තක්කාලි නරක් වෙලාද ?



දවසක් වයසක කාන්තාවක් සුපිරි වෙලඳසැලක තක්කාලි තොගයක් තෝරමින් ඉන්නවලු. බිම තියල තිබ්බ තක්කාලි කූඩෙට නැමීගෙන තක්කාලි තෝර තෝර ඉද්දි මේ
කාන්තාවට ආවලු පිටකොන්ද දිගේ දැඩි වේදනාවක්.

දැන් මේ කාන්තාවට හෙලවෙන්න අපහසුයි ලු. උන්නු විදිහටම නැමීගෙනම ඉන්නවලු තක්කාලි කූඩෙ ලඟ.


මේ කාන්තාව කිට්ටුවට ආපු වෙලඳසැල් හිමියා කිව්වලු " නෝන , තක්කාලි පරණයි කියල හිතෙනවනන්, එහාපැත්තෙ තියෙනව අලුත් අර්තාපල් " කියල.

අපිත් ගොඩක් වෙලාවට අනික් අයට ප්‍රතිචාර දක්වන්නේ , අපගේ උපකල්පන මත ඉඳගෙන මිසක් , අනික් කෙනාගේ සැබෑ තත්වය තේරුම් අරන් නෙමේ නේද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello