දුරාචාර ස්ත්‍රීයගේ මායම්

අද සමාජයේ සුලබ දෙයක් දුරාචාරය. මේක කරන බොහෝ දෙනා ඒගැන කතා කරන්නෙ තමුන් කරන්නේ වීරක්‍රියාවක් කියන හැඟීමෙන්. ඒ කතා අහන අනික් අය ඒ වගේ වීරක්‍රියාවකට තමුන්ට අවස්තාවක් නොලැබීම ගැන පසුතැවෙනව. තව කොටසක් අවස්තාවක් හොයනව.
පහතින් තියෙන්නෙ මේ විශය ගැන ශු.බයිබලේ හිතෝපදේශ කියන පොතේ සඳහන් කොටසක්. ආරම්භයේ මවාපාන සුන්දර රසයත්,නොදැනීම වරදට අසුවන ආකාරයත්, අවසානයේ අත්වන ඛේදනීය ඉරනමත් අපූරුවට විස්තර කරල තියෙනව.

දුරාචාර ස්ත්‍රීයගේ මායම්

එක දිනක් මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
එවිට අනුවනයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.
ඔහු අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේදී , මැදියන් රෑ කළුවරෙහිදී
ඇගේ ගේ අද්දර පසුකොට, ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කලේය.
එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර ඇඳ, රැවටිලිකාර ස්ත්‍රීයක මෙන් ඔහුට මුණගැසුනාය.
ඈ අඟර දඟර කරන චපල ස්ත්‍රීයකි. ඈ කොයිවෙලාවෙත් ගෙදර නැත.
විටෙක ඈ වීදි වලද, විටෙක වෙළඳපොලේද, සෑම මංසංදියකද සෝදිසියෙන් බලා සිටියි.
මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විලිලැජ්ජා නැතිව, ඔහුට මෙසේ කීවාය.
මම අද මාගේ පුද පූජා පැවැත්වුවෙමි.  බාරහාර ඉෂ්ට කළෙමි.  ඔබ හමුවන පිනිස ආශාවෙන් ඔබ සොයා ආවේ ඒ නිසාය.දැන් ඉතින් ඔබ මට හමුවිය.
මිසරයේ පාට පාට නූල්වලින් කල විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
සුවඳ ලාටු වලින්ද, අගිල් වලින්ද, කුරුඳු වලින්ද, මාගේ යහනට සුවඳ කැවූයෙමි.
එන්න , උදය වනතුරු පෙම් බඳුනෙන් බොමු.
ආදරයෙන් මත්වෙමු.  අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු දුර ඈත ගමනක් ගොස් ඇත.
ඔහු බොහෝ මුදල් රැගෙන ගියේය. මහ පෝය වනතුරු ඔහු ගෙදර එන්නේ නැත. "
ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගනී.
එකෙනෙහිම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන්ද,
මළපුඩුවට දුවන මුවකු මෙන්ද,
උගුලට වහා පියඹා යන පක්ෂියෙකු මෙන්ද, ඇය කැටුව ගියේය.
ඊගස ඔහුගේ අක්මාව විදගෙන යනතුරු,
තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේය.
එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න.  මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.
ඈගේ මාවත්වල යාමට ඔබගේ සිත නොපෙළඹේවා!
ඇගේ මාර්ගවල මංමුලා නොවන.  බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත්වූහ.
ඈ නිසා විපතට පත්වූහ.
ඈ නිසා විපතට පත්වූ ගණන් විශාලය.
ඇගේ නිවස පාතාලයට යන මඟය.
මරුවාගේ මැදිරිවලට බැසයන මාවතය.

