ජේසුට ලියුමක්

(ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.)

මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.

" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා
දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය.
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා.
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය.

ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි.
" යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "

කොච්චර කල් යයිද ?

මේක Zen කතන්දරයක් ..

දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට.
මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල.

දැන් කොල්ලට හෙන අප්සට්ලු. මොකද මූට ඕනෙ මේක ඉක්මනටම ඉගෙනගන්නලු.
ඉතින් මූ ආයෙ ගුරුතුමාගෙන් ඇහැව්වලු "මම වෙනදට වඩා මහන්සි වෙලා, සතියෙ දවස් හතේම, පැය දහයකට වඩා පුහුනුවීම් කලොත් මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.

ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු විස්සක්" කියල.


මේ කතන්දරේනන් භාවනාව සම්භන්ද එකක්.. ඒත් අපේ ජීවිත වල සිද්දවෙන සමහර දේවලුත් මේවගේ තමයි. අපි නිකක් හදිස්සි වෙලා දැඟලුවට වැඩේ ඉක්මන් වෙන්නෙ නෑ.. තවත් සංකීරන වෙනව. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕන තැන්වල එහෙම ඉන්න ඕන.


ලෝකයෙන් වසන් කලත්..

එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.


දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ"   කියල.

එතකොට ගල් වඩුව උත්තර දුන්නලු "  ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.