වියත් වදන්


මුහුන වෙනස් කිරීමෙන් කිසිවක් සිදු නොවේ ... නමුත් වෙනසට මුහුන දීමෙන් බොහෝදේ වෙනස් කල හැක.


ඔබට අවස්ථාවක් මගහැරුනොත් ඔබේ දෑස කඳුලින් පුරවා නොගන්න.. එය ඔබ ඉදිරියේ ඇති තවත් අවස්ථාවක් සඟවාවි..


යතුරක් නොමැතිව කිසිවෙකු අගුලක් නොසාදයි. . එමෙන්ම පිලිතුරු නොමැති ප්‍රශ්නද නොමැත..



ප්‍රශ්නය විසඳිය හැකිනම් ඒ ගැන නොතැවෙන්න.. ප්‍රශ්නය විසඳිය නොහැකිනම් තැවීමෙන් ඇති ඵලය කුමක්ද ?




මාර්ගයට පාවඩ එලීමට වඩා.. ඔබ පාවහන් පැළඳීම පහසුය.

ජීවිතය තෑග්ගක්..

අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර .. කතාකිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..

ඔබගේ ආහාරවල රසය ගැන මැසිවිලි කීමට පෙර .. කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන..
ඔබගේ බිරිඳ හෝ සැමියා ගැන මැසිවිළි නැගීමට පෙර .. සහකරුවෙකු ඉල්ලා දෙවියන් ඉදිරියේ හඬන අයෙකු ගැන සිතන්න..
අද ඔබ ජීවිතය ගැන මැසිවිලි කීමට පෙර .. ඉතා අඩු වයසින් මියගිය අයෙකු ගැන සිතන්න..
ඔබ රිය පදවන කාලය ගැන දුක්වීමට පෙර .. එම දුරම පයින් ගමන්කරන්නෙකු ගැන සිතන්න..


ඔබ ඔබගේ රැකියාව ගැන මැසිවිලි නැගීමට පෙර .. රැකියා විරහිතයෙකු ගැන හෝ ඔබගේ රැකියාව ලැබුනානම් අපූරු බව සිතන දහසක් දෙනා ගැන සිතන්න..

 පීඩාකාරී සිතුවිලි ඔබ ඇදදමන විට ... මුවගට සිනහවක් ගන්න. සිතන්න ඔබ තවමත් ජීවත් වන බව...





මෙම අදහස් මට " bsundaran@yahoo.com" වෙතින් ලැබුනු ඊමේල් එකක තිබූනි.

තෙරේසා මව්තුමිය


තෙරේසා මව්තුමිය මෑත ඉතිහාසයේ මම දැකපු සුවිශේෂ චරිතයක්. බොහෝ දෙනාගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්‍රියාවෙන් සිදුකලා..

ඉතින් මම අද කියන්න යන්නෙ ඇයගේ ජීවිතේ වුන පොඩි සිදුවීමක්..
තෙරේසා මව්තුමිය මෑත කාලයේ ජනප්‍රිය චරිතයක් වෙලා අන් අයගෙන් ලොකු සහයූගයක් ලැබුනට .. සේවයේ ආරම්හය ගොඩක් කටුකයි.
දවසක් තෙරේසා මව්තුමිය ගියාලු ඇයගෙ අනාථ ළමා නිවාසයී ළමයින්ට කෑම එකතු කරන්න.
පාන් කඩයක් ලඟට කිහිල්ල ඒකෙ අයිති කාරයගෙන් ඉල්ලුවලු අනාථ නිවාසෙ ළමයින්ට කෑමට මොනාහරි දෙන්න කියල අත දික්කරාලු .. කඩේ හිටපු මනුස්සයට මේකට හොඳටම කේන්ති ගිහින් , එතුමියගේ අතට කෙළ ගහල.

තෙරේසා මව්තුමිය බොහොම සන්සුන්ව තමුන්ගෙ ලේන්සුව අරන් අත පිහදාල , ආයෙ අත දික්කරල කිව්වලු

" හරි.. ඒක මට.. දැන් මගෙ දුප්පත් ළමයින්ට කන්න මොනාහරි දෙන්න " කියල.

මේ සිද්දියෙන් අර මනුස්සය ගොඩක් කම්පාවෙලා, දිගටම අනාථ නිවාසයට කෑම සැපයීම කලාලු.
අපිත් යහපත් දෙයක් කරන්න ඉදිරිපත් උනත්.. සමාජයෙන් වෙන පීඩන, අපහාස නිසා ඒ දේ නොකර ඉන්න වාර ගොඩක් තියෙනව නේද ?

එදා තෙරේසා මව්තුමියත් එහෙම කලානන් .. දස දහස් ගනනක් අසරණයින්ට රැකවරණය නොලැබී යන්න තිබුන..

