ගෘහනිර්මාණ ලක්ෂන අනුව 4 වන සියවසට හෝ පෙර කාළයට අයත් යැයි සැක කරන මෙම දේවස්ථානය දැනට හමුව ඇති ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානය යැයි මතයක් පවතී. 1980 ගනන් වලදී අහම්බෙන් සොයාගන්නා ලද්දකි. සෞදිඅරාබියේ ජුබාලි (Jubali) නම් නගරයේ පිහිටා ඇත. | |
සොයාගන්නා අවස්ථාවේ ගල් කුරුස 4 ක් තිබූ බව පැවසුනද, ටික කලකින් ඒවා අතුරුදන්ව ඇත. මෙහි තවමත් නිසි ගවේශනයක් සිදුව නොමැත. ඒ සෞදිඅරාබියේ රජය අනුගමනය කරන දැඩි ආගමික ප්‍රතිපත්ති හේතුවෙන්, කිසිඳු ගවේශකයෙකුට ඇතුල්විය නොහැකි රක්ශිතයක් බවට මෙම ප්‍රදේශය පත්කර ඇති නිසාය. හමුවූ මුල්කාලයේදී පිටවූ ඡායාරූප කීපයක් පමනක් අද ලෝකයට ඉතිරිව ඇත. | |
Wikipedia Link මම උස්සපු තැන |
ලොව පැරණිතම ක්‍රිස්තියානි දේවස්ථානයක්
කරවුන රොටී
තවත් එක දවසක, රාත්‍රී ආහාරයයට කට්ටිය සූදානම් වුනාලු. කන්න තියෙන්නෙ පොල් රොටියි ලුණුමිරිසුයි. අම්ම රොටි ටික ගෙනල්ල මේසෙට තිබ්බලු. ම්ම්.. රොටි ටික ටිකක් වැඩිපුර කරවෙලාලු. කනකොට පොඩ්ඩක් තිත්තයිලු. | |
තාත්ත කිසි හැලහොල්මානක් නැතුව රොටිය කෑවලු. තාත්ත මොකුත් නොකිව්ව නිසා ළමයි දෙන්නත් අදහස් දැක්වීමෙන් වැලකී සිටියලු. රෑ පොඩි දුවට ඇහුනලු අම්මයි තාත්තයි කතාකරනව. අම්ම කනගාටුව ප්‍රකාශකරන ස්වරයෙන් කිව්වලු " අද රොටි ටිකල් වැඩිපුර කරවෙලා තිබ්බ නේ ? " තාත්ත උත්තර දුන්නලු " කමක්නෑ.. කරවෙච්ච රොටි වලට මම කැමතියි. " කියල. පහුවදා උදේ ඉස්කෝලෙට යනගමන් දුව තාත්තගෙන් ඇහුවලු, " තාත්තෙ , ඇත්තටම කරවෙච්ච රොටි කන්න තාත්ත ආසයිද ? " කියල. තාත්ත හිනාවෙලා කිව්වලු " ඔයාලගෙ අම්ම දවසම ගෙදර වැඩ මහන්සිවෙලා කරල තමා රෑ කෑම හදන්නෙ, අනික දවසක් කරවෙච්ච රොටියක් කෑව කියල කාටවත් හානියක් නෑ ..." කියල. | |
ඊ ලිපියක දැක්ක කතාවකි | |
http://sinhala-catholic.blogspot.com |
දුරාචාර ස්ත්‍රීයගේ මායම්
අද සමාජයේ සුලබ දෙයක් දුරාචාරය. මේක කරන බොහෝ දෙනා ඒගැන කතා කරන්නෙ තමුන් කරන්නේ වීරක්‍රියාවක් කියන හැඟීමෙන්. ඒ කතා අහන අනික් අය ඒ වගේ වීරක්‍රියාවකට තමුන්ට අවස්තාවක් නොලැබීම ගැන පසුතැවෙනව. තව කොටසක් අවස්තාවක් හොයනව. පහතින් තියෙන්නෙ මේ විශය ගැන ශු.බයිබලේ හිතෝපදේශ කියන පොතේ සඳහන් කොටසක්. ආරම්භයේ මවාපාන සුන්දර රසයත්,නොදැනීම වරදට අසුවන ආකාරයත්, අවසානයේ අත්වන ඛේදනීය ඉරනමත් අපූරුවට විස්තර කරල තියෙනව. |
දුරාචාර ස්ත්‍රීයගේ මායම් |
එක දිනක් මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි. එවිට අනුවනයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි. ඔහු අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේදී , මැදියන් රෑ කළුවරෙහිදී ඇගේ ගේ අද්දර පසුකොට, ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කලේය. එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර ඇඳ, රැවටිලිකාර ස්ත්‍රීයක මෙන් ඔහුට මුණගැසුනාය. ඈ අඟර දඟර කරන චපල ස්ත්‍රීයකි. ඈ කොයිවෙලාවෙත් ගෙදර නැත. විටෙක ඈ වීදි වලද, විටෙක වෙළඳපොලේද, සෑම මංසංදියකද සෝදිසියෙන් බලා සිටියි. මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විලිලැජ්ජා නැතිව, ඔහුට මෙසේ කීවාය. " මම අද මාගේ පුද පූජා පැවැත්වුවෙමි. බාරහාර ඉෂ්ට කළෙමි. ඔබ හමුවන පිනිස ආශාවෙන් ඔබ සොයා ආවේ ඒ නිසාය.දැන් ඉතින් ඔබ මට හමුවිය. මිසරයේ පාට පාට නූල්වලින් කල විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත. සුවඳ ලාටු වලින්ද, අගිල් වලින්ද, කුරුඳු වලින්ද, මාගේ යහනට සුවඳ කැවූයෙමි. එන්න , උදය වනතුරු පෙම් බඳුනෙන් බොමු. ආදරයෙන් මත්වෙමු. අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු දුර ඈත ගමනක් ගොස් ඇත. ඔහු බොහෝ මුදල් රැගෙන ගියේය. මහ පෝය වනතුරු ඔහු ගෙදර එන්නේ නැත. " ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගනී. එකෙනෙහිම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන්ද, මළපුඩුවට දුවන මුවකු මෙන්ද, උගුලට වහා පියඹා යන පක්ෂියෙකු මෙන්ද, ඇය කැටුව ගියේය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යනතුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේය. එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න. මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න. ඈගේ මාවත්වල යාමට ඔබගේ සිත නොපෙළඹේවා! ඇගේ මාර්ගවල මංමුලා නොවන. බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත්වූහ. ඈ නිසා විපතට පත්වූහ. ඈ නිසා විපතට පත්වූ ගණන් විශාලය. ඇගේ නිවස පාතාලයට යන මඟය. මරුවාගේ මැදිරිවලට බැසයන මාවතය. හිතෝපදේශ (7:6-27) |
Subscribe to:
Posts (Atom)