වියත් වදන්


මුහුන වෙනස් කිරීමෙන් කිසිවක් සිදු නොවේ ... නමුත් වෙනසට මුහුන දීමෙන් බොහෝදේ වෙනස් කල හැක.


ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..


යතුරක් නොමැතිව කිසිවෙකු අගුලක් නොසාදයි. . එමෙන්ම පිලිතුරු නොමැති ප්‍රශ්නද නොමැත..



ප්‍රශ්නය විසඳිය හැකිනම් ඒ ගැන නොතැවෙන්න.. ප්‍රශ්නය විසඳිය නොහැකිනම් තැවීමෙන් ඇති ඵලය කුමක්ද ?




මාර්ගයට පාවඩ එලීමට වඩා.. ඔබ පාවහන් පැළඳීම පහසුය.

ජීවිතය තෑග්ගක්..

අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර .. කතාකිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර .. කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන..
ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර .. සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න..
අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර .. ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න..
ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර .. එම දුරම පයින් ගමන්කරන්නෙකු ගැන සිතන්න..


ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර .. රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපූරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..

 පීඩාකාරී සිතුවිලි ඔබ ඇදදමන විට ... මුවගට සිනහවක් ගන්න. සිතන්න ඔබ තවමත් ජීවත් වන බව...





මෙම අදහස් මට " bsundaran@yahoo.com" වෙතින් ලැබුනු ඊමේල් එකක තිබූනි.

තෙරේසා මව්තුමිය


තෙරේසා මව්තුමිය මෑත ඉතිහාසයේ මම දැකපු සුවිශේෂ චරිතයක්. බොහෝ දෙනාගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්‍රියාවෙන් සිදුකලා..

ඉතින් මම අද කියන්න යන්නෙ ඇයගේ ජීවිතේ වුන පොඩි සිදුවීමක්..
තෙරේසා මව්තුමිය මෑත කාලයේ ජනප්‍රිය චරිතයක් වෙලා අන් අයගෙන් ලොකු සහයූගයක් ලැබුනට .. සේවයේ ආරම්හය ගොඩක් කටුකයි.
දවසක් තෙරේසා මව්තුමිය ගියාලු ඇයගෙ අනාථ ළමා නිවාසයී ළමයින්ට කෑම එකතු කරන්න.
පාන් කඩයක් ලඟට කිහිල්ල ඒකෙ අයිති කාරයගෙන් ඉල්ලුවලු අනාථ නිවාසෙ ළමයින්ට කෑමට මොනාහරි දෙන්න කියල අත දික්කරාලු .. කඩේ හිටපු මනුස්සයට මේකට හොඳටම කේන්ති ගිහින් , එතුමියගේ අතට කෙළ ගහල.

තෙරේසා මව්තුමිය බොහොම සන්සුන්ව තමුන්ගෙ ලේන්සුව අරන් අත පිහදාල , ආයෙ අත දික්කරල කිව්වලු

" හරි.. ඒක මට.. දැන් මගෙ දුප්පත් ළමයින්ට කන්න මොනාහරි දෙන්න " කියල.

මේ සිද්දියෙන් අර මනුස්සය ගොඩක් කම්පාවෙලා, දිගටම අනාථ නිවාසයට කෑම සැපයීම කලාලු.
අපිත් යහපත් දෙයක් කරන්න ඉදිරිපත් උනත්.. සමාජයෙන් වෙන පීඩන, අපහාස නිසා ඒ දේ නොකර ඉන්න වාර ගොඩක් තියෙනව නේද ?

එදා තෙරේසා මව්තුමියත් එහෙම කලානන් .. දස දහස් ගනනක් අසරණයින්ට රැකවරණය නොලැබී යන්න තිබුන..

"No matter who say what, you should accept it with a smile and do your own work." ~ Mother Teresa 

ඉරිද දිව්‍යපූජාවෙ දේශනාව

ඉරිද පල්ලි ගියෙ මීගමුවෙ බෝලවලාන මීසමේ පූජාවට. මේ පල්ලියෙ ෆාදර් මම ගොඩක් කැමති, දක්ෂ ධර්ම දේශකයෙක්. මේක ඔක්තෝම්බර් 31 ඉරිද පූජාවෙ දේශනාව..


කිසිම සංස්කරනයක් කරල නෑ.


