ආබාධිත නරියා

දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.

ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන්
කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.

මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය වගේ වැටිල අසරනව උන්නොත් මටත් දෙවියන් වහන්සේ උදව් කරාවි " කියල. මෙහෙම හිතල මිනිහත් දැං ගල්තලාවක් උඩ වැටිල ඉන්නවලු, කන්නෙ බොන්නෙ නැතුව. කාලයක් ගතවුනාලු. මිනිහට කිසිම සහනයක් ලැබුනෙ නෑලු.

හාමතේ මරණාසන්නව හිටපු මිනිහට දවසක් දෙවියන්වහසේ කතා කරාලු. තතාකරල " ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි චරිතයයි, නරියාව නොව කොටියාව අනුකරනය කරන " කිව්වලු.


අපිත් මගතොටේ දකින දුක්විඳින මිනිස්සු දැක්කම හිතනව නේ "ඇයි දෙවියනි ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරන්නෙ නැත්තෙ " කියල.
එවිට දෙවියන් වහන්සේ පිලිතුරුදේවි " මම යමක් කලා, මම ඔබව මැව්වා .. "

දොර ඇරීම


එක පෙම්වතෙක් තමුන්ගෙ පෙම්වතියගෙ ගෙදරට ගියාලු, ගිහිල්ල ගෙදර දොරට තට්ටු කරාලු.එතකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ මම.." කියල.

එතකොට නිවස තුලින් පිලිතුරු ලැබුනලු, "කරුනාකරල යන්න, මේ නිවසේ අප දෙදෙනෙකුට ජීවත් වීමට ඉඩ මදි.. " කියල.

මෙම සිද්දියෙන් කැලඹුන පෙම්වතා බොහොම දුකෙන් ආයෙ හැරිල ගියාලු, ශෝකයෙන් කාලයක් ගතකරපු ඔහු දවසක් ආයෙ පෙම්වතියගේ නිවසට ආවලු,

නැවතත් දොරට තට්ටු කලාලු. එටකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ ඔබ.." කියල.

එවිට දොර එකවරම විවෘත වුනාලු.

අතේ ඇති බිත්තරය


නසරුඩීන් කලේ බිත්තර කඩයක් පවත්වාගෙන යාම ලු.

දවසක් මිනිහෙක් කඩේට ඇවිල්ල කිව්වලු "පුලුවන් නන් මගේ අතේ තියෙන්නෙ මොකක්ද කියල කියන්න " කියල.

නසරුඩීන් කිව්වලු "මට පොඩි ඉඟියක් දෙන්න " කියල.

එවිට මිනිහ කිව්වලු
" ඒකට බිත්තරේක හැඩය තියෙනව.
     ඒක බිත්තරයක ප්‍රමාණය තරම්ම වගේ ඇති.
          ඒකෙ පෙනුමත් බිත්තරයක් වගේ. රසත් ඒ වගේ.
              එය පිසීමට පෙර උකු දියරමය ගතියකුත්, පිසීමෙන් පසු දැඩි ගතියකුත් ගන්නව " කියල.

ටිකක් වෙලා කල්පනා කරපු නසරුඩීන් කිව්වලු.

"ආහා.. මම දන්නව. ඒක කේක් කෑල්ලක් " කියල.


විශේෂඤයින් ඉතා පැහැදිලි දේ දකින්න අපොහොසත් වෙයි. 

නායක පූජකයින් පවා ගැලවුම්කරුවානන් හඳුනාගැනීමට අපොහොසත් විය.

යක් දූතයා




දිනක් යක්ශයෙකු දේවදූතයෙකුගේ ස්වරූපයක් මවාගෙන පූජකයෙකු ඉදිරියේ පෙනී සිටියාලු. 

ඔහු පූජකයාට පැවසුවාලු "මම ගාබ්‍රියෙල් නම් දේවදූතයා වෙමි. සර්වබලදාරී දෙවියන් වහන්සේ මාව ඔබ වෙත එවන ලදී" කියල.

එවිට මඳ කල්පනාවකට වැටුනු පූජකය කිව්වලු " හොඳට සිතා බලන්න, ඔබව දෙවියන් වහන්සේ එව්වා විය නොහැකියි, මන්ද එතුමන්ගේ දූතයෙකු මාවෙතට එවීමට තරම් උතුම් දෙයක් මම විසින් සිදු කර නොමැත" කියල.

මෙම ප්‍රකාශයෙන් වික්ශිප්ත වුන යක්ශයා අතුරුදහන් ව ගියාලු. එයින් පසු නැවත කවදාවත් එම පූජකයා පරීක්ශාවට පැමිනියේ නැතිලු.




පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

ඔලුවට වැටුන පොල්


එක මිනිහෙක් පොල් ගහක් යටින් යමින් ඉද්දි , පොල්ගහේ හිටපු වඳුරෙක් කුරුම්බ ගෙඩියක් කඩල මිනිහගෙ ඔලුවට දැම්මලු.

මිනිහ ඒක අහුලගෙන ,
     ඒකෙන් කුරුම්බ වතුර බීල,
          කුරුම්බ ලොඳේ හාරගෙන කාල,
               පොල් කටුවෙන් ලස්සන
                    කෝප්පයක් හදා ගත්තලු.




එදිනෙදා ජීවිතයේදී අපේ ඔලු වලටත් එක එක විදිහෙ පොල් වැටෙනව නෙ. පොල් ගෙඩිය වැටිල මැරිල ගියොත් ඉතිං කරන්න දෙයක් නෑ, නමුත් ඔබ තවමත් ජීවත් වෙනවනම්, වඳුරාට සාප කරනවට වඩා, හොඳ හෝදිසියෙන් බලන්න, එම සිදුවීම තුල ඔබේ ජීවිතයට ගත හැකි දේ.