අහිමිවුනු ඇඟිල්ල


දවසක් රජ කෙනෙක් තමුන්ගේ වහලෙකුත් සමග මුව දඩයමේ ගියාලු. කැලේ මැදදි මේ දෙන්නට කැලේ හිටපු දරුණු කොටියෙක් පහර දුන්නලු. දෙන්නම කොටියත් එක්ක පොරබදල කොහොම හරි කොටියව මරල දැම්මලු. නමුත් සටන අවසානයේදි රජතුමාගෙ එක ඇඟිල්ලක් අහිමි වෙලා තිබ්බලු.

මේක දැකල කලකිරීමට පත්වුන රජතුමා දෙවියන්ට මැසිවිලි තියන්න ගත්තලු " අහෝ, දෙවියනි.. ඔබ මගේ ඇඟිල්ලක් අහිමි කෙරෙව්ව, ඇයි ඔබ එහෙම කලේ .. ? " ආදී වශයෙන්.

දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුන වහලා කිව්වලු, "එහෙම කියන්න එපා රජතුමනි, අප ජීවත් වන එක ගැන දෙවියන්ට අප ස්තූතිවන්ත විය යුතුයි.." කියල. තමන්ගේ වහලාගේ මේ එකට එක කීමෙන් දැඩි කෝපයට පත් රජතුමා නියෝගකලාලු වහලාව සිරගත කරන්න.

තව දවසක් රජතුමා දඩයමේ යද්දි , දරුනු මිනීමරු වනචාරීන් රැලකට අහුවුනාලු. මොවුන් මිනිසුන්ව බිලිපූජා වලට යොදාගන්නා ගෝත්‍රයක් ලු. රජතුමා දෙස හොඳින් බලපු ගෝත්‍රික නායකය, රජතුමාගේ ඇඟිල්ලක් අඩු බව දැක්කලු. තමන් බිලි පූජාවට යොදාගන්නේ සම්පූර්න මිනිසුන් පමනක් නිසා , මොවුන් රජතුමාව නිදහස් කරාලු.

මේ සිද්දියෙන් කම්පනයට පත් රජතුමා කෙලිම්ම ආවලු, හිරේ ඉන්න අර වහලාව හම්බෙන්න. ඇවිත් කිව්වලු, "දෙවියන් වහන්සේ මාගේ ඇඟිල්ලක් අහිමි කර ජීවිතය බේරා දුන්නා, නමුත් එතුමන් ඔබව නිකරුනේ බොහෝ කාලයක් හිරේ තැබුවා. ඒ ඇයි ? " කියල.

වහලා කිව්වලු, " ඒ එය එසේ නොවුනානම්, මමද ඔබ සමග දඩයමේ ගොස් , වනචාරීන්ගේ බිලීපූජාව මම වීමට ඉඩ තිබුනු නිසා .."  කියල.


අනාගතය කුමක් වේදැයි කිසිවෙකු නොදනී, අද සිනහව හෙට කඳුලට ද, අද කඳුල හෙට දින සිනහවටද හේතුවිය හැක.


පරිවර්තනයට උපුටා ගැනීම මෙතනින්