඩට එන්න , පූජකය තරුණයව වතුර ඇතුලටම තදකරන් ඉන්නවලු.
 
තරුණයා හුස්ම නැතුව සිහිමුර්ජා වෙන්න ආසන්න වෙද්දිම පූජකය තරුණයාව උඩට ගත්තලු. තරුණය උඩට ආපු ගපන්ම පපුව පුරෝල ලොකු හුස්මක් ගත්තලු. තරුණය වෙච්ච සිද්දියෙන් අන්දමන්ද වෙලා බලන් ඉන්නවලු.
පූජකය තරුණයගෙන් ඇහැව්වලු, "වතුර යටදි ඔබට මොනවද වැඩියෙන්ම ඕන වුනේ ? " කියල. තරුණය උත්තර දුන්නලු " හුස්ම ගන්න වාතය " කියල. පූජකය තරුණයට කිව්වලු, " ඔබට වතුර යට ඉඳිද්දී වාතය අවශ්්යතාවය දැනුන තරමටම ; දෙවියන් හඳුනාගැනීමේ අවශ්්යතාව දැනුනු කාළයක මා වෙත එන්න." කිව්වලු.

ජේසු කියපු කතාවක්


සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක;

"එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්‍රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක.
( ලූක් 12 : 13-21 )


** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න.

දෙවියන් විශ්වාස කිරීම හා ඔටුවා බැඳ තැබීම

සාර්ථක වෙලඳාමකට පස්සෙ තමුංගෙ ඔටුවත් එක්ක ගෙදර යමින් හිටපු මනුස්සයෙක්, පල්ලිය ලඟින් යද්දි හිතුවලු අද දවසේ සාර්ථකත්වය වෙනුවෙන් මම දෙවියන්ට ස්තූති කරල යන්න ඕනෙ කියල.
ඉතින් මිනිහ ඔටුවව එලියෙන් තියල පල්ලියට ගිහිල්ල දෙවියන් වහන්සේට ස්තූති කලාලු තමුන්ට දීපු සියලු දේ වෙනුවෙන්, පොරොන්දු වුනාලු මින් පස්සෙ යහපත් මනුස්සයෙක් විදිහට ජීවත් වෙනව කියල, දුප්පතුන්ට උදව් කරනව කියල.





ඉතින් මෙහෙම යාච්ඤා කරල පහන් සිතින් මිනිහ පල්ලියෙන් එලියට ආවලු.
එලියට ආවහම ඔටුව නෑලු. මිනිහට දැන් එකසිය ගාන්ට තද වුනාලු මිනිහ බොහොම කේන්තියෙන්, බලාපොරොත්තු කඩවුන විදිහට කෑගහල කිව්වලු            "  දෙවියනී .. මම මගේ සම්පූර්න විශ්වාසය ඔබකෙරෙහි තියල ජීවත් වෙද්දිත්.. ඇයි ඔබවහන්සේ මට මෙහෙම කලේ.."    කියල.

මෙතනින් ගිය තවත් මිනිහෙක් මේ දේ දැක්කලු. ඒ මනුස්සය අර වෙළෙන්ද ලඟට ඇවිත් කිව්වලු                    "  සහෝදරය.. දෙවියන් විශ්වාස කරන්න. ඒත් ඔටුවව ගැටගහල යන්න ඔබ දැනගන්න ඕනෙ.. "   කියල.

පාතාලෙ චන්ඩි සහ අපි

ලංකාවෙ ගොඩක් සාමාන්්ය ප්‍රවෘත්ති කැටගරි එකක නිවුස් එකක් තමා පහලින් තියෙන්නෙ. මේ ජාතියෙ නිවුස් එකක් දැක්කහම අපි හැමෝම සැනසුම් සුසුම් හෙලනව තවත් එක කරදරයක් ඉවරයි කියල..

" පාතාලයේ කුඩු රජා ලෙස අනුවර්ත නාමයෙන් හුන්වාගත් දෙමටගොඩ කමල් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. සැකකරු හංවැල්ලේදී අත් අඩංගුවට ගැනින.ඔහු සඟවා තිබු අවි යුධ තොගයක් සොයා ගැනීමට දිද්දෙණිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී දෙමටගොඩ කමල් පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමග උත්සහ ගත්තේය. එහිදී පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයකින් මෙම පාතාලයේ ප්‍රබල සාමාජිකයා බරපතල තුවාල ලැබූ බව …"
Source : http://www.lakhanda.lk/?p=13
ඒත් ඇත්තටම මේ ප්‍රශ්නෙට නියම විසඳුම මේකද ?
අපිට මේක ගැන වගකීමක් නැද්ද ? .. සමහර විට ඔය කමල්  කියන හාදයව එක කාරුණික මනුස්සයෙක්ගෙ අවධානයට යොමුවෙලා තිබ්බනන් මේ නිවුස් එක මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුන කියල හිතෙනව...
මට මෙහෙම හිතුනෙ Elvis Presley කියන  In the getto  සිංදුව ඇහුවට පස්සෙ. ඔයගොල්ලොත් අහල බලන්න.

