දෙවියන් වහන්සේ හඳුනාගැනීමට

දෙවියන් හඳුනාගැනීමට බොහෝ උනන්දුවූ තරුණයෙක් හිටියලු.මොහුට දැනගන්න ලැබුනලු වණවාසීව ජීවත්වන බොහොම සැදැහැවත් තාපස පූජකයෙක් ගැන. ඉතිං මේ තරුණය මේ තාපසයව හොයාගෙන ගියාලු.


තරුණය දැක්කලු තාපසතුමා දිය අගලක් ගාව භාවනායෝගීව ඉන්න පූජකයව.තරුණයා පූජකතුමා ලඟට ගිහිල්ල කිව්වලු, " මට දෙවියන් හඳුනාගැනීමට අවශ්්යයි, ඔබට මට උදව් කරන්න පුලුවන්ද ? " කියල. පූජකය තරුණය දිහා බලල කිව්වලු "මාත් සමග මෙම දිය අගලට බහින්න " කියල.
දැන් තරුණයයි පූජකයයි දෙන්නම වතුරට බැහැල ඉන්නවලු. පූජකය එකපාරටම පැනල තරුණයව වතුර යටට එබුවලු. දැන් තරුණය දඟලනවලු උඩට එන්න , පූජකය තරුණයව වතුර ඇතුලටම තදකරන් ඉන්නවලු.
 
තරුණයා හුස්ම නැතුව සිහිමුර්ජා වෙන්න ආසන්න වෙද්දිම පූජකය තරුණයාව උඩට ගත්තලු. තරුණය උඩට ආපු ගපන්ම පපුව පුරෝල ලොකු හුස්මක් ගත්තලු. තරුණය වෙච්ච සිද්දියෙන් අන්දමන්ද වෙලා බලන් ඉන්නවලු.
පූජකය තරුණයගෙන් ඇහැව්වලු, "වතුර යටදි ඔබට මොනවද වැඩියෙන්ම ඕන වුනේ ? " කියල. තරුණය උත්තර දුන්නලු " හුස්ම ගන්න වාතය " කියල. පූජකය තරුණයට කිව්වලු, " ඔබට වතුර යට ඉඳිද්දී වාතය අවශ්්යතාවය දැනුන තරමටම ; දෙවියන් හඳුනාගැනීමේ අවශ්්යතාව දැනුනු කාළයක මා වෙත එන්න." කිව්වලු.

6 comments:

  1. පුදුමයි පූජකයා ගුටිනොකා බේරුනා !!! බැරිනං බෑ කිව්වනං ඉවරයිනේ ...

    ReplyDelete
  2. “ජීවත්වන බොහොම සැදැහැවත් තාපස පූජකයෙක් ගැන.“

    අනිත් ආගම්වල උපමා කථා හොරකං කිරීමනේ ක්‍රිස්තියානි උන්ගෙ පුරුද්ද...

    වනවාසී සැදැහැවත් තාපස පූජකයො කොහෙද මෝඩයො පල්ලි වල... කොපි කරන වනචාරී වැද්දදො මිසක්...

    ඕන කුණු දහජරා වැඩ මිනීමැරුම් ස්ත්‍රී දූෂණයක් කරල ඔය දෙයිය ලගට ගිහිල්ල පව් කමා කරල ආතල් එකේ සුවර්ගස්ත වෙන්න කියලනෙ බයිබෙල් තියෙන්න???

    ReplyDelete
  3. @Anonymous,
    ඇනෝ කෙනෙක් විදියට කමෙන්ට් කරන ඔබට ජම්මයක් නොමැති ගාණයි. කොහොම වුනත් ඔබ විශ්වාශ කරන ධර්මය ගැන හිතා ගන්න පුළුවන් ඔබේ වචන වලින්ම. දෙව්දත් නිකායෙන් බණ අහලා දෙව් රම්වෙහෙරට ගල් ගහන්නෙත් ඔබල වගේ අයම තමයි. උපමා කතාවක් කියන්නේ මෝඩයෝ හිතළුවක් මිසක් සැබෑවට සිදුවුන දෙයක් නොවෙයි.මේකෙන් ගන්න තියෙන දෙයක් අදාල එවුන් ගනියි. උඹ මෝඩ ආතල් ගන්නේ නැතිව ඉදින්.

    ReplyDelete
  4. @බැනපු ඇනෝ : ඔබ හරි. මේක මම අහල තිබ්බ කතාවක් තමයි. කිතුනුවෙකුට මෙම කතාවෙන් ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් කියල හිතුන නිසා එහෙම දැම්ම. මම මේ බ්ලොග් එකෙන් උත්සහ කරන්නෙ සිංහල කතෝළික පිරිසට යම් ආධ්යාට්මික වටිනාකමක් එකතු කරන්නයි. ඒ දේ කරන්න කොපිරයිට්ස් හොයාගන්න නැති කතන්දරයක් පාවිච්චි කරන එක මම මහ වරදක් විදිහට දකින්නෙ නෑ.
    කොහොම උනත් ඔබ කිතු දහමේ ඇතැම් ඉගැන්වීම් ගැන වැරදි අවබෝදයක් දරන්නෙ.ඒක නිවැරදි කරගැනීම හෝ නොගැනීම ඔබට බාරයි. :)
    ඔබට ජේසු පිහිටයි !

    ReplyDelete
  5. @Sandamal: Nice thought & nice reply.. :)

    ReplyDelete
  6. well said sandamal.
    some think certain words and actions belong to their religion. fools

    you just keep writing...

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..