සාම නියමය දෙසූ ජේසුනි !
ඇසට ඇසකුත් දතට දතකුත්
උතුරු සලුපට අයදිනා හට
දොම්නසින් නොසතුටින් වියැකුණු
ඔබ දෙසූ දම් නොපිට පෙරලා
සොක්‍රටීස්ට කේලම් කීම
දිනක් සොක්‍රටීස් ට මුන ගැසුනු අසල්වැසියෙක් ඔහුට කිව්වලු " ඔබ දන්නවද මට ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. " , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරවුනාලු.
" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.
"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.
" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.
"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.
සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "
"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමනයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.
" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " හොක්‍රටීස් ඇසුවාලු.
"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.
සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්තාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ද වේද ? "
"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමනයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.
සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "
හැප්පෙන්න යන නැව
ලොකු නැවක කපිතාන් ට නැවේ පනිවිඩ හුවමාරුකරු හදිසි පනිවිඩයක් ගෙනත් දුන්නලු.එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.
සිනාසුන කපිතාන් පනිවුඩ ක්‍රියාකරුට උපදෙස් දුනලු ප්‍රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.
එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්‍රදීපාගාරයෙන් " කියල.
කුමන තරාතිරමක අයෙකුට උවත් ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී අවශ්‍යය නම්‍යශීලීතාව අවශ්‍යය.
නොමිලේ මිලියනයක්
මිතුරන් සිව්දෙනෙක් ආගිය තොරතුරු කතා කරමින් සිටියා ලු.
එක් අයෙක් ඇසුවාලු " ඔබ උදේ අවදිවූ විට, ඔබේ ඇඳ අසල රුපියල් මිලියනයක් තිබුනොත් ඔබ මොකද
කරන්නෙ ? " කියල.
එක් අයෙක් කිව්වලු " මම කර්මාන්තශාලාවක් අරඹා දියුනුවෙනවා.. " කියල.
අනෙකා කිව්වලු " මම කොටස් වෙලඳපොලේ එම මුදල් ආයෝජනය කරනවා.. " කියල.
අවසාන තැනැත්තා කිව්වලු
" මම නැවතත් නින්දට යනව.. මම නැවත අවදිවන විට තවත් මිලියනයක් මගේ ඇඳ අසල තිබෙන්නට පුලුවන් " කියල ..
ඔබ ඔබට ලැබුනු අවස්ථාව නිසි ආකාරයෙන් පාවිච්චි කලාද ?
තම්බපු කඩල
උපහාසය , මෝඩකම එක්ක හිතන්න යමක් ඇති තවත් මුල්ල නසරුදීන් ගෙ කතාවක්.
මුල්ලා දැඩිව කෝපයට පත් මුල්ලා කඩල දීසිය අරගෙන වීසිකරල දැම්ම ලු. වියරුවෙන් කෑගැසුවලු.
විශ්මයටත් තැතිගැන්මටත් පත් මුල්ලාගේ බිරිඳ ඇහුවලු ..
" මුල්ලා.. ඔබ සඳුදා ඉතා ආසාවෙන් කඩල කෑවා, ඔබ අඟහරුවාදාත් කැමැත්තෙන් කඩල කෑවා , ඔබ බදාදාත් කැමැත්තෙන් කඩල කෑවා , බ්‍රහස්පතින්දාත් එසේඅමයි. ඉතින් ඇයි ඔබ අද සිකුරාදා පමනක් කඩල වලට මෙතරම් අකමැති ?? "
Subscribe to:
Posts (Atom)