As the snow flies
On a cold and gray chicago mornin
A poor little baby child is born
In the ghetto
And his mama cries
Cause if there's one thing that she don't need
Its another hungry mouth to feed
In the ghetto


People, don't you understand
The child needs a helping hand
Or hell grow to be an angry young man some day
Take a look at you and me,
Are we too blind to see,
Do we simply turn our heads
And look the other way

Well the world turns
And a hungry little boy with a runny nose
Plays in the street as the cold wind blows
In the ghetto

And his hunger burns
So he starts to roam the streets at night
And he learns how to steal
And he learns how to fight
In the ghetto

Then one night in desperation
A young man breaks away
He buys a gun, steals a car,
Tries to run, but he don't get far
And his mama cries

As a crowd gathers round an angry young man
Face down on the street with a gun in his hand
In the ghetto

As her young man dies,
On a cold and gray chicago mornin,
Another little baby child is born
In the ghetto

මීයෙකු වීම සහ මි හදවතක් තිබීම

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු.
පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු.

බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු.

දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.
මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු "  මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් "   කියල.


උපුටාගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-195-Heart+of+a+Mouse.html

නොපිපුනු රෝස මල්


එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



හෝදපු රෙදි


තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

ජේසුට ලියුමක්

(ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.)

මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.

" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා
දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය.
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා.
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය.

ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි.
" යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "

කොච්චර කල් යයිද ?

මේක Zen කතන්දරයක් ..

දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට.
මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල.

දැන් කොල්ලට හෙන අප්සට්ලු. මොකද මූට ඕනෙ මේක ඉක්මනටම ඉගෙනගන්නලු.
ඉතින් මූ ආයෙ ගුරුතුමාගෙන් ඇහැව්වලු "මම වෙනදට වඩා මහන්සි වෙලා, සතියෙ දවස් හතේම, පැය දහයකට වඩා පුහුනුවීම් කලොත් මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.

ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු විස්සක්" කියල.


මේ කතන්දරේනන් භාවනාව සම්භන්ද එකක්.. ඒත් අපේ ජීවිත වල සිද්දවෙන සමහර දේවලුත් මේවගේ තමයි. අපි නිකක් හදිස්සි වෙලා දැඟලුවට වැඩේ ඉක්මන් වෙන්නෙ නෑ.. තවත් සංකීරන වෙනව. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕන තැන්වල එහෙම ඉන්න ඕන.


ලෝකයෙන් වසන් කලත්..

එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.


දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ"   කියල.

එතකොට ගල් වඩුව උත්තර දුන්නලු "  ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.

මහත්මා ගාන්ධි සහ සීනි

මේක ඇත්ත කතාවක් කියල තමා කියන්නෙ..
දවසක් ගෑනුකෙනෙක් තමුන්ගෙ පුතා එක්ක  ආවලු මහත්මා ගාන්ධි ව හම්බෙන්න. මේ ගෑනුකෙනාට ඕන උනේ තමුන්ගෙ පුතා හැමතිස්සෙම සීනි කන එක නවත්තගන්න ගාන්ධි තුමා ලව්ව අවවාද කරව ගන්නලු.
ගාන්ධි තුමා කිව්වලු තව දවස් තුනකින් ඇවිත් තමුන්ව හම්බවෙන්න කියල.

ඉතින් ගෑනු කෙනත් ගිහිල්ල දවස් තුනකින් ආයෙ ආවලු.
ගාන්ධි තුමා පොඩි එකා ගාවට පහත්වෙලා ඇස්දෙක දිහා බලල කිව්වලු "පුතා අද ඉඳල අම්ම කියන දේ අහල සීනි කන එක නතර කරන්න.." කියල. පොඩි එකා පොරොන්දු වුනාලු සීනිකන එක නවත්තනව කියල.

