රජකම කාටද ?

එක රජ කෙනෙක් වයසට යද්දි හිතුවලු මීලඟට රජ වෙන්න සුදුසු කෙනෙක් තෝරගන්න ඕන කියල.රජතුමා රටපුරා අණබෙරයක් යැව්වලු තමුන් දෙන අභියෝගය ජයගන්න කෙනාට මීලඟ රජකම ලබාදෙනව කියල.
මේක දැනගත්තු ගොඩ දෙනෙක් අභියෝගය බාරගන්න රජවාසලට ආවලු. මේක අහපු පොඩි ගෑනුළමයෙකුත් ආවලු.
රජතුමා ආපු හැමෝටම මල් පිපෙන මල් ගහක ඇට බෙදල දුන්න. දීල කිව්ව "මම ඔබට අවුරුද්දක කාලයක් දෙනව, මේ ඇට හිටවල ලස්සනම මල අරන් එන කෙනාට රජකම හිමිවේවි " කියල.ඉතිං මේ ඇට අරන් ගිය ගෑණු ළමය, ඇට ටික පෝච්චියක හිටෝල බොහොම හොඳට සාත්තු කලාලු. උදේ හවස වතුර දැම්මලු. මෙහෙම සෑහෙන දවසක් ගතවුනා.
ඒත් ගහ පැලවුනේම නෑලු. කොහොම හරි අවුරුද්දක කාළය පිරෙන දවසත් ලැබුවලු.අනික් කට්ටිය ලස්සන ලොකු මල් අරන් රජවාසලට යනවලු. දුකෙන් ඉන්න තමුංගෙ දුව ගාවට ආපු තාත්ත කිව්වලු "ඔබ ඔබගේ උපරිමයෙන් කලා, රජතුමාට පිළිගන්වන්න එය ප්‍රමානවත් " කියල.
ඉතිං මේ ළමය පස් විතරක් තියෙන හිස් පෝච්චියත් අරන් රාජ ශාලාවට ගියාලු. රජතුමා අනික් අය ගෙනාපු මල් බොහොම උනන්දුවෙන් බලනවලු. රජතුමා ඔහොම බල බල එද්දි දැක්කලු හිස් පෝච්චියක් තියන් ඉන්න ළමයව.

රජතුමා ඇහුවලු " ඇයි ඔබ හිස් පෝච්චියක් අරන් ආවෙ ? " කියල. ගෑණු ළමය කිව්වලු " රජතුමෙනි , මම ඔබ දුන් ඇට හොඳම පස් වල හිටවල, හැමදාව වතුර දාල රැකබලා ගත්ත. ඒත් ඒව පැලවුනේ නෑ " කියල.

රජතුමා හිනාවෙලා, ළමයව අතින් අල්ලන් ශාලාව ඉදිරියට ගියාලු. ගිහිල්ල හැමෝටම ඇහෙන්න කිව්වලු, "මම තරඟයේ ජයග්‍රාහකයා තෝරගත්ත.ඔබට ඔය බීජ කවුරු දුන්නාදැයි මම දන්නේ නෑ, වසරකට කලින් ඔබ හැමටම දුන්නේ මියගිය බීජයි, ඉතින් මම දුන් බීජ හිටවා ඇත්තේ මැය පමනයි. එබැවින් රජකම ඇයට හිමියි " කීවලු.

පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්


http://sinhala-catholic.blogspot.com


ජීවිතය නම් වූ සූදුව


මදුසමය ගතකරන්න විදෙස් රටකට ආපු තරුණ ජෝඩුවකගෙ තිබ්බ හමදෙයක්ම රෑ හොරු මංකොල්ල කාල තිබ්බලු. තරුණයාගෙ සාක්කුවක ශත 50 කාසියක් විතරක් ඉතුරු වෙලා තිබ්බලු.



කරකියාගන්න දෙයක් නෑතිව දෙන්න නගරය පුරා ඉබාගාතේ ඈවිද ඈවිද ඉද්දි දෑක්කලු ලොකු කෑසිනෝ ශාලාවක්. තරුණය කිව්වලු "මේක තමා අපිට තියෙන එකම අවස්ථාව, මම ගිහිල්ල උත්සහ කරල බලන්නං" කියල.



තරුණය පලවෙනි පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. දෙවෙනි පාරත් පාර ඔට්ටුවක් දෑම්මලු, ඔහු දිනුවලු. තරුණයා දිනන එක දිගින් දිගටම සිද්ද උනාලු. අන්තිමේ තරුණයා ලඟ ලක්ශ කීපයක මුදල් ඉතුරුවෙන තුරුම ඔහු සෙල්ලං කලාලු. මොහු හිතුවලු දෑන් යන්න ඕන කියල, තමුන් දිනපු සල්ලිත් අරං එලියට එද්දිම දෑක්කලු තව අශ්ව රේස් එකකට ඔට්ටු බාරගන්නව.



තරුණයාගෙ හිත තදින්ම කිව්වලු මේ ඔට්ටුවත් අල්ලලම යන්න කියල. ඔහු ඔහුගේ සියලුම මුදල් ඒකෙ හිටපු හොඳම අශ්වයාට ඔට්ටු ඈල්ලුවලු.
තරඟ ප්‍රතිඵල ආවලු. තරුණයා ඔට්ටු ඈල්ලූ අශ්වයා පරාදයිලු.



ඉතිං තරුණයා හිස් අතිංම කෑසිනෝ ශාලාවෙන් එලියට ආවලු. තරුණිය ඔහු එනකන් බලාපොරොත්තු දල්වාගෙන එලියෙ බලං ඉන්නවලු.
තරුණිය ඈහෑව්වලු "මොකද උනේ.. ? " කියල
තරුණයා හිනාවෙලා උත්තර දුන්නලු " මම ශත 50 පරාදයි " කියල



අපේ ජීවිතත් මේ වගේ තමයි. හිස් අතිම්ම ජීවිතය පටන් ගත් අපි හිස් අතිම්ම මෙලොවින් යයි. ඒ අතර ලබන ජය පරාජ ගෑන අනවශ්‍ය ලෙස කරදරවීම නිශ්ඵලය. වෑදගත් වනුයේ ඔබට  අවසානයේදී සිනාසීමට හෑකිද යන්න පමනි.







http://sinhala-catholic.blogspot.com

කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය

කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරයෙක්ව මුනගැහෙන්න. මේ අය කතාකරන ගමන් ප්‍රොෆෙසර්ට වැඩි හරියක්ම කිව්වෙ තමුන්ට තියෙන ප්‍රශ්න, දුක්ගැනවිලි ලු.
ප්‍රොෆෙසර් ගිහිල්ල ලොකු ජෝගුවකට කෝපි හදන් ආවලු. කුස්සියෙන් එක එක ජාතියෙ කෝප්ප ගෙනත් තියල කට්ටියට කිව්වලු කෝපි දාගෙන බොන්න කියල.
කට්ටිය කෝපි දාගෙන බොන ගමන් ප්‍රොෆෙසර් කිව්වලු, " හොඳට බලන්න, ඔක්කොම ලස්සන, වටිනා කෝප්ප ඔබ විසින් තෝරාගෙන තිබෙන සැටි. ඉතිරිවී තිබෙන්නේ බාල වර්ගයේ කෝප්ප පමනයි .
ඔබගේ බොහෝ ප්‍රශ්න වලට මුලත් එයමයි. කෝප්පයෙන් කෝපි වලට කිසිඳු වටිනාකමක් එක් නොකරන බව ඔබ හොඳින්ම දන්නා දෙයක්.

ඇතැම් විට කෝප්පය මිල අදික විය හැකියි, ඇතැම්විට එය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි සඟවාවි.
කෝප්පය කුමක් උවත් ඔබට අවශ්්ය කෝපි පමනයි. නමුත් ඔබ හිතාමතා ම හොඳම කෝප්පයක් ලබා ගැනීමට වෙහෙසෙනව.
කෝප්පයක් ලැබුනු විට ඔබ අනෙකාගේ කෝප්ප සමග ඔබේ කෝප්පයේ ගුන දොස් සසඳනව.

හොඳම එක ලැබුනේ කාටදැයි සොයා බලනව.
මෙහෙම හිතමු.. ජීවිතය තමයි කෝපි.
රැකියාව, තනතුරු හා මුදල් වැනිදේ කෝප්ප පමනයි.
ඒ දේවල් ජීවිතය දරාසිටීමට උපකාර කරනවා මිසක්, ඔබගේ ජීවිතය වෙනස් කරන, අර්තදක්වන හෝ වටිනාකමක් එක්කරන දේ නොවන බව සිතට ගන්න.
අප බොහෝවිට කෝප්පය කෙරෙහි දැඩි අවදානයෙන් සිටීම නිසා කෝපි වල රසබැලීමට මඟහැරෙන්න පුලුවන්.
මතක තබාගන්න, ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයින් සැමවිටම හොඳම දේ පමනක් ලැබූවන් නොවන වග."



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්




http://sinhala-catholic.blogspot.com

දෙවියන් වහන්සේ මුමුනයි


එක තරුණයෙක්ට හදිස්සියෙම තමුන්ගෙ රැකියාව නැතිවුනාලු. ඉදිරියට කරන්නෙ මොනාද කියල හිතාගන්න බැරුව හිටපු තරුණය ගියාලු පල්ලියෙ පියතුමාව මුනගැහෙන්න.

පියතුමා සමග කතාකරන්න අවස්ථාවක් ලැබුන වෙලේ තරුණය පියතුමාගෙන් ඇහුවලු "ෆාදර්.. මම මෙච්චර දෙවියන්වහන්සේගෙන් මට උදව්වක් ඉල්ලලත්, ඇයි එතුමා මට කිසි පිලිතුරක් නොදෙන්නෙ ?" කියල.

වයසක පියතුමා මොනවදෝ හෙමින් කිව්වලු. තරුණයට ඒ කියපුදේ ඇහුනෙනෑලු. තරුණය පියතුමාට ටිකක් කිට්ටුවෙලා කිව්වලු  " ෆාදර්, මට කියපු එක ඇහුනෙ නෑ " කියල.

එතකොට පියතුමා ආයෙ හෙමීට මොනවදෝ කිව්වලු. තරුණය පියතුමාට හොඳටම කිට්ටු වෙලා කිව්වලු, " ෆාදර්, මට කියපුදේ ඇහුනෙනෑ." කියල.

එතකොට පියතුමා ආයෙ හෙමීට කිව්වලු " සමහර වෙලාවට දෙවියන් වහන්සේ මුමුනනව. ඔබ එතුමාට කිට්ටුව හිටියොත් ඒ දේවල් ඇහේවි. " කියල.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com

ඔක්කොම ටික දුන්නද ?


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.

දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com