එදා දේව වචනයෙ කියවීමට තිබ්බෙ සකේවුස් ගෙ කතාව ඇතුලත් කොටස.ඒක හැමෝම දන්නව ඇතිනෙ. පටිගත කිරීමෙ මුල් කොටසෙ ඒ කියවීමත් තියෙනව. දේශනාව මුලදිම ෆාදර් පල්ලියෙ සමිතියක් ගැන විනාඩියක් විතර කියනව..


මෙතනින් දේශනාව බාගෙන අහන්න.

මේ දේශනාව ඔයාලගෙ ජීවිතේටත් වැදගත් වෙයි කියල හිතනව..

හැමෝටම ජේසු පිහිටයි !!

බීම , බේබද්දා සහ බයිබලය ..

මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්‍රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක.
අනේ මම කියන්නෑ ක්‍රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව ..




පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය ජාති.. ආගම් බේද වලින් තොරව හොඳට බොනව.
දවසක් මගෙ හොඳම යාලුවෙක් (අමු බේබද්ද ) හොඳට බීල හිටපු වෙලාවක මගෙ ලඟට ඇවිත් කිව්ව " මචන්.. ඇයි උඹ කතෝලික වෙලත් බොන්නෙ නැත්තෙ..? මම උඹේ ආගමේ උනානන් බොනව බීමාක්....... "

ඇත්තටම මත්පැන් ගැන බයිබලේ මොනාද කියල තියෙන්නෙ ?
බොන්න කියලද ? එපා කියලද ?
එදා කිතුනු ආගම ඇති උන සමාජයේ වයින් කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක් .. හරියට අපිට තේ වගේ.. මිදි ප්‍රධාන වගාවක් උනා .. වයින් හදන එක ප්‍රදාන කර්මාන්තයක් ..


ඉතින් එහෙම සමාජ පසුබිමක " වයින් ටිකක්වත් කටේ තියන්න එපා " වගේ සම්මතයක් බලාපොරොත්තු වෙන්න බෑ..

ඉතින් එහෙම එකක් මමනන් බයිබලේ දැකල නෑ..( කරුණාකරල දැකපු කෙනෙක් ඉන්නවනන් පෙන්නල දෙන්න )

හැබැයි වයින් ටිකක් බීම හා බේබද්දෙකු වීම අතර වෙනස හා දුර්විපාක නන් බයිබලේ කීප තැනකම සඳහන් වෙනව..

පහත මම උපුටා දක්වල තියෙන්නෙ බේබදුකම ගැන ඒ වගේ බයිබලේ තියෙන කොටසක් .. මේක ලියල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට .... හරියට ඔලුව අතගාල ටොක්කක් අයිනව වගේ..
හැබැයි හොඳ අවදානයෙන් කියෙවොත් තේරෙයි බේබදු කමේ නිෂ්පලකම ගැන අපූරුවට මේ කොටසින් විස්තර වෙනව කියල..


මේ කොටස උපුටා ගත්තෙ බයිබලේ හිතෝපදේශ කියන පොතෙන් .

බීමත්කමේ දුර්විපාක

දුක කාටද ?
කාලකණ්ණිකම කාටද ?
අඬදබර කාටද ?
මැසිවිලි කාටද ?
නිකරුණේ තුවාල කාටද ?
රතු ඇස් කාටද ?
බීම බෝතලය ලඟ පමා වන මිනිසාට ය.

තව තවත් බොන්න යන මිනිසාට ය.
මද්‍යසාර රතට රතේ දිලිසෙන විට,
වීදුරුව පෙන දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.
අන්තිමේදී එය,
නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දශ්ට කරයි.
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ
මුහුද මැද ඒ මේ අත පෙරළෙන
කෙනෙකු මෙන්ද,
කුඹගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ද වෙනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත;
" ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුනේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුනේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද ?
එවිට මම තව උගුරක් බොමි. "


හිතෝපදේශ 18 : 29-35


ඉතින් ඔයත් බේබද්දෙක්ද ?

ශුද්ධ බයිබලය ගැන ...


බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.

පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )
ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .

බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.

ද්වීතිය නීති සංග්‍රහය වගේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් මැදපෙරදිග නීතිය.. ව්‍යවස්තාව .. ( දන්නවනෙ ඉතින් මැදපෙරදිග නීතිය ගැන )

ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් ..
තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල..
ජේසුගෙ ජීවිත කතාව ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල


රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්‍රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ .
අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.



ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව

ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.

දැන් ඔයාලට ලාවට වගේ තේරෙනව ඇතිනෙ එක වාක්‍යක් හරි කොටසක් හරි ඉස්මතු කරල කියවල .. බයිබලේ ගැන හොඳ නරක විවේචන එල්ල කරන එක එච්චර සාදාරන නෑ කියල ..

( මමත් මේ පණ්ඩිත කමට බයිබලේ ගැන ලියන්න ගත්තට මමත් දන්නෙ ඒ ගැන බොහොම ටිකයි .. ලියන ඒවල වැරදි තියෙන්නත් පුලුවන්.. එහෙම දැක්කොත් කරුණාකරල පෙන්නන්න.. )

කතන්දරයක්

මේක ඉරිද පූජාවෙදි ෆාදර් කියපු කතාවක්...
එදා තිබෙ පාපොච්චාරනය ගැන දේශනාවක්..
___________________________________________________________

එක පව්ලක හිටියලු අක්කයි මල්ලියි











දෙන්න ආච්චිලෑ ගෙදර ගියාලු නිවාඩුවට. ආච්චිගෙ ගෙදර ඉද්දි ආච්චි දෙන්නට වැඩ පවරලලු තියෙන්නෙ. උදේට එක්කෙනෙක් ගේ අතුගානව , දවල්ට පිඟන් හෝදන්නෙ තව කෙනෙක් ... ඔයවගේ

මල්ලි දවසක් දුන්නක් හදාගෙන සෙල්ලන් කරන්න ගියාලු.. ගහක තිබ්බ අඹ ගෙඩි වලට විදින්න කොච්චර උත්සහ කරත් එකක්වත් හරි ගියෙ නෑලු..
ඉතින් කොල්ල කළකිරීමෙන් ආපහු එද්දි දැක්කලු ආච්චිගෙ කුකුළ ඉන්නව .. කොලුව නිකමට වගේ කුකුළට දුන්නෙන් විද්දලු ... කුකුළ එතනම මළාලු ..
මේක කාටවත් ම නොකිය කොලුව මොකුත් නොදන්න ගානට ගෙදරට වෙලා හිටියලු ....
හවස අක්ක ඇවිත් මල්ලිට කිව්වලු " මල්ලි .. දවල්ට කාපු පිඟන් හෝදන්න  " අක්ක අක්කගෙ වැඩක් මල්ලිට කිව්වලු ..
මල්ලි " මට බෑ .. ඒක ඔයාගෙ වැඩක් නෙ .. "
අක්ක " ආච්චිට කියනවා .... "
අක්ක සිද්දිය දැකල ..
දැන් අක්ක හැමදාම මල්ලිට වැඩ කියනවලු .. මල්ලි බෑ කිව්වොත්
" ආච්චිට කියනවා .... "
ටික දවසක් යද්දි මල්ලි අක්කගෙ වහලෙක් වගේ උනාලු ..
මල්ලිට මේක එපා වෙලා තීරණය කලාලු ආච්චිට ඇත්තම කියන්න ...
මල්ලි ආච්චිව හම්බෙන්න ගියාලු ..
මල්ලි "ආච්චි.. මම දවසක් දුන්නෙන් සෙල්ලන් කර කර හිටිය"
ආච්චි " ඉතින් "
මල්ලි "එතනින් ආච්චිකෙ කුකුල ගියා"
ආච්චි " ඉතින් "
මල්ලි "මම කුකුලට දුන්නෙන් විද්ද"
ආච්චි " ඉතින් "
මල්ලි " කුකුල මැරුන"
ආච්චි " ඉතින් "


සැලෙන හදින් මා තනියම ..

මේක මම ගොඩාක් කැමතිම ගීතිකාවක්. කට්ටිය එක්ක බෙදාගන්න හිතුව.

“ සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද ..
පා නඟන්න බැහැ තනියම ඝන අඳුරක් මැද..
රෑ අඳුරේ .. මා තනි වී ...
පාලු බිමක් මැද ..
මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ.. “





ආටිස්ට්ගෙ නම තිබ්බෙ "Sachithra Suhandeni" කියල.


මෙතනින් MP3 එක බාගන්න




ඔයාලටත් මේ ගීතිකාව ශක්තියක් වෙයි කියල හිතනව.

ජේසු පිහිටයි !