කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරයෙක්ව මුනගැහෙන්න. මේ අය කතාකරන ගමන් ප්රොෆෙසර්ට වැඩි හරියක්ම කිව්වෙ තමුන්ට තියෙන ප්රශ්න, දුක්ගැනවිලි ලු.
ප්රොෆෙසර් ගිහිල්ල ලොකු ජෝගුවකට කෝපි හදන් ආවලු. කුස්සියෙන් එක එක ජාතියෙ කෝප්ප ගෙනත් තියල කට්ටියට කිව්වලු කෝපි දාගෙන බොන්න කියල.
කට්ටිය කෝපි දාගෙන බොන ගමන් ප්රොෆෙසර් කිව්වලු, " හොඳට බලන්න, ඔක්කොම ලස්සන, වටිනා කෝප්ප ඔබ විසින් තෝරාගෙන තිබෙන සැටි. ඉතිරිවී තිබෙන්නේ බාල වර්ගයේ කෝප්ප පමනයි .
ඔබගේ බොහෝ ප්රශ්න වලට මුලත් එයමයි. කෝප්පයෙන් කෝපි වලට කිසිඳු වටිනාකමක් එක් නොකරන බව ඔබ හොඳින්ම දන්නා දෙයක්.
ඇතැම් විට කෝප්පය මිල අදික විය හැකියි, ඇතැම්විට එය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි සඟවාවි.
කෝප්පය කුමක් උවත් ඔබට අවශ්්ය කෝපි පමනයි. නමුත් ඔබ හිතාමතා ම හොඳම කෝප්පයක් ලබා ගැනීමට වෙහෙසෙනව.
කෝප්පයක් ලැබුනු විට ඔබ අනෙකාගේ කෝප්ප සමග ඔබේ කෝප්පයේ ගුන දොස් සසඳනව.
හොඳම එක ලැබුනේ කාටදැයි සොයා බලනව.
මෙහෙම හිතමු.. ජීවිතය තමයි කෝපි.
රැකියාව, තනතුරු හා මුදල් වැනිදේ කෝප්ප පමනයි.
ඒ දේවල් ජීවිතය දරාසිටීමට උපකාර කරනවා මිසක්, ඔබගේ ජීවිතය වෙනස් කරන, අර්තදක්වන හෝ වටිනාකමක් එක්කරන දේ නොවන බව සිතට ගන්න.
අප බොහෝවිට කෝප්පය කෙරෙහි දැඩි අවදානයෙන් සිටීම නිසා කෝපි වල රසබැලීමට මඟහැරෙන්න පුලුවන්.
මතක තබාගන්න, ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයින් සැමවිටම හොඳම දේ පමනක් ලැබූවන් නොවන වග."
පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්
http://sinhala-catholic.blogspot.com
දෙවියන් වහන්සේ මුමුනයි
එක තරුණයෙක්ට හදිස්සියෙම තමුන්ගෙ රැකියාව නැතිවුනාලු. ඉදිරියට කරන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව හිටපු තරුණය ගියාලු පල්ලියෙ පියතුමාව මුනගැහෙන්න. පියතුමා සමග කතාකරන්න අවස්ථාවක් ලැබුන වෙලේ තරුණය පියතුමාගෙන් ඇහුවලු "ෆාදර්.. මම මෙච්චර දෙවියන්වහන්සේගෙන් මට උදව්වක් ඉල්ලලත්, ඇයි එතුමා මට කිසි පිලිතුරක් නොදෙන්නෙ ?" කියල. | |
වයසක පියතුමා මොනවදෝ හෙමින් කිව්වලු. තරුණයට ඒ කියපුදේ ඇහුනෙනෑලු. තරුණය පියතුමාට ටිකක් කිට්ටුවෙලා කිව්වලු " ෆාදර්, මට කියපු එක ඇහුනෙ නෑ " කියල. එතකොට පියතුමා ආයෙ හෙමීට මොනවදෝ කිව්වලු. තරුණය පියතුමාට හොඳටම කිට්ටු වෙලා කිව්වලු, " ෆාදර්, මට කියපුදේ ඇහුනෙනෑ." කියල. | |
එතකොට පියතුමා ආයෙ හෙමීට කිව්වලු " සමහර වෙලාවට දෙවියන් වහන්සේ මුමුනනව. ඔබ එතුමාට කිට්ටුව හිටියොත් ඒ දේවල් ඇහේවි. " කියල. | |
| පරිවර්තනයට උපුටාගැනීම මෙතනින් | |
http://sinhala-catholic.blogspot.com | |
ඔක්කොම ටික දුන්නද ?
දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු. | |
| දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු. | |
තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු. | |
පරිවර්තනයට උපුටාගැනීම මෙතනින් | |
| http://sinhala-catholic.blogspot.com | |
දෙවියන් වහන්සේ හඳුනාගැනීමට
| දෙවියන් හඳුනාගැනීමට බොහෝ උනන්දුවූ තරුණයෙක් හිටියලු.මොහුට දැනගන්න ලැබුනලු වණවාසීව ජීවත්වන බොහොම සැදැහැවත් තාපස පූජකයෙක් ගැන. ඉතිං මේ තරුණය මේ තාපසයව හොයාගෙන ගියාලු. | |
| තරුණය දැක්කලු තාපසතුමා දිය අගලක් ගාව භාවනායෝගීව ඉන්න පූජකයව.තරුණයා පූජකතුමා ලඟට ගිහිල්ල කිව්වලු, " මට දෙවියන් හඳුනාගැනීමට අවශ්්යයි, ඔබට මට උදව් කරන්න පුලුවන්ද ? " කියල. පූජකය තරුණය දිහා බලල කිව්වලු "මාත් සමග මෙම දිය අගලට බහින්න " කියල. | |
| දැන් තරුණයයි පූජකයයි දෙන්නම වතුරට බැහැල ඉන්නවලු. පූජකය එකපාරටම පැනල තරුණයව වතුර යටට එබුවලු. දැන් තරුණය දඟලනවලු උඩට එන්න , පූජකය තරුණයව වතුර ඇතුලටම තදකරන් ඉන්නවලු. | |
| තරුණයා හුස්ම නැතුව සිහිමුර්ජා වෙන්න ආසන්න වෙද්දිම පූජකය තරුණයාව උඩට ගත්තලු. තරුණය උඩට ආපු ගපන්ම පපුව පුරෝල ලොකු හුස්මක් ගත්තලු. තරුණය වෙච්ච සිද්දියෙන් අන්දමන්ද වෙලා බලන් ඉන්නවලු. | |
| පූජකය තරුණයගෙන් ඇහැව්වලු, "වතුර යටදි ඔබට මොනවද වැඩියෙන්ම ඕන වුනේ ? " කියල. තරුණය උත්තර දුන්නලු " හුස්ම ගන්න වාතය " කියල. පූජකය තරුණයට කිව්වලු, " ඔබට වතුර යට ඉඳිද්දී වාතය අවශ්්යතාවය දැනුන තරමටම ; දෙවියන් හඳුනාගැනීමේ අවශ්්යතාව දැනුනු කාළයක මා වෙත එන්න." කිව්වලු. | |
ජේසු කියපු කතාවක්
සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක; | |
| "එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්රියේ දී ඔබගේ ප්රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක. ( ලූක් 12 : 13-21 ) | |
** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න. | |
Subscribe to:
Posts (Atom)


