තම්බපු කඩල


උපහාසය , මෝඩකම එක්ක හිතන්න යමක් ඇති තවත් මුල්ල නසරුදීන් ගෙ  කතාවක්.

මුල්ලා වැඩ ඉවර වෙලා රෑ කෑමට ගෙදර ආවලු. කෑම මේසෙ වාඩිවුනාම මුල්ලගේ බිරිඳ තම්බපු කඩල දීසියක් ගෙනල්ල මුල්ලගෙ ඉස්සරහින් තිබ්බලු.

මුල්ලා දැඩිව කෝපයට පත් මුල්ලා කඩල දීසිය අරගෙන වීසිකරල දැම්ම ලු. වියරුවෙන් කෑගැසුවලු.

විශ්මයටත් තැතිගැන්මටත් පත් මුල්ලාගේ බිරිඳ ඇහුවලු ..

                       " මුල්ලා.. ඔබ සඳුදා ඉතා ආසාවෙන් කඩල කෑවා, ඔබ අඟහරුවාදාත් කැමැත්තෙන් කඩල කෑවා , ඔබ බදාදාත් කැමැත්තෙන් කඩල කෑවා , බ්‍රහස්පතින්දාත් එසේඅමයි. ඉතින් ඇයි ඔබ අද සිකුරාදා පමනක් කඩල වලට මෙතරම් අකමැති ??  "


කතුරු ඔන්චිල්ලාව

මේ කතාව මුල්ල නසරුදීන් ගෙ කතා පෙලෙන් එකක්. මේ කුඩා කතන්දර වල විශේෂත්වය තමයි උපහාසය , මෝඩකම එක්ක හිතන්න ආධ්යාත්මික පනිවුඩයක් ගැබ්ව තිබීම.

දවසක් මනුස්සයෙක් සැනකෙලි බිමේ යනකොට දැක්කලු මුල්ලා නසරුදීන් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරමින් විනෝද වෙනව. එක වටයක් ඉවරවුනාලු. මුල්ලා නැවතත් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරනව ලු.

මේ දිහා බලන් උන්නු මනුස්සයට තේරුනාලු මුල්ලා එක දිගටම මේ වැඩේ කරන බව. කතුරු ඔන්චිල්ලාවෙන් බහින පාටක් නෑ ලු.

තවත් කතුරු ඔන්චිල්ලා වටයක් අවසානයේ මුල්ල දුවගෙන ආවලු වතුර  ටිකක් බොන්න.

අර මනුස්සය මුල්ලා ට කිට්ටු කරල ඇහුවලු.

"   ආ .. මුල්ලා , ඔබ කතුරු ඔන්චිල්ලාවේ ගමන් කිරීමට ඉතා ප්‍රිය බව හා එයින් ඔබ ඉතා සතුටක් ලබන බව පෙනී යනව.."   කියල.

එතකොට මුල්ලා උත්තර දුන්නලු. "   මොන පිස්සු ද, මට කතුරු ඔන්චිල්ලා ගමන ඉතා අප්‍රසන්න අත්දැකීමක්. මම පොඩ්ඩක්වත් කැමති නෑ ඒකට. කොටින්ම මට දැන් හිස කැරකවිල්ලක් හා වමනය ගතියක් ඇතිවී තිබෙනව.."     මුල්ලා දුකින් කිව්වලු.

මවිතයට පත් අර මනුස්සය ඇහුවලු " එහෙනම් ඔබ නොනවත්වාම එහි ගමන් ගන්නේ ඇයි ?  "

මුල්ලා පිලිතුරු දුන්නලු.. "  කතුරු ඔන්චිල්ලා බාරකරු මට යම් මුදලක් ණයයි, ඔහු එම මුදල් නැවත දෙන අදහසක් නෑ වගේයි. ඉතින් මම එම මුදලේ වටිනාකමට සරිලනතුරු ප්‍රවේශපත් නොමැතිව මෙහි ගමන් කරනව..  " , මුල්ලා ආඩම්බරයෙන් පවසා තවත් කතුරු ඔන්චිල්ලා වටයක් සඳහා පිටව ගියාලු.


මූනු පොතේ වීරයෝ

මූනු පොතේ බිත්තිය දිහා බලපුවහම , මටත් ඉන්නව රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්න ලෑස්ති , වීර හදවත් තියෙන යාලුවො ටිකක්.

කව්ද මන්ද බිත්තියෙ බෙදාගෙන තිබ්බ අපූරු පින්තූරයක්.

