ලෝකයෙන් වසන් කලත්..

එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.


දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ"   කියල.

එතකොට ගල් වඩුව උත්තර දුන්නලු "  ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.

මහත්මා ගාන්ධි සහ සීනි

මේක ඇත්ත කතාවක් කියල තමා කියන්නෙ..
දවසක් ගෑනුකෙනෙක් තමුන්ගෙ පුතා එක්ක  ආවලු මහත්මා ගාන්ධි ව හම්බෙන්න. මේ ගෑනුකෙනාට ඕන උනේ තමුන්ගෙ පුතා හැමතිස්සෙම සීනි කන එක නවත්තගන්න ගාන්ධි තුමා ලව්ව අවවාද කරව ගන්නලු.
ගාන්ධි තුමා කිව්වලු තව දවස් තුනකින් ඇවිත් තමුන්ව හම්බවෙන්න කියල.

ඉතින් ගෑනු කෙනත් ගිහිල්ල දවස් තුනකින් ආයෙ ආවලු.
ගාන්ධි තුමා පොඩි එකා ගාවට පහත්වෙලා ඇස්දෙක දිහා බලල කිව්වලු "පුතා අද ඉඳල අම්ම කියන දේ අහල සීනි කන එක නතර කරන්න.." කියල. පොඩි එකා පොරොන්දු වුනාලු සීනිකන එක නවත්තනව කියල.

ගෑනුකෙනා ටිකක් අප්සට් එකේ ඇහුවලු "ඇයි ඔබතුමා ඕක අපි මුලින්ම ආපුවෙලේ කිව්වෙ නැත්තෙ ?" කියල.

ගාන්ධි තුමා කිව්වලු " දවස් තුනකට කලින් මම සීනි කන එක නවත්තල තිබුනෙ නෑ.. " කියල


"Hypocrite! First get rid of the log in your own eye; then you will see well enough to deal with the speck in your friend's eye." - Jesus ( Matthew 7:5)



කොයි ආගමද හොඳ ?




ඔන්න දවසක් තේ කඩේක ආගම් දෙකක මිනිස්සු දෙන්නෙක් වාදයක් කරනවලු. තමුන්ගෙ ආගම තමයි හොඳම කියල ඔප්පු කරන්න.
ඕක බලන් හිටපු ගොවියෙක්.. මිනිහ අර දෙන්නට ලඟ තිබ්බ වී මෝලක් පෙන්නල කිව්වලු.. “ ඔය වී මෝලට එන්න පාරවල් දෙකක් තියෙනව .මම පහුගිය අවුරුදු දාහතරක් තිස්සෙම වී අරන් ඔතන්ට එනව.
වී මෝලෙ අයිතිකාරය කවදාවත් මගෙන් අහල නෑ මම ආවෙ මොන පාරෙන්ද කියල. මිනිහ මගෙන් හැමදාම අහන්නෙ මම ගෙනාපු වී හොඳයි ද ? නරකයි ද ? කියල විතරයි."


උපුටාගැනීම මේතනින්

ඌරගෙයි එලදෙනගෙයි වෙනස (පොඩි කතන්දරයක්)

දවසක් ඌරෙක් එලදෙනක් ගාවට ඇවිත් කිව්වලු " හැමෝම උඹගේ හොඳ කියනව.. හැමෝම උඹට ආදරෙයි.. උඹ ඒ අයට කිරි දෙනව තමයි.. ඒත් මම ඊට වඩා ලොකු දෙයක් දෙනව . මගෙ මස් මම දෙනව, මගෙ ජීවිතේ නැති කරගෙන.. ඒත් කව්රුවත් මට කැමති නෑ.. ඒ ඇයි ?"

එලදෙන ටිකක් කල්පනා කරල කිව්වලු "සමහර විට ඒ .. මම ඒ දේවල් දෙන්න මම ජීවත්වෙලා ඉන්න අතරම නිසා වෙන්න ඇති" කියල.

උපුටාගැනීම මේතනින්

මහල්ලා සහ දූරියං ගස (පොඩි කතන්දරයක්)

ඔන්න දවසක් වයස අවුරුදු 80 ක විතර අංකල් කෙනෙක් වත්තෙ දූරියං ගහක් හිටෝනවලු.

මේක දැකපු අල්ලපු ගෙදර මනුස්සය ඇහුවලු " දැං අංකල් ඔය ගහෙන් ගෙඩි කන්න හිතන්ද ඕක හිටවන්නෙ" කියල. (මොකද දුරියං ගහක ගෙඩි එන අවුරුදු 10 - 12 ක් යනව)



අංකල් පොඩි හිනාවක් දාල කිව්වලු "මම මෙච්චර කල් කෑව දුරියං වල එක ගහක්වත් මම හිටෝපුව නෙමෙයි “ කියල.