දවසක් තාත්ත කෙනෙක් තමුන්ගෙ පුතාට කතා කරල ලුනු කැට ටිකක් දීල කිව්වලු "මේ ලුනු ටික ගිහිල්ල භාජනේකට දාල දිය කරන්න. " කියල.

ඉතින් පුතා එහෙම කරාලු.
පහුවදා තාත්ත කතාකරල කිව්වලු " පුතේ , අර ඊයෙ දීපු ලුනු ටික අරන් එන්න" කියල.
පුතා කිව්වලු "ඒ ලුනු හොයන්න නෑනෙ. ඔක්කොමටික වතුරෙ දියවෙලා " කියල.
එතකොට තාත්ත කිව්වලු " හොඳයි, එහෙනන් ඒ භාජනේ එක අයිනකින් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.
තාත්ත ආයෙ කිව්වලු " හොඳයි, එහෙනන් භාජනේ මැද හරියෙන් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.
තාත්ත කිව්වලු "පුතා , දෙවියන් වහන්සේත් මේ වගේමයි, වෙනම හෙව්ව්වට අත්දකින්න බෑ, මොකද එතුමන් ඉන්නේ අප අතරමයි" කියල.
පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello