නව ප්‍රස්ථා පිරුළු

 කිහිප වරක් එකම බොරුවට රැවටී , නැවත වාරයක් එම බොරුවටම රැවටීමට යන පුද්ගලයෙකු හෝ අවස්ථාවක් සඳහා භාවිත කල හැකි නව ප්‍රස්ථා පිරුළකි ~ 

කාඩිනල් උන්නාන්සෙ නාමල් රාජපක්ශ එක්ක පාස්කු ප්‍රහාරය ගැන සාකච්චා කලා වගේ.. 




බුත්තල නත්තල

 



ගිනිකොන දිග ගිනි හුළඟ හමා එන ඌවේ දෙසැම්බරේ..

සඳ එළියේ කුරගාමින් ඇදෙනා ජුසේගේ ට්‍රැක්ටරේ තිත්ත රසට උස ගිය මස් ගස් ඇති උක් දඬු වනන්තරේ නත්තල මැද්දේ බුත්තල ඉපදුණු ජේසුගේ කතන්දරේ.. කට පුංචාගෙන් ඉඳහිට වෙඩි හඬ ඇහුණා එඬේරු නැති ගොම්බානක ගෙජ්ජි බැඳලා තිබුණා තරු නම් හිස් අහසේ ඔනේ තරම් දිලුණා බිළිඳු හඬට මුලු වෙල්ලසම නිවුණා.. ගව මඩුවේ ඉපදුනත් රජ මැදුරේ ඉපදුනත් ගොයම් යායේ ඉලුක් ගාලේ වනන්තරේ ඉපදුනත් මේ ලෝකෙට ඉපදෙන්නේ දෙවියන්ගේ දේව පුතෙක් හැම මොහොතම නත්තලක් හැම දිවියම ගවලෙනක්