| ඔන්න දවසක් වයස අවුරුදු 80 ක විතර අංකල් කෙනෙක් වත්තෙ දූරියං ගහක් හිටෝනවලු. | |
මේක දැකපු අල්ලපු ගෙදර මනුස්සය ඇහුවලු " දැං අංකල් ඔය ගහෙන් ගෙඩි කන්න හිතන්ද ඕක හිටවන්නෙ" කියල. (මොකද දුරියං ගහක ගෙඩි එන අවුරුදු 10 - 12 ක් යනව) | |
| අංකල් පොඩි හිනාවක් දාල කිව්වලු "මම මෙච්චර කල් කෑව දුරියං වල එක ගහක්වත් මම හිටෝපුව නෙමෙයි “ කියල. | |
මහල්ලා සහ දූරියං ගස (පොඩි කතන්දරයක්)
ඉරිද පූජාවේ දේශනාව
| ඉරිද පල්ලි ගියෙ මීගමුවෙ බෝලවලාන මීසමේ පූජාවට. මේ පල්ලියෙ ෆාදර් මම ගොඩක් කැමති, දක්ෂ ධර්ම දේශකයෙක්. මේක 2011 අප්‍රියෙල් 10 ඉරිද පූජාවෙ දේශනාව..කිසිම සංස්කරනයක් කරල නෑ. | |
| මේ ගොබ් ඉරිදට කලින් සතියෙ ඉරිද දවස. අද කිතුනු බහුතරය ගතකරන ලෞකික ජීවිතය, පාස්කුවට කිතුනුවන් අතින් සිදුවිය යුතූ පෙර සූදානම ගැන මේ දේශනාවෙ විස්තර කරනව. | |
| මෙතනින් දේශනාව අහන්න. 12 minutes | |
| මෙතනින් දේශනාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් 5mb | |
| මේ දේශනාව හැමෝටම පාස්කුවට පෙර සූදානමක් විදිහට වැදගත් වෙයි කියල හිතනව... | |
| හැමෝටම ජේසු පිහිටයි !! | |
අත්තේ වහපු කුරුල්ලා
| ඕං ඉස්සර කාලෙ රජෙකුට ලස්සන උකුස්සො දෙන්නෙක් තෑගි හැටියට ලැබුනලු. මේ උකුස්සො දෙන්නගෙ හැබෑ ලස්සන පෙනෙන්නෙ ඉගිල්ලෙනකොට බව දන්න රජතුමා අණකලාලු කුරුල්ලො දෙන්නව කූඩුවෙන් එලියට අරන් නිදහසේ පියාඹන්න දෙන්න කියල. | |
| එක කුරුල්ලෙක් ලස්සනට පියාඹල අහසට ගියාලු. අනික් කුරුල්ල ලඟ තිබ්බ අත්තකට වහල ඔහේ ඉන්නවලු. | |
| දැන් රජතුමාට මාර අප්සෙට්ලු. රජතුමා රටපුරා අණබෙර ඇරියලු මේ කුරුල්ලව පියාඹවන්න පුලුවන් කෙනෙක් ඉන්නවනන් එන්න කියල. ගොඩක්දෙනා ඇවිත් උත්සහ කලාලු.ඒත් කාටවත්ම බැරිවුනාලු මේ කුරුල්ලව පියාඹවන්න. | |
| පහුවදා රජතුමා දැක්කලු අර අත්තෙ වහල උන්නු උකුස්ස ලස්සනට අහසෙ පියාඹ පියාඹ ඉන්න්ව. රජතුමාට ගොඩක් සන්තෝශයිලු. වහාම අණ කලාලු මේ වැඩේ සාර්තකව කරපු කෙනාව එක්කන් එන්න කියල. | |
| රාජපුරුශයො වයසක ගොවියෙක් ව එක්කන් ආවලු. රජතුමා ඇහුවලු කොහොමද මේ වැඩේ කලේ කියල. | |
“ මම කුරුල්ල වහල හිටපු අත්ත කැපුව.” අර ගොවිය උත්තර දුන්නලු | |
ජීවිතේ හැමදාමත් සුන්දර විදිහට ගලාගෙන යන එකක් නෙමෙයි. දුක් කම්කටොලු වලට මුහුන දෙන්න වෙනව. | |
ඒ කරදර බාධක අපි නොදන්නා අපේ හැහියාවන්, සීමාවන් අපිට හඳුනාගැනීමට උදව්වෙන බවත් මතක තියාගන්න. | |
| We are all made to fly -- to realize our incredible potential as human beings. But instead of doing that, we sit on our branches, clinging to the things that are familiar to us. The possibilities are endless, but for most of us, they remain undiscovered. | |
විහිලු කතාවක්
ඕං දවසක් පල්ලියෙ පූජාව පටන් ගන්න ටිකකට කලින් මිනිස්සු පල්ලියට වෙලා ඉඳගෙන ඉද්දි... එකපාරම පල්ලියෙ අල්තාරෙ ගාවින් සාතන්( යක්ශයා ) පෙනී හිටියලු..
සාතන් ව දැක්ක ගමන් බයවෙච්ච මිනිස්සු සීසීකඩ දිව්වලු..
සාතන්ට මේකට මාර අප්සෙට් ගියාලු.
සාතන් : උඹ දන්නවද මම කව්ද කියල ?
අන්කල් : ඔව්
සාතන් : උඹ මට බය නැද්ද ?
අන්කල් : නෑ..
සාතන් : උඹ දන්නවද මට උඹව සදාකාලිකවම නරකාදියේ දුක්විඳ විඳ ඉන්න සලස්සන්න පුලුවන් කියල ?
අංකල් : ඔව්.
සාතන් : උඹ තාමත් මට බය නැද්ද ?
අංකල් : නෑ..
දැන් සාතන් ට මාර අප්සෙට් ලු...
සාතන් : ඇයි උඹ මට බය නැත්තෙ ?
අංකල් : මම අව් රුදු 40 ක් තිස්සෙ කසාදබැඳන් ඉන්නෙ උඹේ නංගිව..
කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ
මම කියවපු ගොඩක් හොඳ ලිපියක් නිසා කට්ටිය එක්ක බෙදාගන්න හිතුව..
කිතුනු සාහිත්‍ය පෝෂණය කළ ලේඛකයෝ ගැන ඝැනගන්න කැමතිනන් පහත ලින්ක් එකෙන් ගිහින් මුලු ලිපියම කියවල බලන්න.
”මගේ දේව කුමාරයෙනි, ඔබ උපන් වේලාවේ ඇති වුණු තනිවීම ඉතා ලොකුය කියා සිතුවෙමි. එසේ නමුත් දැන් ඔබ උකුත් වූ වේලාවේ ඇතුව තිබෙන ආත්තු නැතිකම ඊටත් වැඩිව තිබෙන්නේ වේ ද?
”
දුක්ප‍්‍රාප්ති ප‍්‍රසංගය - ගොන්සාල්වෙස් පියතුමා
” ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා ”
මර්සලීන් ජයකොඩි පියතුමා.
Subscribe to:
Posts (Atom)
