අපිට ඇති කරදර


ජේසුස් වහන්සේගේ වචන, ශු.බයිබලයෙන් උපුටාගැනීමකි.

" එහෙයින් මම ඔබට කියමි: කුමක් කමුද, කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න.කෑමට වඩා ජීවිතයද , ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද ?

අහසේ කුරුල්ලන් දෙස බලන්න.උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ උන් පෝශනය කරන සේක.ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද ?

කරදර වීමෙන් තමාගෙ ආයු ප්‍රමානය දික්කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුලුවන්ද ?


ඔබේ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද ? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටිනේවත් නැත. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වුවද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේයැයි මම ඔබට කියමි.


ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උඳුනේ දමන කෙතේ තණකොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක්නම්, ඊට කොපමන වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද?

එබැවින් කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද, කියමින් කරදර නොවන්න. විජාතීන් සැමවිටම සොයන්නේ මේවාමය. මේවා ඔබට ඕනැබව ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ දන්නාසේක,

එහෙත් පලමුකොට උන්වහන්සේගේ රාජ්්යද,ධර්මිෂ්ටකමද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනුලැබේ.

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ.- එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. "

(මතෙව් 6:25-34)





මම අමුත්තෙක්




ශිෂ්‍යයෙක් තමුන්ගේ ගුරුතුමාව මුනගැහෙන්න ඔහුගේ ගෙදරට ගියාලු. ගෙදර හැමතැනම තිබ්බෙ පොත් ලු. එකම එක මේසෙකුයි පුටුවකුයි තිබ්බලු. වෙන කිසිම දෙයක් ගෙදර තිබ්බෙ නෑලු.

ඉතින් මේ  ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඇහුවලු " කෝ ගුරුතුමනි ගෙදර ගෘහ භාන්ඩ ?" කියල.

ගුරුතුමා ඇහුවලු " කෝ ඔබගේ ගෘහ භාන්ඩ ?" කියල.

ශිෂ්‍යයා පිලිතුරු දුන්නලු " ගුරුතුමනි,  මම මේ ගෙදරට ඇවිල්ල යන්න ආපු අමුත්තෙක් පමනයි" කියල.

එතකොට ගුරුතුමා කිව්වලු "මමත් එහෙමමයි " කියල.


පරිවර්තනයට උපුටා ගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-71-Only+A+Visitor.html

තක්කාලි නරක් වෙලාද ?



දවසක් වයසක කාන්තාවක් සුපිරි වෙලඳසැලක තක්කාලි තොගයක් තෝරමින් ඉන්නවලු. බිම තියල තිබ්බ තක්කාලි කූඩෙට නැමීගෙන තක්කාලි තෝර තෝර ඉද්දි මේ
කාන්තාවට ආවලු පිටකොන්ද දිගේ දැඩි වේදනාවක්.

දැන් මේ කාන්තාවට හෙලවෙන්න අපහසුයි ලු. උන්නු විදිහටම නැමීගෙනම ඉන්නවලු තක්කාලි කූඩෙ ලඟ.


මේ කාන්තාව කිට්ටුවට ආපු වෙලඳසැල් හිමියා කිව්වලු " නෝන , තක්කාලි පරණයි කියල හිතෙනවනන්, එහාපැත්තෙ තියෙනව අලුත් අර්තාපල් " කියල.

අපිත් ගොඩක් වෙලාවට අනික් අයට ප්‍රතිචාර දක්වන්නේ , අපගේ උපකල්පන මත ඉඳගෙන මිසක් , අනික් කෙනාගේ සැබෑ තත්වය තේරුම් අරන් නෙමේ නේද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

මැරුණ පුතා


කලබලකාරී නගර මධ්‍යය, ගිණිගහන දවාලේ
මිනිසුන් පිරිලා එක තැනක. සිද්දිය බලන්න හැමෝම පොරකනව. කියනව ඇහෙනව " හැප්පිලා" , "මැරිල" , "පාර පනිද්දි නෙ වෙලා තියෙන්නෙ" , "පව් වැඩේ .."

මේ වෙලාවෙ මෙතනින් යනව පත්තර වාර්තාකරුවෙක්. ඔහු හිතනව "ෂා .. මරු නිව්ස් එක, කොහොමහරි ෆොටෝ එකක් ගන්න ඕන." ඒත් කොහෙ කිට්ටු කරන්නද. මිනිස්සු පොරකනව.

මිනිහට ආව හොඳ අදහසක්. කෑගහල දුකඳෝනාවක් තියන්න ගත්ත. "අනේ මගේ පුතා.. මගේ පුතා තමයි හැප්පිලා තියෙන්නෙ..".

මිනිස්සු ක්ශනිකව ඉඩදුන්න මේ මනුස්සයට. ඔහු සෙනඟ අතරින් ඉදිරියටම ගියා.
ලේ විලක් මැද මැරිල වැටිල උන්න තඩි බූරුවෙක්.



අපේ ජීවිතෙත් මෙහෙම දේවල් වෙනව සමහර වෙලාවට. ලබාගන්න ආසාවෙන් පොරකාගෙන, බොරු කියාගෙන, අනික් අය පාගගෙන, ලබාගන්න දඟලන පෙලක් දේවල් මහ පුස් දේවල්. ඒක පුස්සක් බව කලින්ම දකින්න පුලුවන් නං කොච්චර ලේසිද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
පොත ගැන දැනගත්තෙ මෙතනින්

නැන්දම්මා සහ ලේලිය

සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික  ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

බිරිඳ : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්..