මෙකනං ටිකක් ප්රසිද්ද කතාවක් , අහපු අයත් ඇති, අහල නැති අය වෙනුවෙන් තමා ලියන්නෙ.
එක පූජකයෙක් හිටියලු , තමුන්ගෙ ජීවිත කාලෙම බොහොම භක්තියෙන් දෙවියන්ට සේවය කරපු. ඉතින් දවසක් මේ මනුස්සය හිතුවලු දැන් විශ්රාම සුවයෙන් ඉන්න කාලය හරි කියල.
ඉතින් ඔහු දෙවියන්න කන්නලව් කලාලු "දෙවියන් වහන්ස, මම අවුරුදු 30 ක් ඔබට සේවය කලා, මට ජීවිතයේ ඉතිරි කාලය විවේක සුවයෙන් ඉන්න මා හට ලොකු ලොතරැයි දිනුමක් ලැබෙන්නට සැලැස්සුව මැනව" කියල.මේ ඉල්ලීම ඉශ්ට වෙයි කියල දැඩි චිශ්වාසයක් මොහුට තිබුනලු. ඔහු මේ ඉල්ලීම දිනපතාම දෙවියන්ට ඉදිරිපත් කලාලු. කාලය ගෙවිල අවුරුදු 3 ක් විතර ගියාලු.
පූජකයත් දැන් බොහොම කලකිරීමෙන් ලු ඉන්නෙ. දවසක් ඔහු මේ ඉල්ලීම දෙවියන්ට කියමින් ඉද්දි , ජීවිතයේ ප්රථම වතාවට දෙවියන් වහන්සේ ඔහුට කතාකරාලු.
එතුමන් කිව්වලු " මෝඩයා .. ඉස්සෙල්ල ගිහිල්ල ලොතරැයියක් මිලට ගනිං " කියල.
ක්රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි......