සොක්‍රටීස්ට කේලම් කීම

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුනු අසල්වැසියෙක් ඔහුට කිව්වලු " ඔබ දන්නවද මට ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. " , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරවුනාලු.

" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.

"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.

සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "

"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමනයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " හොක්‍රටීස් ඇසුවාලු.

"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්තාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ද වේද ? "

"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමනයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "