ප්‍රවීණයෙක් වෙන විදිහ


දවසක් සවස රජතුමා  ලිපියක් ලියමින් ඉද්දි,  සුපුරුදු පරිදි සේවකය දැල්වූ ඉටිපන්දමක් අරන් ආවලු මේසෙට තියන්න. කොහොමහරි සේවකයගේ නොසැලකිල්ල නිසා ඉටිපන්දමේ දැල්ල රජතුමාගෙ කොන්ඩෙට වැදිල කොන්ඩෙ එකපාරම ගිනිගත්තලු.
රජතුමා එකපාරම ගිනිදැල්ල ගසාදමල ගින්න නිමුවලු. ඊටපස්සෙ තමුන් කර කර උන්නු වැඩේ දිගටම කරගෙන ගියාලු.
පහුවදා රජතුමා වැඩකරද්දි ඉටිපන්දම අරන් ආවෙ වෙනත් සේවකයෙක්ලු. වෙච්ච සිද්දිය ආරන්චිවෙලා තමුන්ගෙ උපදේශකයින් කලින් උන්නු සේවකයව එලවල තියෙන බව රජතුමාට තේරුම් ගියාලු.

රජතුමාට තමුන්ගෙ කලින් උන්නු සේවකය ගැන ලොකු දුකක් ඇතිවුනාලු. ඔහු තමුන්ගෙ උපදේශකයන් ලඟට ගිහිල්ල කිව්වලු " කලින් උන්නු සේවකයවම එවන්න. මොකද දැන් ඔහු ඉටිපන්දම පරිස්සමට ගෙනත් තියන එක ගැන ප්‍රවීණයෙක් . " කියල.



ස්වර්ගය කෝකද ?


වයසක අංකල් කෙනෙක් තමුන්ගෙ සුරතල් බල්ලත් එක්ක පාරෙ ඇවිදන් යද්දි හදිසි අනතුරක් වෙලා දෙන්නම එතනම මියගියාලු. දැන් දෙන්නගෙම ආත්මයන් දෙක අලංකාර තාප්පයක් අයිනෙන් තියෙන පාරක් දිගේ ඇවිදන් යනවලු. යද්දි ඉස්සරහින් තියෙනවලු රනින් කරපු ලස්සන විශාල ගේට්ටුවක්.

අංකල් ට දැන් හොඳටම විශ්වාසයි ලු තමුං ස්වර්ගයට ඇවිත් කියල. ගේට්ටුවට ඇතුලෙන් උද්්යාන බංකුවක වාඩිවෙල ඉන්නවලු දිවසලු ඇඳගත්තු බොහොම පියකරු මනුස්සයෙක්. අංකල් කතාකරල ඇහුවලු "මේ.. මේක ස්වර්ගයද ? " කියල. අර මනුස්සය හිනාවෙලා උත්තරදුන්නලු " ඔව් මහත්මයා .." කියල.

අංකල්ට හොඳටම තිබහයි ලු . අංකල් ඇහුවලු "මට වතුර ටිකක් බොන්න පුලුවන්ද ?" කියල. "අපොයි පුලුවන්." අර මනුස්සය උත්තර දුන්නලු. විශාල ගේට්ටු දෙක විවරවුනාලු . පිරිසිඳු වතුර වීදුරුවක් ගත්තු සේවකයෙක් එනව අංකල් දැක්කලු. අංකල් තමුන්ගෙ බල්ලත් එක්ක අස්සට එන්න ඇතුල්වුනාලු. එතකොට අර කලින් හිටපු මනුස්සය ටිකක් සද්දෙන් කිව්වලු " මහත්මයා.. අපි බල්ලොන්ව අස්සට ගන්නෙ නේ." කියල.

අංකල්ට මාර අප්සට්ලු. ඇහුවලු "එහෙනන් බල්ලට වතුර ටිකක් ගන්න පුලුවන්ද ?" කියල. අර මනුස්සය උත්තරදුන්නලු "සමාවෙන්න. අපි බල්ලොන්ට වතුර දෙන්නෙත් නෑ." කියල. තමුන්ගේ එකම හිතවතා වෙන සුරතල් බල්ලව දාල යන්න දුක නිසා අංකල් පාර දිගේ දිගටම යන්න පිටත් උනාලු.

ඉදිරියට එද්දි තියෙනවලු ටිකක් අබලන්, ගොවිපලක් වගේ තැනක්. මෙතන්ට ඇතුල්වෙන තැන ගේට්ටුවක්වත් නෑලු. අංකල් බල්ලත් එක්කම ටිකක් ඇතුලට ගියාලු. කිට්ටුව ගහක් යට මනුස්සයෙක් බොහොම නිස්කලංකව පොතක් කියවමින් ඉන්නවලු.
අංකල් ඇහුවලු " මටයි මගේ බල්ලටයි වතුර ටිකක් බොන්න පුලුවන්ද ? " කියල. " අපොයි පුලුවන්, අර නළ ලිඳෙන් ඕනතරං වතුර අරන් බොන්න. එතනම තියෙන භාජනේට වතුර දාල බල්ලටත් වතුර දෙන්න" මනුස්සය කිව්වලු.
අංකල්ට ගොඩක් සන්තෝසයි ලු. අංකල් ඇහුවලු " මේ තැන මොකක්ද ?" කියල. "මේ තමා මහත්මයා ස්වර්ගය.." මනුස්සය උත්තර දුන්නලු.
 "එතකොට අරක ?" අංකල් ඇහුවලු."ආ. ඒක තමා අපාය." කියල මනුස්සය උත්තර දුන්නලු.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com