ලැබුණු දේ ඇති ද ?

ඔබ ඔබගේ ජීවිතය ගැන අතෘප්තිමත්ව පසුවන විට , ඔබේ වන් ජීවිතයක් ලබන්නට සිහින දකින්නන් දහස් ගණනක් මෙලොව වාසය කරයි ...

ගොවිපලක දරුවෙකු ඉහලින් යන ගුවන්යානය දෙසබලා එහි ගමන් කිරීමට සුසුම්ලනවිට , ගුවන්යානයේ නියමුවා නිල්වන් ගොවිපල දෙස බලා තම පවුල සමග නිවසේ ගතකරන ජීවිතය සිහිකරමින් විකශෝප වෙයි...

එයයි ජීවිතය.. රසවිඳින්න....

ධනවත් වීම සතුටේ රහස නම්, සියලු ධනවතුන් පාරේ නට නටා විනෝද වෙවී, නමුත් එසේ කරන්නේ වීදි දරුවන් පමණි...

 බලය සතුවීම බලවතාගේ ආරක්ෂාව තහවුරු කරයිනම්, ඔවුන් ආරක්ෂකයින් නොමැතිව ගමන් බිමන් යා යුතුය. නමුන් සරලව ජීවත් වන්නන් බලවතුන්ට වඩා සුවදායී නින්දකට හිමිකම් කියයි.

ලස්සන හා ජනප්‍රියත්වය ශක්තිමත් සබඳතා ගොඩනගයි නම්, සියලු නළු-නිළියන් හොඳම පවුල් ජීවිත ගතකරන්නන් විය යුතුය..

සරලව ජිවත් වන්න, නිහතමානීව ප්‍රේමයෙන් සිටින්න. ත්‍යාගශීලි වන්න ..
ඔබගේ යහපත ඔබකරාම පැමිනෙනු ඇත.



පරිවර්තනයකි. උපුටාගැනීම : https://www.facebook.com/photo.php?fbid=10154118697432971&set=a.10150267670577971.326142.689502970&type=3

හඳහාමී ~ නන්දා මාලිනී

පියෙක් වී මාසයක් ගතව ඇත.
ඉතින් බොහෝ පියවරුන් මෙන් මමද මා ළමා කල ලද සොඳුරු දේ වලින් කුමක් මගේ දරුවාට ලබාදිය හැකිදැයි සිතන්නට විය.

නන්දාමාලිනිය ගායනාකල ළමා ගී ඇතුලත් එම ගීත එකතුව කෙසේ අමතක කරන්නද...
පැයකට ආසන්න කාලයක් ගූගල් දෙවියන් වන්දනාවෙන් පසුව මා සෙවූ ඒ අපූරු ගීත එකතුව මට හමුවිය.

1986 දී පටිගත කල හඳහාමී කැසට් පටය.

ඉතා මියුරු ගීත එකතුවක් වන මෙහිදී සෑම ගීයකටම කෙටි පූර්විකාවක් නන්දාමාලිනිය එක්කරයි.






ගීත එකතුව මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත කප්රුක සබැඳියෙන් ලබාගත හැක

http://www.kapruka.com/shops/musicStore/MP3_Sinhala_Preview.jsp?id=cd0000238&co=search&sc=4&artistName=dh&searchText=Nanda&so=


යූ ටියුබ් හි සවන්දීමට ද හැකියාව පවතී




නමුත් මට අවශ්‍ය වූ MP3 ගොනුවක් සොයාගත නොහැකි වූ නිසා යූ ටියුබ් එකෙන්  MP3 ලෙස උකහා ගැනීමට සිදුවිය.

එය මෙම ස්ථානයේ උඩුගත කලේ අවශ්‍ය අයෙකුට ලබාගැනීම සඳහා ය.




රාළහාමි

ඒක නෙමෙයි,
රාළහාමි යාලුවෙලා හිටියලු බං සාපිංගෙ පවුල එක්ක,
සාපිංගෙ පවුල සපිරිනා,
සැලෝලයිට් වලලු දෑත පුරා දමන්නා,
බොඩිය පෙනෙන තුනී හැට්ට අඳින්නා,
උකුල සලා සිනා සිසී,
එහෙ මෙහෙ කිසි-බිසි ගා යන්නා,
"නැත්තං ඕකිට කොයින්ද ඔය හැටි ආයිත්තං ?"
වෛවාරන්න වලලු මාල,
අරුංගල් කරාබු,
පේන්නෑ යන එනකොට,
එක එක මෝස්තරේ ඇඳුං ඇඳල,
ගස්ස ගස්ස පස්ස,
විළිලැජ්ජා නැතිකම බං,
මුදලි කමට වඩා ලොකුලු.
චික් විතරක්.
ඔය කිව්වට කොයි ගෑණිද කැමති නැත්තෙ රාළහාමිට,
වාත්තුකල නැහැය, දෙතොල.
නියම හොඳ කඩවසම් පුරුෂයා.

උපුටාගැනීම : "රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත" ~ මහගම සේකර.

http://www.mahagamasekera.org/




වාස්තු දෝශ සහ ප්‍රාථමික අධ්‍යාපනය

සිරිපාල සිත්තැවුලකින් පෙලෙනාබව ඔහුගේ මුහුන බලනා ඕනෑම අයෙකුට පැහැදිලිව දැකිය හැක. දුක විමසීමට ඉදිරිපත් වූයේ ජානක ය.

ජානක : මොකෝ බං අප්සට් එකෙන්.
සිරිපාල : කරන කිසි වැඩක් හරි යන්නෙ නෑ බං. ජීවිතේ කිසි දියුනුවක් නෑ. අපේ ගෙදර ලු ප්‍රශ්නෙ තියෙන්නෙ.

ජානක : මොකක් ද බං ඒ හරුපෙ.
සිරිපාල : ගෙදර වාස්තු ප්‍රශ්නයක් බං.

ජානක : කව්ද බං කිව්වෙ.
සිරිපාල : කොච්චර හම්බ කලත් ගෙදර සල්ලි රඳන්නෙ නෑ බං. ඒක නිසා වාස්තු බලන ඩයක් එකක් ගෙනල්ල පෙන්නුව. මිනිහ හරියටම කිව්ව නෙ තියෙන සල්ලි ප්‍රශ්න. ඒක හරිගස්සන්න නං සාලෙ මැද තියෙන කනුව අයින් කරන්න ඕන ලු. කනුව තමයි ලු අව්ල.
මිනිහ හරි හොඳයි. සල්ලි ගත්තෙවත් නෑ.

ජානක : ම්ම්.. දැන් මොකද කරන්න හිතං ඉන්නෙ.
සිරිපාල : ඒක තමා බං. හිතා ගන්න බෑ. ඒ කනුව අයින් කලොත් ගෙයි ශක්තියට කොහොම බලපායිද දන්නෙ නෑ. බැරිම උනොත් වෙන ගෙයක් කුලියට හරි අරගෙන යනව.

ජානක : ම්ම්.. කලබල වෙන්න ඕන නෑ. මම දන්න පොඩි පරීක්ශනයක් තියෙනව. ඉස්සෙල්ල ඒක කරල බලමු.
සිරිපාල : ඒ මොකක් ද ?

ජානක : මෙහෙමයි. මුලින්ම කොලයක් අරන් උඹේ සියලුම ආදායම් ලියපන්.
මාසෙ පඩිය , කඩ කුලියෙන් ලැබෙන සල්ලි , වත්තෙ පොල් කඩල එන සල්ලි , වයිෆ් ගෙ පඩිය වගේ.

ඊට පස්සෙ තව කොලේක සියලුම ප්‍රධාන වියදම් ටික ලියපන්.
කාර් එකෙ ලීස් එක, ණය වාරිකය , බිල් ගෙවන ඒව. ඊට පස්සෙ මාසයක් පුරාවට කරන සියලුම රුපියල් දාහට වැඩි වියදම් ටිකත් ලියපන් ඒ කොලේම.

දැන් ඔය කොල දෙකම ලඟට අරන් හොඳට බලපන් අර කිව්ව කනුව කැඩුවම ඔතනින් මොන ආදායම ද වැඩි වෙන්න්නෙ කියල. නැත්තං කනුව කැඩුවම මොකක් හරි අලුත් ආදායමක් මාසෙට එකතු වෙන්න පුලුවන් ද කියල හොයල බලපං.
ඒ විතරක් නෙමේ. කනුව කඩල අයින් කලාම මොකක් හරි වියදමක් අඩු වෙන්න පුලුවන්ද කියලත් හොඳට හොයල බලපං.
ඔය දෙකෙන් එකක් වෙනවනං මචන් කනුව කැඩුවම ඔය උඹ කියන " සල්ලි ගෙදර රඳන්නෙ නැති " ප්‍රශ්නෙ ඕකෙන් විසඳෙයි.
නැත්තං ඉතිං ඕකට විසඳුම ඔය උඹේ ආදායම වැඩි කර ගැනීම හරි වියදම අඩුකර ගැනීම හරි තමයි මට හිතෙන විදිහට.

සිරිපාල : හ්ම්ම්.. ඒ උනාට බං ඒ මනුස්සය කියන එකෙත් මොකක් හරි ඇත්තක් ඇති නෙ.... ?