ගබ්සාව නීතිගත කිරීම සහ කාන්තාවකගේ තෝරාගැනීමේ අයිතිය

පහල ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලල ඔයාලගෙ අදහස කොටාගෙන  යන්න 

https://www.facebook.com/reel/1479477773649617

නව ප්‍රස්ථා පිරුළු

 කිහිප වරක් එකම බොරුවට රැවටී , නැවත වාරයක් එම බොරුවටම රැවටීමට යන පුද්ගලයෙකු හෝ අවස්ථාවක් සඳහා භාවිත කල හැකි නව ප්‍රස්ථා පිරුළකි ~ 

කාඩිනල් උන්නාන්සෙ නාමල් රාජපක්ශ එක්ක පාස්කු ප්‍රහාරය ගැන සාකච්චා කලා වගේ.. 




බුත්තල නත්තල

 



ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන ඌවේ දෙසැම්බරේ..

සඳ එළියේ කුරගාමින් ඇදෙනා ජුසේගේ ට්‍රැක්ටරේ තිත්ත රසට උස ගිය මස් ගස් ඇති උක් දඬු වනන්තරේ නත්තල මැද්දේ බුත්තල ඉපදුණු ජේසුගේ කතන්දරේ.. කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා.. ගව මඩුවේ ඉපදුනත් රජ මැදුරේ ඉපදුනත් ගොයම් යායේ ඉලුක් ගාලේ වනන්තරේ ඉපදුනත් මේ ලෝකෙට ඉපදෙන්නේ දෙවියන්ගේ දේව පුතෙක් හැම මොහොතම නත්තලක් හැම දිවියම ගවලෙනක්

පව කුමක් මත රඳා පවතීද?

ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා."  කියා එකවර එම මැස්සාව ගිල දැමීය.

එසේ කර  "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය.

"ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?" කල්පනාකාරී වූ තරුණ  ගෙම්බා ඇසීය.


"එය රඳා පවතියි . . .” සෙන් ගෙම්බාට තම වාක්‍යය අවසන් කිරීමට නොහැකි විය.

පිටුපසින් පැමිනි සර්පයෙකු පැමින සෙන් ගෙම්බා එකවට ගිල දැමීය.

"කුමක් මත රඳා පවතීද?" තරුණ  ගෙම්බා කෑගැසා ඇසීය.

"ඔබ දේවල් දෙස බලන්නේ ඇතුළතින්ද පිටතින්ද යන්න මත රඳා පවතී" සර්පයාගේ අභ්‍යන්තරයෙන්  ප්‍රතිචාරයක් පැමිණියේය.

සතුටට අවශ්‍ය දේ

 ජපන් කියමනක් තියෙනව 

මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියල

ආදරේ කරන්න කෙනෙක් 

කරන්න වැඩක් 

හා 

බලාපොරොත්තු තියාගන්න දෙයක් 

ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ.