පාතාලෙ චන්ඩි සහ අපි

ලංකාවෙ ගොඩක් සාමාන්්ය ප්‍රවෘත්ති කැටගරි එකක නිවුස් එකක් තමා පහලින් තියෙන්නෙ. මේ ජාතියෙ නිවුස් එකක් දැක්කහම අපි හැමෝම සැනසුම් සුසුම් හෙලනව තවත් එක කරදරයක් ඉවරයි කියල..

" පාතාලයේ කුඩු රජා ලෙස අනුවර්ත නාමයෙන් හුන්වාගත් දෙමටගොඩ කමල් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. සැකකරු හංවැල්ලේදී අත් අඩංගුවට ගැනින.ඔහු සඟවා තිබු අවි යුධ තොගයක් සොයා ගැනීමට දිද්දෙණිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී දෙමටගොඩ කමල් පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමග උත්සහ ගත්තේය. එහිදී පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයකින් මෙම පාතාලයේ ප්‍රබල සාමාජිකයා බරපතල තුවාල ලැබූ බව …"
Source : http://www.lakhanda.lk/?p=13
ඒත් ඇත්තටම මේ ප්‍රශ්නෙට නියම විසඳුම මේකද ?
අපිට මේක ගැන වගකීමක් නැද්ද ? .. සමහර විට ඔය කමල්  කියන හාදයව එක කාරුණික මනුස්සයෙක්ගෙ අවධානයට යොමුවෙලා තිබ්බනන් මේ නිවුස් එක මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුන කියල හිතෙනව...
මට මෙහෙම හිතුනෙ Elvis Presley කියන  In the getto  සිංදුව ඇහුවට පස්සෙ. ඔයගොල්ලොත් අහල බලන්න.

As the snow flies
On a cold and gray chicago mornin
A poor little baby child is born
In the ghetto
And his mama cries
Cause if there's one thing that she don't need
Its another hungry mouth to feed
In the ghetto


People, don't you understand
The child needs a helping hand
Or hell grow to be an angry young man some day
Take a look at you and me,
Are we too blind to see,
Do we simply turn our heads
And look the other way

Well the world turns
And a hungry little boy with a runny nose
Plays in the street as the cold wind blows
In the ghetto

And his hunger burns
So he starts to roam the streets at night
And he learns how to steal
And he learns how to fight
In the ghetto

Then one night in desperation
A young man breaks away
He buys a gun, steals a car,
Tries to run, but he don't get far
And his mama cries

As a crowd gathers round an angry young man
Face down on the street with a gun in his hand
In the ghetto

As her young man dies,
On a cold and gray chicago mornin,
Another little baby child is born
In the ghetto

මීයෙකු වීම සහ මි හදවතක් තිබීම

මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු.
පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු.

බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු.

දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු.
මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු "  මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් "   කියල.


උපුටාගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-195-Heart+of+a+Mouse.html

නොපිපුනු රෝස මල්


එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



හෝදපු රෙදි


තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.