හැප්පෙන්න යන නැව

ලොකු නැවක කපිතාන් ට නැවේ පනිවිඩ හුවමාරුකරු හදිසි පනිවිඩයක් ගෙනත් දුන්නලු.

එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.

සිනාසුන කපිතාන් පනිවුඩ ක්‍රියාකරුට උපදෙස් දුනලු ප්‍රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.

එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්‍රදීපාගාරයෙන් "  කියල.


කුමන තරාතිරමක අයෙකුට උවත් ජීවිතයේ  ඇතැම් අවස්ථාවලදී අවශ්‍යය නම්‍යශීලීතාව අවශ්‍යය. 

නොමිලේ මිලියනයක්


මිතුරන් සිව්දෙනෙක් ආගිය තොරතුරු කතා කරමින් සිටියා ලු.

එක් අයෙක් ඇසුවාලු " ඔබ උදේ අවදිවූ විට, ඔබේ ඇඳ අසල රුපියල් මිලියනයක් තිබුනොත් ඔබ මොකද
කරන්නෙ ? " කියල.

එක් අයෙක් කිව්වලු " මම කර්මාන්තශාලාවක් අරඹා දියුනුවෙනවා.. " කියල.

අනෙකා කිව්වලු " මම කොටස් වෙලඳපොලේ එම මුදල් ආයෝජනය කරනවා.. " කියල.

අවසාන තැනැත්තා කිව්වලු

" මම නැවතත් නින්දට යනව.. මම නැවත අවදිවන විට තවත් මිලියනයක් මගේ ඇඳ අසල තිබෙන්නට පුලුවන් " කියල ..

ඔබ ඔබට ලැබුනු අවස්ථාව නිසි ආකාරයෙන් පාවිච්චි කලාද ?

තම්බපු කඩල


උපහාසය , මෝඩකම එක්ක හිතන්න යමක් ඇති තවත් මුල්ල නසරුදීන් ගෙ  කතාවක්.

මුල්ලා වැඩ ඉවර වෙලා රෑ කෑමට ගෙදර ආවලු. කෑම මේසෙ වාඩිවුනාම මුල්ලගේ බිරිඳ තම්බපු කඩල දීසියක් ගෙනල්ල මුල්ලගෙ ඉස්සරහින් තිබ්බලු.

මුල්ලා දැඩිව කෝපයට පත් මුල්ලා කඩල දීසිය අරගෙන වීසිකරල දැම්ම ලු. වියරුවෙන් කෑගැසුවලු.

විශ්මයටත් තැතිගැන්මටත් පත් මුල්ලාගේ බිරිඳ ඇහුවලු ..

                       " මුල්ලා.. ඔබ සඳුදා ඉතා ආසාවෙන් කඩල කෑවා, ඔබ අඟහරුවාදාත් කැමැත්තෙන් කඩල කෑවා , ඔබ බදාදාත් කැමැත්තෙන් කඩල කෑවා , බ්‍රහස්පතින්දාත් එසේඅමයි. ඉතින් ඇයි ඔබ අද සිකුරාදා පමනක් කඩල වලට මෙතරම් අකමැති ??  "


කතුරු ඔන්චිල්ලාව

මේ කතාව මුල්ල නසරුදීන් ගෙ කතා පෙලෙන් එකක්. මේ කුඩා කතන්දර වල විශේෂත්වය තමයි උපහාසය , මෝඩකම එක්ක හිතන්න ආධ්යාත්මික පනිවුඩයක් ගැබ්ව තිබීම.

දවසක් මනුස්සයෙක් සැනකෙලි බිමේ යනකොට දැක්කලු මුල්ලා නසරුදීන් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරමින් විනෝද වෙනව. එක වටයක් ඉවරවුනාලු. මුල්ලා නැවතත් කතුරු ඔන්චිල්ලාවෙ ගමන් කරනව ලු.

මේ දිහා බලන් උන්නු මනුස්සයට තේරුනාලු මුල්ලා එක දිගටම මේ වැඩේ කරන බව. කතුරු ඔන්චිල්ලාවෙන් බහින පාටක් නෑ ලු.

තවත් කතුරු ඔන්චිල්ලා වටයක් අවසානයේ මුල්ල දුවගෙන ආවලු වතුර  ටිකක් බොන්න.

අර මනුස්සය මුල්ලා ට කිට්ටු කරල ඇහුවලු.

"   ආ .. මුල්ලා , ඔබ කතුරු ඔන්චිල්ලාවේ ගමන් කිරීමට ඉතා ප්‍රිය බව හා එයින් ඔබ ඉතා සතුටක් ලබන බව පෙනී යනව.."   කියල.

එතකොට මුල්ලා උත්තර දුන්නලු. "   මොන පිස්සු ද, මට කතුරු ඔන්චිල්ලා ගමන ඉතා අප්‍රසන්න අත්දැකීමක්. මම පොඩ්ඩක්වත් කැමති නෑ ඒකට. කොටින්ම මට දැන් හිස කැරකවිල්ලක් හා වමනය ගතියක් ඇතිවී තිබෙනව.."     මුල්ලා දුකින් කිව්වලු.

මවිතයට පත් අර මනුස්සය ඇහුවලු " එහෙනම් ඔබ නොනවත්වාම එහි ගමන් ගන්නේ ඇයි ?  "

මුල්ලා පිලිතුරු දුන්නලු.. "  කතුරු ඔන්චිල්ලා බාරකරු මට යම් මුදලක් ණයයි, ඔහු එම මුදල් නැවත දෙන අදහසක් නෑ වගේයි. ඉතින් මම එම මුදලේ වටිනාකමට සරිලනතුරු ප්‍රවේශපත් නොමැතිව මෙහි ගමන් කරනව..  " , මුල්ලා ආඩම්බරයෙන් පවසා තවත් කතුරු ඔන්චිල්ලා වටයක් සඳහා පිටව ගියාලු.


මූනු පොතේ වීරයෝ

මූනු පොතේ බිත්තිය දිහා බලපුවහම , මටත් ඉන්නව රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්න ලෑස්ති , වීර හදවත් තියෙන යාලුවො ටිකක්.

කව්ද මන්ද බිත්තියෙ බෙදාගෙන තිබ්බ අපූරු පින්තූරයක්.

එහි අදහස වුනේ

කන්දක් මුදුනට යාමට මාර්ග සිය ගනනක් තිබිය හැක,
ඒ සියල්ලක්ම යොමුවන්නේ කඳු මුදුන දෙසටමය.
එබැවින් ඔබ යන මාර්ගය කුමක්දැයි එතරම් වැදගත් නිවේ.

කන්ද වටේ දුවමින්, අනුන් යන මාර්ගය වැරදි බවත්, තමුන් තෝරාගත් මාවත හරිබවත් පවසමින් සිටින්නා කරනුයේ කාළය කාදැමීමක්ම පමනි.

පහලින් තියෙන්නෙ ඔය මම කිව්ව පින්තූරෙ.