කරවුන රොටී

තවත් එක දවසක, රාත්‍රී ආහාරයයට කට්ටිය සූදානම් වුනාලු.
කන්න තියෙන්නෙ පොල් රොටියි ලුණුමිරිසුයි.
අම්ම රොටි ටික ගෙනල්ල මේසෙට තිබ්බලු.
ම්ම්.. රොටි ටික ටිකක් වැඩිපුර කරවෙලාලු. කනකොට පොඩ්ඩක් තිත්තයිලු.
තාත්ත කිසි හැලහොල්මානක් නැතුව රොටිය කෑවලු.
තාත්ත මොකුත් නොකිව්ව නිසා ළමයි දෙන්නත් අදහස් දැක්වීමෙන් වැලකී සිටියලු.
රෑ පොඩි දුවට ඇහුනලු අම්මයි තාත්තයි කතාකරනව.
අම්ම කනගාටුව ප්‍රකාශකරන ස්වරයෙන් කිව්වලු " අද රොටි ටිකල් වැඩිපුර කරවෙලා තිබ්බ නේ ? " තාත්ත උත්තර දුන්නලු " කමක්නෑ.. කරවෙච්ච රොටි වලට මම කැමතියි. " කියල.

පහුවදා උදේ ඉස්කෝලෙට යනගමන් දුව තාත්තගෙන් ඇහුවලු, " තාත්තෙ , ඇත්තටම කරවෙච්ච රොටි කන්න තාත්ත ආසයිද ? " කියල.
තාත්ත හිනාවෙලා කිව්වලු " ඔයාලගෙ අම්ම දවසම ගෙදර වැඩ මහන්සිවෙලා කරල තමා රෑ කෑම හදන්නෙ, අනික දවසක් කරවෙච්ච රොටියක් කෑව කියල කාටවත් හානියක් නෑ ..." කියල.

ඊ ලිපියක දැක්ක කතාවකි

http://sinhala-catholic.blogspot.com

6 comments:

  1. වටින උදාහැරනයක්....

    ReplyDelete
  2. මිනිස්සු මෙහෙම හිතන්නෙ නෑනේ ඉතින්.

    ReplyDelete
  3. බුද්ධිමත් ඒවගේම ආදරවන්ත තාත්ත කෙනෙක්.

    ReplyDelete
  4. දැන් කාලේ ගොඩක් තාත්තලා නම් ඔය වගේ පුංචි දේවල් වලටත් ගෝරි දානවා

    ReplyDelete
  5. අපෝ මමත් එහෙම තමයි - නැත්නම් ගෑනි කියයි අපොයි අපේ අතින් පොඩ්ඩක් කර උනොත් තමයි තමුන්ටත් දැනෙන්නේ - අර මහ ගෑනි (මගේ amma ) උයන මෙලෝ රහක් නැති ඒවා කාල අවුරුද්දක්ම මෙතන කියවනවා කියල . ඉතින් ඕක අහගත්තට පස්සේ මටත් නිකන් ඉන්න බැනේ.. ඊට මිට හොඳයි අවුලක් න කියල කට පියාගෙන ඉන්න වා

    ReplyDelete
  6. වටිනාකම කියල නිම කරන්න බැරි ලස්සන කතාවක්. හොදට ලියනවා . තව ලියන්න.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..