මොඩර්න් ට්‍රෙන්ඩ්ස්



අපේ භූමිය .. අපේ මායිම.. තබමි අප උතුමන්ගෙ පිලිරුව..
තොපට පමනද, අපිද කල හැක.. තබමි තව උතුමෙකුව ඒ ලඟ ..


සිටියි උතුමන් සමගියෙන් ලඟ
රත් වෙමින් දඟලයි දෙපිල කැළ


තබා මැටිකඳු දෙකක් එක ලඟ..
මරා ගනිමුද මිනිස් ජාතිය..



නොවැටහී ඇත ඔබ දහම අද
හඬයි දුටුවොත් මේ අමන කැළ..




"සමතලා කරමි මම මේ ගල් පල්ලි, තනමි එය ඔබ හදවතේ දින තුනෙන් " - ජේසුස් වහන්සේ

දෙවියන්ව සෙව්වාද ?


දවසක් තාත්ත කෙනෙක් තමුන්ගෙ පුතාට කතා කරල ලුනු කැට ටිකක් දීල කිව්වලු "මේ ලුනු ටික ගිහිල්ල භාජනේකට දාල දිය කරන්න. " කියල.

ඉතින් පුතා එහෙම කරාලු.

පහුවදා තාත්ත කතාකරල කිව්වලු " පුතේ , අර ඊයෙ දීපු ලුනු ටික අරන් එන්න" කියල.

පුතා කිව්වලු "ඒ ලුනු හොයන්න නෑනෙ. ඔක්කොමටික වතුරෙ දියවෙලා " කියල.

එතකොට තාත්ත කිව්වලු " හොඳයි, එහෙනන් ඒ භාජනේ එක අයිනකින් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.

තාත්ත ආයෙ කිව්වලු " හොඳයි, එහෙනන් භාජනේ මැද හරියෙන් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.

තාත්ත කිව්වලු "පුතා , දෙවියන් වහන්සේත් මේ වගේමයි, වෙනම හෙව්ව්වට අත්දකින්න බෑ, මොකද එතුමන් ඉන්නේ අප අතරමයි" කියල.


පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello