| (ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.) | |
| මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය. | |
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා . මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි. ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය. | |
| " යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා. මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය. | |
ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි. " යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. " | |
ජේසුට ලියුමක්
කොච්චර කල් යයිද ?
| මේක Zen කතන්දරයක් .. | |
| දවසක් සටන් කලාව ඉගෙනගන්න තරුණයෙක් ආවලු ගුරුතුමා ලඟට. | |
| මේ තරුණයට පුදුම උනන්දුවක්ලු තිබ්බෙ මේ සටන්කලාව ඉක්මනටම ඉගෙනගන්න.ඉතින් තරුණය ගුරුවරයාගෙන් අහුවලු "මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල. | |
| ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු දහයක්" කියල. | |
| දැන් කොල්ලට හෙන අප්සට්ලු. මොකද මූට ඕනෙ මේක ඉක්මනටම ඉගෙනගන්නලු. ඉතින් මූ ආයෙ ගුරුතුමාගෙන් ඇහැව්වලු "මම වෙනදට වඩා මහන්සි වෙලා, සතියෙ දවස් හතේම, පැය දහයකට වඩා පුහුනුවීම් කලොත් මට මේ සටන් කලාව සම්පූර්නයෙන්ම ඉගෙන ගන්න කොච්චර කාලයක් යයිද ? " කියල. | |
ගුරුතුමා බොහොම සන්සුන්ව උත්තර දුන්නලු "අවුරුදු විස්සක්" කියල. | |
මේ කතන්දරේනන් භාවනාව සම්භන්ද එකක්.. ඒත් අපේ ජීවිත වල සිද්දවෙන සමහර දේවලුත් මේවගේ තමයි. අපි නිකක් හදිස්සි වෙලා දැඟලුවට වැඩේ ඉක්මන් වෙන්නෙ නෑ.. තවත් සංකීරන වෙනව. ඉතින් ඉවසීමෙන් ඉන්න ඕන තැන්වල එහෙම ඉන්න ඕන. | |
ලෝකයෙන් වසන් කලත්..
| එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න. |
|
| දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න. | |
| සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව. ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? " කියල. | |
| එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ" කියල. | |
එතකොට ගල් වඩුව උත්තර දුන්නලු " ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල. | |
මහත්මා ගාන්ධි සහ සීනි
| මේක ඇත්ත කතාවක් කියල තමා කියන්නෙ.. | |
| දවසක් ගෑනුකෙනෙක් තමුන්ගෙ පුතා එක්ක ආවලු මහත්මා ගාන්ධි ව හම්බෙන්න. මේ ගෑනුකෙනාට ඕන උනේ තමුන්ගෙ පුතා හැමතිස්සෙම සීනි කන එක නවත්තගන්න ගාන්ධි තුමා ලව්ව අවවාද කරව ගන්නලු. | |
| ගාන්ධි තුමා කිව්වලු තව දවස් තුනකින් ඇවිත් තමුන්ව හම්බවෙන්න කියල. | |
ඉතින් ගෑනු කෙනත් ගිහිල්ල දවස් තුනකින් ආයෙ ආවලු. | |
| ගාන්ධි තුමා පොඩි එකා ගාවට පහත්වෙලා ඇස්දෙක දිහා බලල කිව්වලු "පුතා අද ඉඳල අම්ම කියන දේ අහල සීනි කන එක නතර කරන්න.." කියල. පොඩි එකා පොරොන්දු වුනාලු සීනිකන එක නවත්තනව කියල. | |
ගෑනුකෙනා ටිකක් අප්සට් එකේ ඇහුවලු "ඇයි ඔබතුමා ඕක අපි මුලින්ම ආපුවෙලේ කිව්වෙ නැත්තෙ ?" කියල. | |
ගාන්ධි තුමා කිව්වලු " දවස් තුනකට කලින් මම සීනි කන එක නවත්තල තිබුනෙ නෑ.. " කියල | |
"Hypocrite! First get rid of the log in your own eye; then you will see well enough to deal with the speck in your friend's eye." - Jesus ( Matthew 7:5) | |
කොයි ආගමද හොඳ ?
| ඔන්න දවසක් තේ කඩේක ආගම් දෙකක මිනිස්සු දෙන්නෙක් වාදයක් කරනවලු. තමුන්ගෙ ආගම තමයි හොඳම කියල ඔප්පු කරන්න. | |
| ඕක බලන් හිටපු ගොවියෙක්.. මිනිහ අර දෙන්නට ලඟ තිබ්බ වී මෝලක් පෙන්නල කිව්වලු.. “ ඔය වී මෝලට එන්න පාරවල් දෙකක් තියෙනව .මම පහුගිය අවුරුදු දාහතරක් තිස්සෙම වී අරන් ඔතන්ට එනව. වී මෝලෙ අයිතිකාරය කවදාවත් මගෙන් අහල නෑ මම ආවෙ මොන පාරෙන්ද කියල. මිනිහ මගෙන් හැමදාම අහන්නෙ මම ගෙනාපු වී හොඳයි ද ? නරකයි ද ? කියල විතරයි." | |
උපුටාගැනීම මේතනින් | |
Subscribe to:
Posts (Atom)
