අපේ ආච්චී හෙවත් මම්මා


අපේ අම්මාගේ අම්මාට ඇයගේ දරුවන් හැර අන් සියල්ලන් අමතන්නේ " මම්මා " කියාය. හේතුව මම නොදනිමි. වයස 16 දී පමන විවාහ වුනු ඇය තරුණ වියේදීම වැන්ඳඹුවක් වනව්ට, තිදරු මවක් වූවාය.

එතැන් පටන් දරුවන් හදාවඩා ගැනීම, ඔවුන් විවාහ කරදීම වගකීමෙන් යුතුව ඉටුකල ඈ, අද රටේ බඩපිනුම් ගසනා ගොංපාට් දේසපාලුවන්ට වඩා , සැබෑ වීර චරිතයකි.

ඇය 8 වසර අසමත් ය. නමුත් ජීවන දැක්ම ඉතා පුලුල් ය.

දැඩිව ආගමට ලැදි චරිතයක් වුවද විවෘත චින්තනයක් ඈ සතුය, ගියවර වෙසක් වෙනුවෙන් අප අසල්වාසීන් ලබාදුන් දන්සැලට පූජාවේ දේශනාවේදී පල්ලියේ ෆාදර් පොඩි කින්ඩියක් දමා තිබුනේ , එය කතෝළිකයන්ට අකැප බව පවසමිනි. එයට ඇයගේ ප්‍රතිචාරය වූයේ " ෆාදත් ඕන එකටයි එපා එකටයි , හැම එකටම හොටදානව " කියාය.

මා මෙය ලියන්නෙ ගිය මාසයේ ඇයගේ 90 වන උපන්දිනය උත්සවාකාරයෙන් අප සැමරීම මුල්කරගෙනය. පහතින් ඇත්තේ ඡායාරූප කීපයකි.


මෙහිදී ඇය කතාවක් පැවැත්වීය. එය උපදේශකයෙකු ලියාදුන් එකක් නොව, හිතේ තිබූ අවංක අදහස් ය.

ඈ කීවේ " මට මේ මොකුත් ඕන නෑ. උඹල හැමෝම මේ ඉන්නව වගේ හැමදාම සමගියෙන් ඉඳපල්ලා.."
කී ඇය, අර ලී කෝටුවක් කැඩීමට සහෝදරයන්ට ලබාදී, පසුව කෝටු මිටියක් කැඩීමට ලබාදුන් කතාන්දරය කීවාය.






ඉතිං මම්මාට දීර්ගායූ වේවා.. !!!



ආබාධිත නරියා

දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.

ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන්
කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.

මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය වගේ වැටිල අසරනව උන්නොත් මටත් දෙවියන් වහන්සේ උදව් කරාවි " කියල. මෙහෙම හිතල මිනිහත් දැං ගල්තලාවක් උඩ වැටිල ඉන්නවලු, කන්නෙ බොන්නෙ නැතුව. කාලයක් ගතවුනාලු. මිනිහට කිසිම සහනයක් ලැබුනෙ නෑලු.

හාමතේ මරණාසන්නව හිටපු මිනිහට දවසක් දෙවියන්වහසේ කතා කරාලු. තතාකරල " ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි චරිතයයි, නරියාව නොව කොටියාව අනුකරනය කරන " කිව්වලු.


අපිත් මගතොටේ දකින දුක්විඳින මිනිස්සු දැක්කම හිතනව නේ "ඇයි දෙවියනි ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරන්නෙ නැත්තෙ " කියල.
එවිට දෙවියන් වහන්සේ පිලිතුරුදේවි " මම යමක් කලා, මම ඔබව මැව්වා .. "

දොර ඇරීම


එක පෙම්වතෙක් තමුන්ගෙ පෙම්වතියගෙ ගෙදරට ගියාලු, ගිහිල්ල ගෙදර දොරට තට්ටු කරාලු.එතකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ මම.." කියල.

එතකොට නිවස තුලින් පිලිතුරු ලැබුනලු, "කරුනාකරල යන්න, මේ නිවසේ අප දෙදෙනෙකුට ජීවත් වීමට ඉඩ මදි.. " කියල.

මෙම සිද්දියෙන් කැලඹුන පෙම්වතා බොහොම දුකෙන් ආයෙ හැරිල ගියාලු, ශෝකයෙන් කාලයක් ගතකරපු ඔහු දවසක් ආයෙ පෙම්වතියගේ නිවසට ආවලු,

නැවතත් දොරට තට්ටු කලාලු. එටකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ ඔබ.." කියල.

එවිට දොර එකවරම විවෘත වුනාලු.

අතේ ඇති බිත්තරය


නසරුඩීන් කලේ බිත්තර කඩයක් පවත්වාගෙන යාම ලු.

දවසක් මිනිහෙක් කඩේට ඇවිල්ල කිව්වලු "පුලුවන් නන් මගේ අතේ තියෙන්නෙ මොකක්ද කියල කියන්න " කියල.

නසරුඩීන් කිව්වලු "මට පොඩි ඉඟියක් දෙන්න " කියල.

එවිට මිනිහ කිව්වලු
" ඒකට බිත්තරේක හැඩය තියෙනව.
     ඒක බිත්තරයක ප්‍රමාණය තරම්ම වගේ ඇති.
          ඒකෙ පෙනුමත් බිත්තරයක් වගේ. රසත් ඒ වගේ.
              එය පිසීමට පෙර උකු දියරමය ගතියකුත්, පිසීමෙන් පසු දැඩි ගතියකුත් ගන්නව " කියල.

ටිකක් වෙලා කල්පනා කරපු නසරුඩීන් කිව්වලු.

"ආහා.. මම දන්නව. ඒක කේක් කෑල්ලක් " කියල.


විශේෂඤයින් ඉතා පැහැදිලි දේ දකින්න අපොහොසත් වෙයි. 

නායක පූජකයින් පවා ගැලවුම්කරුවානන් හඳුනාගැනීමට අපොහොසත් විය.

යක් දූතයා




දිනක් යක්ශයෙකු දේවදූතයෙකුගේ ස්වරූපයක් මවාගෙන පූජකයෙකු ඉදිරියේ පෙනී සිටියාලු. 

ඔහු පූජකයාට පැවසුවාලු "මම ගාබ්‍රියෙල් නම් දේවදූතයා වෙමි. සර්වබලදාරී දෙවියන් වහන්සේ මාව ඔබ වෙත එවන ලදී" කියල.

එවිට මඳ කල්පනාවකට වැටුනු පූජකය කිව්වලු " හොඳට සිතා බලන්න, ඔබව දෙවියන් වහන්සේ එව්වා විය නොහැකියි, මන්ද එතුමන්ගේ දූතයෙකු මාවෙතට එවීමට තරම් උතුම් දෙයක් මම විසින් සිදු කර නොමැත" කියල.

මෙම ප්‍රකාශයෙන් වික්ශිප්ත වුන යක්ශයා අතුරුදහන් ව ගියාලු. එයින් පසු නැවත කවදාවත් එම පූජකයා පරීක්ශාවට පැමිනියේ නැතිලු.




පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello