ඔලු කන ජෝතිෂ්‍ය


ජෝතිෂ්‍ය සම්බන්ද කථාවකදී මාහට සමබරව කතා කල නොහැක. මන්ද මම ජෝතිෂ්‍ය මාතෘකාවේදී  අන්තවාදී ලෙස  ඊට විරුද්ධ අයෙකි. ඒ මම විෂය නිසි අධ්‍යනයක් කර ලද ගුජුප්සාවක් නොව මා අවට සිටින්නන්, නෑදෑ හිතවතුන් කෙතරම් මෙම විෂය නිසා විඳවනවාදැයි දැකීම තුලින් හටගත්තකි.

ධන සම්පත් , උගත්කම , රුසපුව ඇති මිතුරු/මිතුරියන් කීපදෙනෙකු වයස 40 ආසන්න වනතුරුත් තවම තනිකඩව සිටිනුයේ තවමත් ගැලපෙන සහකරුවා/ සහකාරිය හමු නොවීම නිසාය.අදහස් ගැලපෙන , සමාජ තත්වය ගැලපෙන ආකර්ශනීය යෝජනා කීපයක්  ඔවුන්ට හමුවී තිබුනත් එම සහකරුවා උපන් වේලාවේ සෞරග්‍රහ මණ්ඩලයේ පාවෙන පස්බෝල වල පිහිටීමෙහි යම් පරහක් වීම නිසා ඒවා අතහැර දැමුනි.

පාන්දර සිට මේකප් දැමූ මනාලිය , ගෙදරින් එලියට බසින නැකත ලැබීම නිසා ,දාඩිය පෙරමින් එලියට වී සිටී. පෝරුවේ නැකතට තව බොහෝ කාලයක්  ඇත.

සියලු පොරොන්දම් ගලපා, සුබ නැකතට විවාහවූ සහෝදරියක්, සතියකට කලින් දික්කසාද නඩුවක් ගොනුකලේ සැමියා නිතර ඇයට පහරදීම නිසාය.

රෝගීවූ සැමියාගේ මව එම අසරණ බිරිඳ තවත් මානසිකව පීඩාවට පත්කලේ ඇය උපදිනවිට සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටීම , තම පුතාගේ රෝගයට හේතුවූ බව පවසමිනි.

උපදින දරුවා සුබ නැකතක් බලා සිසේරියන් සැත්කමකින් එලියට ඇදිම දක්වා ප්‍රශ්නය උඩුදුවා ඇත.

ලංකාවේ මිනිසුන් ජෝතිෂ්‍ය හඹායන තරමට , මෙහි වැරදුනු කෙනෙකු සිටිය නොහැක; මන්ද අපේ උදවිය වැඩක් කරද්දී වෙන රටවල අය මෙන් නොව , එම අවස්ථාවේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල පිහිටීමද සැලකිල්ලට ගෙන කටයුතු කිරීම නිසාය.






3 comments:

  1. ඇත්ත.ඕව එක එකාගෙ බඩ වඩාගන්න හදාගත්තු මල විකාර. මමත් ඕව සතපහකට විශ්වාස කරන්නෙ නෑ. හරියට කල්පනා කරල බැලුවොත් ඕව තනිකරම බොරුවක් බව ඕනෙ කෙනෙකුට තේරෙනව. තේරෙන අය අඩු එකයි දුක.

    ReplyDelete
  2. Wynn casino draftkings in Las Vegas as new COVID-19 vaccine
    Wynn 군포 출장안마 Resorts has agreed to acquire and operate 서산 출장안마 a subsidiary 서귀포 출장마사지 of the 고양 출장샵 company Wynn Resorts, and will acquire 창원 출장마사지 Wynn's

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..