මැරුණ පුතා


කලබලකාරී නගර මධ්‍යය, ගිණිගහන දවාලේ
මිනිසුන් පිරිලා එක තැනක. සිද්දිය බලන්න හැමෝම පොරකනව. කියනව ඇහෙනව " හැප්පිලා" , "මැරිල" , "පාර පනිද්දි නෙ වෙලා තියෙන්නෙ" , "පව් වැඩේ .."

මේ වෙලාවෙ මෙතනින් යනව පත්තර වාර්තාකරුවෙක්. ඔහු හිතනව "ෂා .. මරු නිව්ස් එක, කොහොමහරි ෆොටෝ එකක් ගන්න ඕන." ඒත් කොහෙ කිට්ටු කරන්නද. මිනිස්සු පොරකනව.

මිනිහට ආව හොඳ අදහසක්. කෑගහල දුකඳෝනාවක් තියන්න ගත්ත. "අනේ මගේ පුතා.. මගේ පුතා තමයි හැප්පිලා තියෙන්නෙ..".

මිනිස්සු ක්ශනිකව ඉඩදුන්න මේ මනුස්සයට. ඔහු සෙනඟ අතරින් ඉදිරියටම ගියා.
ලේ විලක් මැද මැරිල වැටිල උන්න තඩි බූරුවෙක්.



අපේ ජීවිතෙත් මෙහෙම දේවල් වෙනව සමහර වෙලාවට. ලබාගන්න ආසාවෙන් පොරකාගෙන, බොරු කියාගෙන, අනික් අය පාගගෙන, ලබාගන්න දඟලන පෙලක් දේවල් මහ පුස් දේවල්. ඒක පුස්සක් බව කලින්ම දකින්න පුලුවන් නං කොච්චර ලේසිද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
පොත ගැන දැනගත්තෙ මෙතනින්

නැන්දම්මා සහ ලේලිය

සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික  ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

බිරිඳ : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්..