පව්කාරියට ගල් ගැසීම.


මේකත් ජේසුස් වහන්සේගේ ජීවිතේ සිද්දවුනු පොඩි සිදුවීමක්. මේ කතාව හැම කතෝළිකයෙක්ම දන්නව. නමුත් අපේ උදවියට ජීවත්වෙද්දි මේ ඉගැන්වීම් අමතකවීමේ සොභාවයක් තියෙන නිසා බ්ලොග් එකේ ලියන්න හිතුන.

ජේසු තමුන්ගෙ පාඩුවෙ නිස්කලංකව ඉන්න වෙලාවක, ජුදා පූජකයො පිරිසක් වරදෙහි හැසිරෙමින් ඉන්නවිටම අල්ලාගත් ගණිකාවක් අරගෙන එනව ජේසු ගාවට. ආගමික නීතිය අනුව දඬුවම ගල්ගසා මැරීම.

පූජකයො ජේසුගෙන් අහනව , " මැය කාමමිත්්යාචාරය කරද්දීම අසුවුන කෙනෙක්, අපි ගල් ගසා මැය මරා දැමීම නේ කල යුත්තේ ? " කියල.


එතකොට ජේසු කියනව " ඔබ අතරින් පවක් නොමැති තැනැත්තා පලමු ගල ගසන්න. " කියල.

ගල්ගහන්න ආපු කට්ටියගෙන් එකා එකා හෙමීට එතනින් මාරුවෙනව.

අන්තිමේ ඉතුරු වෙන්නෙ ජේසුයි අර ගෑනුකෙනයි විතරයි.

ජේසු අහනව , " ස්ත්‍රීය , ඔවුන් කොහේද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද ? " කිය.

ගෑණු කෙනා කියනව " නැත ස්වාමිනී " කියල.

ජේසු කියනව " මමද ඔබපිට වරද නොතබමි, යන්න ,  මින්පසු පව් නොකරන්න " කියල.

ඉතින් ලෝකෙ ඉන්න අනික් හැම එකාටම ගල් ගහන්න බලන් ඉන්න අපේ උදවියටත් කියන්න තියෙන්නෙ, අනුන්ගේ වැරදි හොයන්න ඉස්සර, තමුන්ගේ හෘදසාක්ශියේ, ආධ්්යාත්මක ගවේශනයක් කරල බලන්න කියලයි.

මේ සිදුවීමේ අපූරු ප්‍රතිනිර්මානයක් හම්බුනා YouTube  එකෙන්. අනිවා බලන්න.




4 comments:

  1. වීඩියෝ එකත් ලස්සනට කරලා තියෙනවා.....

    ReplyDelete
  2. හික් හික්..

    ReplyDelete
  3. මම අහන්න ගියේ මේ Jesus of Nazareth චිත්‍රපටිය නේද කියල. වීඩියෝව අන්තිමේදී උත්තරේ ලැබුණා.

    ReplyDelete
  4. මම අද තමයි මේ සයිට් එක දැක්කේ.. බොහොම ස්තුතියි මේ ලිපියට මේක බයිබලයේ මම කැමතිම කොටසක්..

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..