එහි අදහස වුනේ

කන්දක් මුදුනට යාමට මාර්ග සිය ගනනක් තිබිය හැක,
ඒ සියල්ලක්ම යොමුවන්නේ කඳු මුදුන දෙසටමය.
එබැවින් ඔබ යන මාර්ගය කුමක්දැයි එතරම් වැදගත් නිවේ.

කන්ද වටේ දුවමින්, අනුන් යන මාර්ගය වැරදි බවත්, තමුන් තෝරාගත් මාවත හරිබවත් පවසමින් සිටින්නා කරනුයේ කාළය කාදැමීමක්ම පමනි.

පහලින් තියෙන්නෙ ඔය මම කිව්ව පින්තූරෙ.


අපේ ආච්චී හෙවත් මම්මා


අපේ අම්මාගේ අම්මාට ඇයගේ දරුවන් හැර අන් සියල්ලන් අමතන්නේ " මම්මා " කියාය. හේතුව මම නොදනිමි. වයස 16 දී පමන විවාහ වුනු ඇය තරුණ වියේදීම වැන්ඳඹුවක් වනව්ට, තිදරු මවක් වූවාය.

එතැන් පටන් දරුවන් හදාවඩා ගැනීම, ඔවුන් විවාහ කරදීම වගකීමෙන් යුතුව ඉටුකල ඈ, අද රටේ බඩපිනුම් ගසනා ගොංපාට් දේසපාලුවන්ට වඩා , සැබෑ වීර චරිතයකි.

ඇය 8 වසර අසමත් ය. නමුත් ජීවන දැක්ම ඉතා පුලුල් ය.

දැඩිව ආගමට ලැදි චරිතයක් වුවද විවෘත චින්තනයක් ඈ සතුය, ගියවර වෙසක් වෙනුවෙන් අප අසල්වාසීන් ලබාදුන් දන්සැලට පූජාවේ දේශනාවේදී පල්ලියේ ෆාදර් පොඩි කින්ඩියක් දමා තිබුනේ , එය කතෝළිකයන්ට අකැප බව පවසමිනි. එයට ඇයගේ ප්‍රතිචාරය වූයේ " ෆාදත් ඕන එකටයි එපා එකටයි , හැම එකටම හොටදානව " කියාය.

මා මෙය ලියන්නෙ ගිය මාසයේ ඇයගේ 90 වන උපන්දිනය උත්සවාකාරයෙන් අප සැමරීම මුල්කරගෙනය. පහතින් ඇත්තේ ඡායාරූප කීපයකි.


මෙහිදී ඇය කතාවක් පැවැත්වීය. එය උපදේශකයෙකු ලියාදුන් එකක් නොව, හිතේ තිබූ අවංක අදහස් ය.

ඈ කීවේ " මට මේ මොකුත් ඕන නෑ. උඹල හැමෝම මේ ඉන්නව වගේ හැමදාම සමගියෙන් ඉඳපල්ලා.."
කී ඇය, අර ලී කෝටුවක් කැඩීමට සහෝදරයන්ට ලබාදී, පසුව කෝටු මිටියක් කැඩීමට ලබාදුන් කතාන්දරය කීවාය.






ඉතිං මම්මාට දීර්ගායූ වේවා.. !!!



ආබාධිත නරියා

දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.

ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන්
කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.

මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය වගේ වැටිල අසරනව උන්නොත් මටත් දෙවියන් වහන්සේ උදව් කරාවි " කියල. මෙහෙම හිතල මිනිහත් දැං ගල්තලාවක් උඩ වැටිල ඉන්නවලු, කන්නෙ බොන්නෙ නැතුව. කාලයක් ගතවුනාලු. මිනිහට කිසිම සහනයක් ලැබුනෙ නෑලු.

හාමතේ මරණාසන්නව හිටපු මිනිහට දවසක් දෙවියන්වහසේ කතා කරාලු. තතාකරල " ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි චරිතයයි, නරියාව නොව කොටියාව අනුකරනය කරන " කිව්වලු.


අපිත් මගතොටේ දකින දුක්විඳින මිනිස්සු දැක්කම හිතනව නේ "ඇයි දෙවියනි ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරන්නෙ නැත්තෙ " කියල.
එවිට දෙවියන් වහන්සේ පිලිතුරුදේවි " මම යමක් කලා, මම ඔබව මැව්වා .. "