ලොතරැයි දිනුම


මෙකනං ටිකක් ප්‍රසිද්ද කතාවක් , අහපු අයත් ඇති, අහල නැති අය වෙනුවෙන් තමා ලියන්නෙ.

එක පූජකයෙක් හිටියලු , තමුන්ගෙ ජීවිත කාලෙම බොහොම භක්තියෙන් දෙවියන්ට සේවය කරපු. ඉතින් දවසක් මේ මනුස්සය හිතුවලු දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කාලය හරි කියල.

ඉතින් ඔහු දෙවියන්න කන්නලව් කලාලු "දෙවියන් වහන්ස, මම අවුරුදු 30 ක් ඔබට සේවය කලා, මට ජීවිතයේ ඉතිරි කාලය විවේක සුවයෙන් ඉන්න මා හට ලොකු ලොතරැයි දිනුමක් ලැබෙන්නට සැලැස්සුව මැනව" කියල.

මේ ඉල්ලීම ඉශ්ට වෙයි කියල දැඩි චිශ්වාසයක් මොහුට තිබුනලු. ඔහු මේ ඉල්ලීම දිනපතාම දෙවියන්ට ඉදිරිපත් කලාලු. කාලය ගෙවිල අවුරුදු 3 ක් විතර  ගියාලු.

පූජකයත් දැන් බොහොම කලකිරීමෙන් ලු ඉන්නෙ. දවසක් ඔහු මේ ඉල්ලීම දෙවියන්ට කියමින් ඉද්දි , ජීවිතයේ ප්‍රථම වතාවට දෙවියන් වහන්සේ ඔහුට කතාකරාලු.

එතුමන් කිව්වලු " මෝඩයා .. ඉස්සෙල්ල ගිහිල්ල ලොතරැයියක් මිලට ගනිං " කියල.



ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි......







ඉස්කෝලෙ යන්න බෑ



මහලු පියා උදේ පාන්දර ඇවිල්ල තමුන්ගෙ පුතාව නින්දෙන් ඇහැරවනව ලු.

"පුතා .. අවදිවෙන්න, අවදිවෙන්න. "

ඇඳ උඩ වකුටු වෙලා ඉන්න පුතා කියනව ලු .. "මට අවදිවෙන්න ඕන නෑ තාත්තෙ.."

එතකොට තාත්ත කියනවලු, " අවදි වෙන්න , ඔබට ඉස්කෝලෙ යන්න තියෙනව."

පුතා කියනව ලු "මට ඉස්කෝලෙ යන්න උවමනාවක් නෑ.."

" ඒ මොකද ? " පියා හැහුවලු.

පුතා කියනවලු " එකක් තමා ඉස්කෝලෙ හරිම නීරසයි, අනික ඉන්න අනික් ළමයි ඔක්කොම මට විහිලු කරනව , ඊටත් වඩා මම ඉස්කෝලෙට වෛරකරනව" කිව්වලු.

එතකොට පියා කියනවලු " උඹ ඉස්කෝලෙට යන්න ඕන හේතු තුනක් මම කියන්නම්. එකක් තමා ඒක උඹේ රාජකාරිය. අනික් හේතුව තමා උඹට දැන් වයස අවුරුදු 45 ක් වීම, අවසාන හේතුව තමා උඹ තමා ඉස්කෝලෙ විදුහල්පති."



Therefore, stay awake, for you do not know on what day your Lord is coming. - Matthew 24:42





දුම්රියෙන් පැනීම


මුතුකුමාරි සීග්‍රගාමී දුම්රියට නැගපු තරුණයෙක් රියදුරාට කිව්වලු "මම බහින්නෙ කැළණියෙන් " කියල. රියදුරා කිව්වලු "බොහොම කනගාටුයි මල්ලි, අපි කැළණියෙ නවත්තන්නෙ නෑ .. හැබැයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන් "

තරුනය ඇහුවලු "ඒ මොකක්ද ?" කියල.

රියදුරා කිව්වලු "මම කැළණියෙදි දුම්රියේ වේගය අඩු කරන්නම්. ඔයා දුම්රියෙන් පනින්න. හැබැයි පැනල දුම්රිය යන පැත්තටම දුවන් යන්න ඕනෙ, නැත්නම් ඔයාව වැටෙන්න පුලුවන්" කියල.

තරුණය මේකට බොහොම කැමති වුනාලු.

පොරොන්දු පරිදිම කැළනියේදි දුම්රියේ වේගය බාල කලාලු, තරුණය දුම්රියෙන් පැනල ටික දුරක් දුම්රිය සමග සමාන්තරව ඉදිරියට දුවගෙන ගියාලු සමබරතාවය තියා ගන්න.

මේක දැකපු පිටිපස්සෙ පෙට්ටියෙ හිටපු මනුස්සයෙක් දුම්රිය සමග සමාන්තරව දුවමින් හිටපු තරුනයගෙ කරෙන් අල්ලල , දුම්රියේ දොරෙන් දුම්රිය ඇතුලට ඇදල ගත්ත ලු.


ඊටපස්සෙ ඒ මනුස්සය අර තරුණයට කිව්වලු " මල්ලි හරි වාසනාවන්තයි, වෙනදට මේ දුම්රිය කැළණියෙ නවත්වන්නෙ නෑ " කියල.