පව කුමක් මත රඳා පවතීද?

ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා."  කියා එකවර එම මැස්සාව ගිල දැමීය.

එසේ කර  "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය.

"ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?" කල්පනාකාරී වූ තරුණ  ගෙම්බා ඇසීය.


"එය රඳා පවතියි . . .” සෙන් ගෙම්බාට තම වාක්‍යය අවසන් කිරීමට නොහැකි විය.

පිටුපසින් පැමිනි සර්පයෙකු පැමින සෙන් ගෙම්බා එකවට ගිල දැමීය.

"කුමක් මත රඳා පවතීද?" තරුණ  ගෙම්බා කෑගැසා ඇසීය.

"ඔබ දේවල් දෙස බලන්නේ ඇතුළතින්ද පිටතින්ද යන්න මත රඳා පවතී" සර්පයාගේ අභ්‍යන්තරයෙන්  ප්‍රතිචාරයක් පැමිණියේය.

සතුටට අවශ්‍ය දේ

 ජපන් කියමනක් තියෙනව 

මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියල

ආදරේ කරන්න කෙනෙක් 

කරන්න වැඩක් 

හා 

බලාපොරොත්තු තියාගන්න දෙයක් 

ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ.

කන්දක් නැග්ගේ ඇයි ??

 



මිතුරා 1 )  

" මම ගැන කිසි විශ්වාසයක් තිබ්බෙ නැති හැමෝටම මම කවද හරි සාර්තක මිනිහෙක් වෙලා පෙන්නනව මම කොච්චර වැඩකාරයෙක් ද කියල "


මිතුරා 2 ) 

"උඹ උන් ගැන කිසිවක් සිතන්නටවත් අවශ්‍ය නෑ , ගනන් ගන්නවත් එපා "


මිතුරා 1 )

" ඇයි......? " 


මිතුරා 2 ) 

" උඹ කන්දකට නගින්න ඕන ලෝකෙට උඹව පේන්න නෙමේ , උඹට ලෝකය දකින්න ... "

ජේසුස් ගහපු සෙල්ෆි එක

 






ජේසුස් වහන්සේ සෙල්ෆියක් ගන්නා මෙම රූපය, එය ප්‍රථමයෙන් පිටතට පැමිණි විට තරමක්  කැළඹීමක් ඇති කළ නමුත්, මෙම සරණාගතයා සහ කැරලිකාරයා ගැන මා ඉගෙන ගත් දෙය නම්, ජේසුස් වහන්සේ සැබවින්ම විප්ලවකාරී චරිතයක් බවයි. 

ඔහු සම්පූර්ණයෙන්ම නිදහස්, විනෝදජනක, ආදරණීය සහ උමතු ත්‍යාගශීලී සහ කරුණාවන්ත විය. 

උන් වහන්සේ කොහේ ගියත් දුප්පතුන්ට සහ රෝගීන්ට සුවය ලබා දුන් සේක. ඒ වගේම ඔහු නිතරම ගැවසුණේ සමාජයෙන් කොන්කල අය සමඟයි. 
ඔහු තබාගෙන සිටි සමාගම ගැන ඔහු ආගමික ප්‍රභූන්ට පැවසූ මෙම වචනවලට මම කැමතියි: 
“පසුව යේසුස් මැතිව්ගේ නිවසේ ඔහුගේ සමීප අනුගාමිකයන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහය කන විට, අපකීර්තිමත් චරිත රාශියක් පැමිණ ඔවුන් සමඟ එකතු විය.  

ඔහු මේ ආකාරයේ ඇසුරක් පවත්වනු දුටු පරිසිවරු යේසුස්ගේ අනුගාමිකයන්යන් හා උරණ වූ අතර . "වංචනිකයින් සහ රස්තියාදුකාරයන් සමඟ සුහදව කටයුතු කරන ඔබේ ගුරුවරයාගෙන් මෙය මොන වගේ ආදර්ශයක්ද?" ඇසීය. 

ජේසුස් වහන්සේ අසාගෙන ආපසු පැවසූයේ, “වෛද්‍යවරයකු අවශ්‍ය කාටද: නිරෝගී අයටද, ලෙඩුන්ටද? මෙම ශුද්ධ ලියවිල්ලේ තේරුම කුමක්දැයි සොයා බලන්න: 
'මම දහම නොව දයාව පසුපස හඹා යමි.'

පැවසීය.


මතෙව් 9:10-13 | MSG

(පරිවර්තනයකි)