හිතෝපදේශ (7:6-27)



ප්‍රවීණයෙක් වෙන විදිහ


දවසක් සවස රජතුමා  ලිපියක් ලියමින් ඉද්දි,  සුපුරුදු පරිදි සේවකය දැල්වූ ඉටිපන්දමක් අරන් ආවලු මේසෙට තියන්න. කොහොමහරි සේවකයගේ නොසැලකිල්ල නිසා ඉටිපන්දමේ දැල්ල රජතුමාගෙ කොන්ඩෙට වැදිල කොන්ඩෙ එකපාරම ගිනිගත්තලු.
රජතුමා එකපාරම ගිනිදැල්ල ගසාදමල ගින්න නිමුවලු. ඊටපස්සෙ තමුන් කර කර උන්නු වැඩේ දිගටම කරගෙන ගියාලු.
පහුවදා රජතුමා වැඩකරද්දි ඉටිපන්දම අරන් ආවෙ වෙනත් සේවකයෙක්ලු. වෙච්ච සිද්දිය ආරන්චිවෙලා තමුන්ගෙ උපදේශකයින් කලින් උන්නු සේවකයව එලවල තියෙන බව රජතුමාට තේරුම් ගියාලු.

රජතුමාට තමුන්ගෙ කලින් උන්නු සේවකය ගැන ලොකු දුකක් ඇතිවුනාලු. ඔහු තමුන්ගෙ උපදේශකයන් ලඟට ගිහිල්ල කිව්වලු " කලින් උන්නු සේවකයවම එවන්න. මොකද දැන් ඔහු ඉටිපන්දම පරිස්සමට ගෙනත් තියන එක ගැන ප්‍රවීණයෙක් . " කියල.



ස්වර්ගය කෝකද ?


වයසක අංකල් කෙනෙක් තමුන්ගෙ සුරතල් බල්ලත් එක්ක පාරෙ ඇවිදන් යද්දි හදිසි අනතුරක් වෙලා දෙන්නම එතනම මියගියාලු. දැන් දෙන්නගෙම ආත්මයන් දෙක අලංකාර තාප්පයක් අයිනෙන් තියෙන පාරක් දිගේ ඇවිදන් යනවලු. යද්දි ඉස්සරහින් තියෙනවලු රනින් කරපු ලස්සන විශාල ගේට්ටුවක්.

අංකල් ට දැන් හොඳටම විශ්වාසයි ලු තමුං ස්වර්ගයට ඇවිත් කියල. ගේට්ටුවට ඇතුලෙන් උද්්යාන බංකුවක වාඩිවෙල ඉන්නවලු දිවසලු ඇඳගත්තු බොහොම පියකරු මනුස්සයෙක්. අංකල් කතාකරල ඇහුවලු "මේ.. මේක ස්වර්ගයද ? " කියල. අර මනුස්සය හිනාවෙලා උත්තරදුන්නලු " ඔව් මහත්මයා .." කියල.

අංකල්ට හොඳටම තිබහයි ලු . අංකල් ඇහුවලු "මට වතුර ටිකක් බොන්න පුලුවන්ද ?" කියල. "අපොයි පුලුවන්." අර මනුස්සය උත්තර දුන්නලු. විශාල ගේට්ටු දෙක විවරවුනාලු . පිරිසිඳු වතුර වීදුරුවක් ගත්තු සේවකයෙක් එනව අංකල් දැක්කලු. අංකල් තමුන්ගෙ බල්ලත් එක්ක අස්සට එන්න ඇතුල්වුනාලු. එතකොට අර කලින් හිටපු මනුස්සය ටිකක් සද්දෙන් කිව්වලු " මහත්මයා.. අපි බල්ලොන්ව අස්සට ගන්නෙ නේ." කියල.

අංකල්ට මාර අප්සට්ලු. ඇහුවලු "එහෙනන් බල්ලට වතුර ටිකක් ගන්න පුලුවන්ද ?" කියල. අර මනුස්සය උත්තරදුන්නලු "සමාවෙන්න. අපි බල්ලොන්ට වතුර දෙන්නෙත් නෑ." කියල. තමුන්ගේ එකම හිතවතා වෙන සුරතල් බල්ලව දාල යන්න දුක නිසා අංකල් පාර දිගේ දිගටම යන්න පිටත් උනාලු.

