නිහඬ භාවනාව

යෝගීන් හතරදෙනෙක් විශේශ භාවනාවකට සහභාගි වෙන්න එකඟඋනා ලු. 

සති දෙකක් කිසිම වචනයක් කතා නොකර කරන භාවනාවක්. 


පළවෙනි දවසෙ භාවනා කර ඉද්දි කාමරේ තිබ්බ ඉටිපන්දම එකපාරටම නිවුන ලු.

පලවෙනි යෝගියා : "අයියෝ... ඉටිපන්දම නිමුනා."

දෙවන යෝගියා : "අපිට කතා කරන්න තහනම් නේ.. ? "

තුන්වන යෝගියා : "ඇයි ඔබ නිහඬතාව කැඩුවේ ?? "

හතරවෙනි යෝගියා : සිනහවෙමින් .."හා හා.. මම විතරයි කතා කරේ නැත්තෙ. "

කාමරේ ඉටිපන්දම නිමිල කියල දැකපු වැඩට උන්න කොලුව , මෙතන නිහඬ හාවනාවක් යන බව දන්න නිසා,  බොහොම නිහඬව ඇවිල්ල ඉටිපන්දම පත්තු කරල ගියා ලු. 

1 comment:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..