ගෑනුකෙනා ටිකක් අප්සට් එකේ ඇහුවලු "ඇයි ඔබතුමා ඕක අපි මුලින්ම ආපුවෙලේ කිව්වෙ නැත්තෙ ?" කියල.

ගාන්ධි තුමා කිව්වලු " දවස් තුනකට කලින් මම සීනි කන එක නවත්තල තිබුනෙ නෑ.. " කියල


"Hypocrite! First get rid of the log in your own eye; then you will see well enough to deal with the speck in your friend's eye." - Jesus ( Matthew 7:5)



කොයි ආගමද හොඳ ?




ඔන්න දවසක් තේ කඩේක ආගම් දෙකක මිනිස්සු දෙන්නෙක් වාදයක් කරනවලු. තමුන්ගෙ ආගම තමයි හොඳම කියල ඔප්පු කරන්න.
ඕක බලන් හිටපු ගොවියෙක්.. මිනිහ අර දෙන්නට ලඟ තිබ්බ වී මෝලක් පෙන්නල කිව්වලු.. “ ඔය වී මෝලට එන්න පාරවල් දෙකක් තියෙනව .මම පහුගිය අවුරුදු දාහතරක් තිස්සෙම වී අරන් ඔතන්ට එනව.
වී මෝලෙ අයිතිකාරය කවදාවත් මගෙන් අහල නෑ මම ආවෙ මොන පාරෙන්ද කියල. මිනිහ මගෙන් හැමදාම අහන්නෙ මම ගෙනාපු වී හොඳයි ද ? නරකයි ද ? කියල විතරයි."


උපුටාගැනීම මේතනින්

ඌරගෙයි එලදෙනගෙයි වෙනස (පොඩි කතන්දරයක්)

දවසක් ඌරෙක් එලදෙනක් ගාවට ඇවිත් කිව්වලු " හැමෝම උඹගේ හොඳ කියනව.. හැමෝම උඹට ආදරෙයි.. උඹ ඒ අයට කිරි දෙනව තමයි.. ඒත් මම ඊට වඩා ලොකු දෙයක් දෙනව . මගෙ මස් මම දෙනව, මගෙ ජීවිතේ නැති කරගෙන.. ඒත් කව්රුවත් මට කැමති නෑ.. ඒ ඇයි ?"

එලදෙන ටිකක් කල්පනා කරල කිව්වලු "සමහර විට ඒ .. මම ඒ දේවල් දෙන්න මම ජීවත්වෙලා ඉන්න අතරම නිසා වෙන්න ඇති" කියල.

උපුටාගැනීම මේතනින්

මහල්ලා සහ දූරියං ගස (පොඩි කතන්දරයක්)

ඔන්න දවසක් වයස අවුරුදු 80 ක විතර අංකල් කෙනෙක් වත්තෙ දූරියං ගහක් හිටෝනවලු.

මේක දැකපු අල්ලපු ගෙදර මනුස්සය ඇහුවලු " දැං අංකල් ඔය ගහෙන් ගෙඩි කන්න හිතන්ද ඕක හිටවන්නෙ" කියල. (මොකද දුරියං ගහක ගෙඩි එන අවුරුදු 10 - 12 ක් යනව)



අංකල් පොඩි හිනාවක් දාල කිව්වලු "මම මෙච්චර කල් කෑව දුරියං වල එක ගහක්වත් මම හිටෝපුව නෙමෙයි “ කියල.

ඉරිද පූජාවේ දේශනාව

ඉරිද පල්ලි ගියෙ මීගමුවෙ බෝලවලාන මීසමේ පූජාවට. මේ පල්ලියෙ ෆාදර් මම ගොඩක් කැමති, දක්ෂ ධර්ම දේශකයෙක්. මේක 2011 අප්‍රියෙල් 10 ඉරිද පූජාවෙ දේශනාව..කිසිම සංස්කරනයක් කරල නෑ.





මේ ගොබ් ඉරිදට කලින් සතියෙ ඉරිද දවස. අද කිතුනු බහුතරය ගතකරන ලෞකික ජීවිතය, පාස්කුවට කිතුනුවන් අතින් සිදුවිය යුතූ පෙර සූදානම ගැන මේ දේශනාවෙ විස්තර කරනව.
මෙතනින් දේශනාව අහන්න. 12 minutes
මෙතනින් දේශනාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් 5mb

මේ දේශනාව හැමෝටම පාස්කුවට පෙර සූදානමක් විදිහට වැදගත් වෙයි කියල හිතනව...
හැමෝටම ජේසු පිහිටයි !!