ඉදිරියට එද්දි තියෙනවලු ටිකක් අබලන්, ගොවිපලක් වගේ තැනක්. මෙතන්ට ඇතුල්වෙන තැන ගේට්ටුවක්වත් නෑලු. අංකල් බල්ලත් එක්කම ටිකක් ඇතුලට ගියාලු. කිට්ටුව ගහක් යට මනුස්සයෙක් බොහොම නිස්කලංකව පොතක් කියවමින් ඉන්නවලු.
අංකල් ඇහුවලු " මටයි මගේ බල්ලටයි වතුර ටිකක් බොන්න පුලුවන්ද ? " කියල. " අපොයි පුලුවන්, අර නළ ලිඳෙන් ඕනතරං වතුර අරන් බොන්න. එතනම තියෙන භාජනේට වතුර දාල බල්ලටත් වතුර දෙන්න" මනුස්සය කිව්වලු.
අංකල්ට ගොඩක් සන්තෝසයි ලු. අංකල් ඇහුවලු " මේ තැන මොකක්ද ?" කියල. "මේ තමා මහත්මයා ස්වර්ගය.." මනුස්සය උත්තර දුන්නලු.
 "එතකොට අරක ?" අංකල් ඇහුවලු."ආ. ඒක තමා අපාය." කියල මනුස්සය උත්තර දුන්නලු.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com

රජකම කාටද ?

එක රජ කෙනෙක් වයසට යද්දි හිතුවලු මීලඟට රජ වෙන්න සුදුසු කෙනෙක් තෝරගන්න ඕන කියල.රජතුමා රටපුරා අණබෙරයක් යැව්වලු තමුන් දෙන අභියෝගය ජයගන්න කෙනාට මීලඟ රජකම ලබාදෙනව කියල.
මේක දැනගත්තු ගොඩ දෙනෙක් අභියෝගය බාරගන්න රජවාසලට ආවලු. මේක අහපු පොඩි ගෑනුළමයෙකුත් ආවලු.
රජතුමා ආපු හැමෝටම මල් පිපෙන මල් ගහක ඇට බෙදල දුන්න. දීල කිව්ව "මම ඔබට අවුරුද්දක කාලයක් දෙනව, මේ ඇට හිටවල ලස්සනම මල අරන් එන කෙනාට රජකම හිමිවේවි " කියල.ඉතිං මේ ඇට අරන් ගිය ගෑණු ළමය, ඇට ටික පෝච්චියක හිටෝල බොහොම හොඳට සාත්තු කලාලු. උදේ හවස වතුර දැම්මලු. මෙහෙම සෑහෙන දවසක් ගතවුනා.
ඒත් ගහ පැලවුනේම නෑලු. කොහොම හරි අවුරුද්දක කාළය පිරෙන දවසත් ලැබුවලු.අනික් කට්ටිය ලස්සන ලොකු මල් අරන් රජවාසලට යනවලු. දුකෙන් ඉන්න තමුංගෙ දුව ගාවට ආපු තාත්ත කිව්වලු "ඔබ ඔබගේ උපරිමයෙන් කලා, රජතුමාට පිළිගන්වන්න එය ප්‍රමානවත් " කියල.
ඉතිං මේ ළමය පස් විතරක් තියෙන හිස් පෝච්චියත් අරන් රාජ ශාලාවට ගියාලු. රජතුමා අනික් අය ගෙනාපු මල් බොහොම උනන්දුවෙන් බලනවලු. රජතුමා ඔහොම බල බල එද්දි දැක්කලු හිස් පෝච්චියක් තියන් ඉන්න ළමයව.