"No matter who say what, you should accept it with a smile and do your own work." ~ Mother Teresa 

ඉරිද දිව්‍යපූජාවෙ දේශනාව

ඉරිද පල්ලි ගියෙ මීගමුවෙ බෝලවලාන මීසමේ පූජාවට. මේ පල්ලියෙ ෆාදර් මම ගොඩක් කැමති, දක්ෂ ධර්ම දේශකයෙක්. මේක ඔක්තෝම්බර් 31 ඉරිද පූජාවෙ දේශනාව..


කිසිම සංස්කරනයක් කරල නෑ.


එදා දේව වචනයෙ කියවීමට තිබ්බෙ සකේවුස් ගෙ කතාව ඇතුලත් කොටස.ඒක හැමෝම දන්නව ඇතිනෙ. පටිගත කිරීමෙ මුල් කොටසෙ ඒ කියවීමත් තියෙනව. දේශනාව මුලදිම ෆාදර් පල්ලියෙ සමිතියක් ගැන විනාඩියක් විතර කියනව..


මෙතනින් දේශනාව බාගෙන අහන්න.

මේ දේශනාව ඔයාලගෙ ජීවිතේටත් වැදගත් වෙයි කියල හිතනව..

හැමෝටම ජේසු පිහිටයි !!

බීම , බේබද්දා සහ බයිබලය ..

මම අහල තියෙන විදිහට .. අද ලංකාවෙ මිනිස්සු දරන පොදු මතයක් තමයි, ක්‍රිස්තියානි කාරයො අමු බේබද්දො කියන එක.
අනේ මම කියන්නෑ ක්‍රිස්තියානි අය බොන්නෑ කියල.. බොන මිනිස්සුත් ඉන්නව.. නොබොන මිනිස්සුත් ඉන්නව ..




පොදුවෙ මම දන්න විදිහට ලංකාවෙ බහුතර කට්ටිය ජාති.. ආගම් බේද වලින් තොරව හොඳට බොනව.
දවසක් මගෙ හොඳම යාලුවෙක් (අමු බේබද්ද ) හොඳට බීල හිටපු වෙලාවක මගෙ ලඟට ඇවිත් කිව්ව " මචන්.. ඇයි උඹ කතෝලික වෙලත් බොන්නෙ නැත්තෙ..? මම උඹේ ආගමේ උනානන් බොනව බීමාක්....... "

ඇත්තටම මත්පැන් ගැන බයිබලේ මොනාද කියල තියෙන්නෙ ?
බොන්න කියලද ? එපා කියලද ?
එදා කිතුනු ආගම ඇති උන සමාජයේ වයින් කියන්නෙ බොහොම සාමාන්‍ය දෙයක් .. හරියට අපිට තේ වගේ.. මිදි ප්‍රධාන වගාවක් උනා .. වයින් හදන එක ප්‍රදාන කර්මාන්තයක් ..


ඉතින් එහෙම සමාජ පසුබිමක " වයින් ටිකක්වත් කටේ තියන්න එපා " වගේ සම්මතයක් බලාපොරොත්තු වෙන්න බෑ..

ඉතින් එහෙම එකක් මමනන් බයිබලේ දැකල නෑ..( කරුණාකරල දැකපු කෙනෙක් ඉන්නවනන් පෙන්නල දෙන්න )

හැබැයි වයින් ටිකක් බීම හා බේබද්දෙකු වීම අතර වෙනස හා දුර්විපාක නන් බයිබලේ කීප තැනකම සඳහන් වෙනව..

පහත මම උපුටා දක්වල තියෙන්නෙ බේබදුකම ගැන ඒ වගේ බයිබලේ තියෙන කොටසක් .. මේක ලියල තියෙන්නෙ ටිකක් වෙනස් විදිහකට .... හරියට ඔලුව අතගාල ටොක්කක් අයිනව වගේ..
හැබැයි හොඳ අවදානයෙන් කියෙවොත් තේරෙයි බේබදු කමේ නිෂ්පලකම ගැන අපූරුවට මේ කොටසින් විස්තර වෙනව කියල..


මේ කොටස උපුටා ගත්තෙ බයිබලේ හිතෝපදේශ කියන පොතෙන් .

බීමත්කමේ දුර්විපාක

දුක කාටද ?
කාලකණ්ණිකම කාටද ?
අඬදබර කාටද ?
මැසිවිලි කාටද ?
නිකරුණේ තුවාල කාටද ?
රතු ඇස් කාටද ?
බීම බෝතලය ලඟ පමා වන මිනිසාට ය.

තව තවත් බොන්න යන මිනිසාට ය.
මද්‍යසාර රතට රතේ දිලිසෙන විට,
වීදුරුව පෙන දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.
අන්තිමේදී එය,
නයෙකු මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දශ්ට කරයි.
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.

එවිට ඔබ
මුහුද මැද ඒ මේ අත පෙරළෙන
කෙනෙකු මෙන්ද,
කුඹගස මුදුනේ
නිදන්න හදන කෙනෙකු මෙන්ද වෙනු ඇත.

එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත;
" ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුනේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුනේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද ?
එවිට මම තව උගුරක් බොමි. "


හිතෝපදේශ 18 : 29-35


ඉතින් ඔයත් බේබද්දෙක්ද ?