අත්තේ වහපු කුරුල්ලා

ඕං ඉස්සර කාලෙ රජෙකුට ලස්සන උකුස්සො දෙන්නෙක් තෑගි හැටියට ලැබුනලු. මේ උකුස්සො දෙන්නගෙ හැබෑ ලස්සන පෙනෙන්නෙ ඉගිල්ලෙනකොට බව දන්න රජතුමා අණකලාලු කුරුල්ලො දෙන්නව කූඩුවෙන් එලියට අරන් නිදහසේ පියාඹන්න දෙන්න කියල.
එක කුරුල්ලෙක් ලස්සනට පියාඹල අහසට ගියාලු.
අනික් කුරුල්ල ලඟ තිබ්බ අත්තකට වහල ඔහේ ඉන්නවලු.

දැන් රජතුමාට මාර අප්සෙට්ලු. රජතුමා රටපුරා අණබෙර ඇරියලු මේ කුරුල්ලව පියාඹවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් එන්න කියල.
ගොඩක්දෙනා ඇවිත් උත්සහ කලාලු.ඒත් කාටවත්ම බැරිවුනාලු මේ කුරුල්ලව පියාඹවන්න.
පහුවදා රජතුමා දැක්කලු අර අත්තෙ වහල උන්නු උකුස්ස ලස්සනට අහසෙ පියාඹ පියාඹ ඉන්න්ව. රජතුමාට ගොඩක් සන්තෝශයිලු. වහාම අණ කලාලු මේ වැඩේ සාර්තකව කරපු කෙනාව එක්කන් එන්න කියල.
රාජපුරුශයො වයසක ගොවියෙක් ව එක්කන් ආවලු. රජතුමා ඇහුවලු කොහොමද මේ වැඩේ කලේ කියල.

මම කුරුල්ල වහල හිටපු අත්ත කැපුව.” අර ගොවිය උත්තර දුන්නලු

ජීවිතේ හැමදාමත් සුන්දර විදිහට ගලාගෙන යන එකක් නෙමෙයි. දුක් කම්කටොලු වලට මුහුන දෙන්න වෙනව.

ඒ කරදර බාධක අපි නොදන්නා අපේ හැහියාවන්, සීමාවන් අපිට හඳුනාගැනීමට උදව්වෙන බවත් මතක තියාගන්න.

We are all made to fly -- to realize our incredible potential as human beings. But instead of doing that, we sit on our branches, clinging to the things that are familiar to us. The possibilities are endless, but for most of us, they remain undiscovered.

විහිලු කතාවක්

ඕං දවසක් පල්ලියෙ පූජාව පටන් ගන්න ටිකකට කලින් මිනිස්සු පල්ලියට වෙලා ඉඳගෙන ඉද්දි... එකපාරම පල්ලියෙ අල්තාරෙ ගාවින් සාතන්( යක්ශයා ) පෙනී හිටියලු..

සාතන් ව දැක්ක ගමන් බයවෙච්ච මිනිස්සු සීසීකඩ දිව්වලු..

ඔක්කොම කට්ටිය දිව්වට එක වයසක අන්කල් කෙනෙක් ඉඳගෙන ඉන්නවලු කිසි කලබලයක් නැතුව.

සාතන්ට මේකට මාර අප්සෙට් ගියාලු.

සාතන් : උඹ දන්නවද මම කව්ද කියල ?
අන්කල් : ඔව්

සාතන් : උඹ මට බය නැද්ද ?
අන්කල් : නෑ..

සාතන් : උඹ දන්නවද මට උඹව සදාකාලිකවම නරකාදියේ දුක්විඳ විඳ ඉන්න සලස්සන්න පුලුවන් කියල ?
අංකල් : ඔව්.

සාතන් : උඹ තාමත් මට බය නැද්ද ?
අංකල් : නෑ..

දැන් සාතන් ට මාර අප්සෙට් ලු...

සාතන් : ඇයි උඹ මට බය නැත්තෙ ?
අංකල් : මම අව් රුදු 40 ක් තිස්සෙ කසාදබැඳන් ඉන්නෙ උඹේ නංගිව..

කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ


මම කියවපු ගොඩක් හොඳ ලිපියක් නිසා කට්ටිය එක්ක බෙදාගන්න හිතුව..

කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ ගැන ඝැනගන්න කැමතිනන් පහත ලින්ක් එකෙන් ගිහින් මුලු ලිපියම කියවල බලන්න.



”මගේ දේව කුමාරයෙනි, ඔබ උපන් වේලාවේ ඇති වුණු තනිවීම ඉතා ලොකුය කියා සිතුවෙමි. එසේ නමුත් දැන් ඔබ උකුත් වූ වේලාවේ ඇතුව තිබෙන ආත්තු නැතිකම ඊටත් වැඩිව තිබෙන්නේ වේ ද? 



 දුක්ප‍්‍රාප්ති ප‍්‍රසංගය -  ගොන්සාල්වෙස් පියතුමා


” ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා 

                                             මර්සලීන් ජයකොඩි පියතුමා.












තාමත් අඬනවද ?


ඕං දවසක් එක රැස්වීමකදි දේශනයක් කරාලු වයසක මනුස්සයෙක්.. මේ මිනිහ පට්ටම විහිලු කතාවක් කිව්වලු.

මුලු සභාවම හූ තිය තිය හිනාවුනාලු....

ටික වෙලාවකින් මේ මිනිහ ආයෙත් අර කලින් කියපු  විහිලු කතාවම කිව්වලු.

ඒ පාර හිනාවුනේ බොහොම ටික දෙනයි ලු.

ආයෙ තව ටිකකින් මේ මනුස්සය කලින් කියපු විහිලු කතාවම ආයෙමත් කිව්වලු..

ඒපාරනන් කව්රුත් ම හිනාවුනේ නැහැලු

එතකොට මේ මනුස්සය හිනාවෙලා ඇහුවලු .. " ඔබලාට එකම විහිලුවට නැවත නැවත හිනාවෙන්න බැරිනන්.. ඇයි ඔබ එකම කාරනය ගැන නැවත නැවත දුක්වෙන්නෙ ? " කියල


අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම්, බලාපොරොත්තු සුන්වීම් අමතක කර හෙට දවසට මුහුන දෙන්න..

ඕං මේකත් මට ලැබුනු ඊමේල් එකක තිබ්බ හොඳ කතන්දරයක්...

විශ්වාසය



මේක ක්‍රිස්තියානි විශ්වාසය ගැන දේශනාවකදි පල්ලියෙ ෆාදර් කියපු කතන්දරයක්.
ඔන්න එක දවසක් වයසක ගෑණු කෙනෙක් පල්ලියට ආවලු. ඇවිත් පොඩි ඔරසමක් එහෙම කියල ....... වටේට තියෙන සුරවම් ටික ඉඹ ඉඹ යනවලු. පල්ලියෙ ෆාදර්ත් මුල්ලකට වෙලා මේක බලන් ඉන්නවලු.
කොහොම හරි අන්තිමෙට තිබ්බලු ශු.මිකායෙල් දේවදූතයගෙ සුරුවමක්ලු.( මිකායෙල් දේවදූතයගෙ සුරුවම කියන්නෙ යක්ශයාව පාගන් ඉන්න සුරුවමක්. )
ගෑණු කෙනා ඒ සුරුවමත් ඉම්බලු. පස්සෙ හොරෙන්ම වටපිට බලල..එකපාරටම යක්ශයවත් ඉම්බලු.
මේක දැකල ෆාදර්ට මාර අප්සට් ලු..ඉතින් ෆාදර් අර ගෑණුකෙනා ලඟට ගිහින් ඇහුවලු " ඇයි අම්මෙ එහෙම කලේ ? " කියල..

ගෑණුකෙනා කිව්වලු "ෆාදර් .. මම සුවර්ගෙට ගියොත් අර හැමෝම මාව බලා ගනියි.. ඒත් අපායට ගියොත් මාව බලාගන්න ඉන්නෙ මෙයා විතරයි නෙ .." කියල.

කතෝළික ලේබලේ අලෝගෙන ඉන්න, ස්ථීර විශ්වාසයක් නැති, පොඩි හරි ප්‍රශ්නයක් ආවහම "ජෝතිශ්‍ය , බලි , තොවිල් , ෆෙන්ශුයි , හදි හූනියම් " පස්සෙ දුවන අද කාලෙ බහුතර ක්‍රිස්තියානීනුත් මේ වගේ තමා කියලයි ෆාදර් කිව්වෙ.

ඔයා දුකෙන් ද ?

අපි අපිට නැති වෙන දේවල් වලට, නොලැබුන දේවල් වලට කොච්චරනන් දුක් වෙනවද ?
ඒත් සමහරුන්ට ලැබිල තියෙන දේවල් එක්ක බලද්දි අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව...
පහල තියෙන වීඩියෝ එක හැමෝම බලල ඇති.. කමක් නෑ.. ආයෙ බලන්න..