අපේ ආච්චී හෙවත් මම්මා


අපේ අම්මාගේ අම්මාට ඇයගේ දරුවන් හැර අන් සියල්ලන් අමතන්නේ " මම්මා " කියාය. හේතුව මම නොදනිමි. වයස 16 දී පමන විවාහ වුනු ඇය තරුණ වියේදීම වැන්ඳඹුවක් වනව්ට, තිදරු මවක් වූවාය.

එතැන් පටන් දරුවන් හදාවඩා ගැනීම, ඔවුන් විවාහ කරදීම වගකීමෙන් යුතුව ඉටුකල ඈ, අද රටේ බඩපිනුම් ගසනා ගොංපාට් දේසපාලුවන්ට වඩා , සැබෑ වීර චරිතයකි.

ඇය 8 වසර අසමත් ය. නමුත් ජීවන දැක්ම ඉතා පුලුල් ය.

දැඩිව ආගමට ලැදි චරිතයක් වුවද විවෘත චින්තනයක් ඈ සතුය, ගියවර වෙසක් වෙනුවෙන් අප අසල්වාසීන් ලබාදුන් දන්සැලට පූජාවේ දේශනාවේදී පල්ලියේ ෆාදර් පොඩි කින්ඩියක් දමා තිබුනේ , එය කතෝළිකයන්ට අකැප බව පවසමිනි. එයට ඇයගේ ප්‍රතිචාරය වූයේ " ෆාදත් ඕන එකටයි එපා එකටයි , හැම එකටම හොටදානව " කියාය.

මා මෙය ලියන්නෙ ගිය මාසයේ ඇයගේ 90 වන උපන්දිනය උත්සවාකාරයෙන් අප සැමරීම මුල්කරගෙනය. පහතින් ඇත්තේ ඡායාරූප කීපයකි.


මෙහිදී ඇය කතාවක් පැවැත්වීය. එය උපදේශකයෙකු ලියාදුන් එකක් නොව, හිතේ තිබූ අවංක අදහස් ය.

ඈ කීවේ " මට මේ මොකුත් ඕන නෑ. උඹල හැමෝම මේ ඉන්නව වගේ හැමදාම සමගියෙන් ඉඳපල්ලා.."
කී ඇය, අර ලී කෝටුවක් කැඩීමට සහෝදරයන්ට ලබාදී, පසුව කෝටු මිටියක් කැඩීමට ලබාදුන් කතාන්දරය කීවාය.






ඉතිං මම්මාට දීර්ගායූ වේවා.. !!!



ආබාධිත නරියා

දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.

ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන්
කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.

මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය වගේ වැටිල අසරනව උන්නොත් මටත් දෙවියන් වහන්සේ උදව් කරාවි " කියල. මෙහෙම හිතල මිනිහත් දැං ගල්තලාවක් උඩ වැටිල ඉන්නවලු, කන්නෙ බොන්නෙ නැතුව. කාලයක් ගතවුනාලු. මිනිහට කිසිම සහනයක් ලැබුනෙ නෑලු.

හාමතේ මරණාසන්නව හිටපු මිනිහට දවසක් දෙවියන්වහසේ කතා කරාලු. තතාකරල " ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි චරිතයයි, නරියාව නොව කොටියාව අනුකරනය කරන " කිව්වලු.


අපිත් මගතොටේ දකින දුක්විඳින මිනිස්සු දැක්කම හිතනව නේ "ඇයි දෙවියනි ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරන්නෙ නැත්තෙ " කියල.
එවිට දෙවියන් වහන්සේ පිලිතුරුදේවි " මම යමක් කලා, මම ඔබව මැව්වා .. "