රජතුමා ඇහුවලු " ඇයි ඔබ හිස් පෝච්චියක් අරන් ආවෙ ? " කියල. ගෑණු ළමය කිව්වලු " රජතුමෙනි , මම ඔබ දුන් ඇට හොඳම පස් වල හිටවල, හැමදාව වතුර දාල රැකබලා ගත්ත. ඒත් ඒව පැලවුනේ නෑ " කියල.

රජතුමා හිනාවෙලා, ළමයව අතින් අල්ලන් ශාලාව ඉදිරියට ගියාලු. ගිහිල්ල හැමෝටම ඇහෙන්න කිව්වලු, "මම තරඟයේ ජයග්‍රාහකයා තෝරගත්ත.ඔබට ඔය බීජ කවුරු දුන්නාදැයි මම දන්නේ නෑ, වසරකට කලින් ඔබ හැමටම දුන්නේ මියගිය බීජයි, ඉතින් මම දුන් බීජ හිටවා ඇත්තේ මැය පමනයි. එබැවින් රජකම ඇයට හිමියි " කීවලු.

පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්


http://sinhala-catholic.blogspot.com


ජීවිතය නම් වූ සූදුව


මදුසමය ගතකරන්න විදෙස් රටකට ආපු තරුණ ජෝඩුවකගෙ තිබ්බ හමදෙයක්ම රෑ හොරු මංකොල්ල කාල තිබ්බලු. තරුණයාගෙ සාක්කුවක ශත 50 කාසියක් විතරක් ඉතුරු වෙලා තිබ්බලු.



කරකියාගන්න දෙයක් නෑතිව දෙන්න නගරය පුරා ඉබාගාතේ ඈවිද ඈවිද ඉද්දි දෑක්කලු ලොකු කෑසිනෝ ශාලාවක්. තරුණය කිව්වලු "මේක තමා අපිට තියෙන එකම අවස්ථාව, මම ගිහිල්ල උත්සහ කරල බලන්නං" කියල.



තරුණය පලවෙනි පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. දෙවෙනි පාරත් පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. තරුණයා දිනන එක දිගින් දිගටම සිද්ද උනාලු. අන්තිමේ තරුණයා ලඟ ලක්ශ කීපයක මුදල් ඉතුරුවෙන තුරුම ඔහු සෙල්ලං කලාලු. මොහු හිතුවලු දෑන් යන්න ඕන කියල, තමුන් දිනපු සල්ලිත් අරං එලියට එද්දිම දෑක්කලු තව අශ්ව රේස් එකකට ඔට්ටු බාරගන්නව.



තරුණයාගෙ හිත තදින්ම කිව්වලු මේ ඔට්ටුවත් අල්ලලම යන්න කියල. ඔහු ඔහුගේ සියලුම මුදල් ඒකෙ හිටපු හොඳම අශ්වයාට ඔට්ටු ඈල්ලුවලු.
තරඟ ප්‍රතිඵල ආවලු. තරුණයා ඔට්ටු ඈල්ලූ අශ්වයා පරාදයිලු.



ඉතිං තරුණයා හිස් අතිංම කෑසිනෝ ශාලාවෙන් එලියට ආවලු. තරුණිය ඔහු එනකන් බලාපොරොත්තු දල්වාගෙන එලියෙ බලං ඉන්නවලු.
තරුණිය ඈහෑව්වලු "මොකද උනේ.. ? " කියල
තරුණයා හිනාවෙලා උත්තර දුන්නලු " මම ශත 50 පරාදයි " කියල



අපේ ජීවිතත් මේ වගේ තමයි. හිස් අතිම්ම ජීවිතය පටන් ගත් අපි හිස් අතිම්ම මෙලොවින් යයි. ඒ අතර ලබන ජය පරාජ ගෑන අනවශ්‍ය ලෙස කරදරවීම නිශ්ඵලය. වෑදගත් වනුයේ ඔබට  අවසානයේදී සිනාසීමට හෑකිද යන්න පමනි.







http://sinhala-catholic.blogspot.com