හෝදපු රෙදි


තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

ජේසුට ලියුමක්

(ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.)

මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.

" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා
දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය.
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා.
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය.

ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි.
" යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "

කොච්චර කල් යයිද ?

මේක Zen කතන්දරයක් ..

දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට.
මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල.

දැන් කොල්ලට හෙන අප්සට්ලු. මොකද මූට ඕනෙ මේක ඉක්මනටම ඉගෙනගන්නලු.
ඉතින් මූ ආයෙ ගුරුතුමාගෙන් ඇහැව්වලු "මම වෙනදට වඩා මහන්සි වෙලා, සතියෙ දවස් හතේම, පැය දහයකට වඩා පුහුනුවීම් කලොත් මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල.

ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු විස්සක්" කියල.


මේ කතන්දරේනන් භාවනාව සම්භන්ද එකක්.. ඒත් අපේ ජීවිත වල සිද්දවෙන සමහර දේවලුත් මේවගේ තමයි. අපි නිකක් හදිස්සි වෙලා දැඟලුවට වැඩේ ඉක්මන් වෙන්නෙ නෑ.. තවත් සංකීරන වෙනව. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕන තැන්වල එහෙම ඉන්න ඕන.


ලෝකයෙන් වසන් කලත්..

එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.


දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ"   කියල.

එතකොට ගල් වඩුව උත්තර දුන්නලු "  ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.