පව කුමක් මත රඳා පවතීද?

ප්‍රඥාවන්ත සෙන් ගෙම්බෙක් තරුණ ගෙම්බෙකුට ස්වභාවධර්මයේ සමතුලිතතාවය පැහැදිලි කරමින්, “ඔයාට පේනවද ඒ මැස්සා මදුරුවෙක් කන හැටි?" .. "දැන් මම ඒ මැස්සව කනවා."  කියා එකවර එම මැස්සාව ගිල දැමීය.

එසේ කර  "ඒ සියල්ල සොබාදම් සැලැස්මේ කොටසකි. ” කියා ප්‍රඥාවන්ත සෙන් ගෙම්බා පැවසීය.

"ජීවත් වෙන්න මරන එක නරක නැද්ද?" කල්පනාකාරී වූ තරුණ  ගෙම්බා ඇසීය.


"එය රඳා පවතියි . . .” සෙන් ගෙම්බාට තම වාක්‍යය අවසන් කිරීමට නොහැකි විය.

පිටුපසින් පැමිනි සර්පයෙකු පැමින සෙන් ගෙම්බා එකවට ගිල දැමීය.

"කුමක් මත රඳා පවතීද?" තරුණ  ගෙම්බා කෑගැසා ඇසීය.

"ඔබ දේවල් දෙස බලන්නේ ඇතුළතින්ද පිටතින්ද යන්න මත රඳා පවතී" සර්පයාගේ අභ්‍යන්තරයෙන්  ප්‍රතිචාරයක් පැමිණියේය.

සතුටට අවශ්‍ය දේ

 ජපන් කියමනක් තියෙනව 

මිනිසෙකුට සතුටුවීමට දේවල් තුනක් අවශ්‍යයි කියල

ආදරේ කරන්න කෙනෙක් 

කරන්න වැඩක් 

හා 

බලාපොරොත්තු තියාගන්න දෙයක් 

ඔය තුන තියෙන මිනිහෙක් සතුටින් ඉන්නව කියලයි කියවෙන්නෙ.