පොට්ට මුවා


එක කැලෑවක හිටියලු පොට්ට මුවෙක්. පොට්ටයි කිව්වට මුගෙ එක ඇහැක් තමාලු පේන්නෙ නැත්තෙ. ඒ කියන්නෙ පේන්නෙ එක පැත්තක් විතරයි. මොකද මුවන්ගෙ ඇස් තියෙන්නෙ මූනෙ දෙපැත්තට වෙන්නනෙ.

ඉතින් දඩයක් කාරයොන්ගෙන් බේරෙන එක ලොකු ප්‍රශ්නයක් වුනාලු මේ මුවාට. මේකෙන් බේරෙන්න මුවා කරන්නෙ, තණකොල කන්න යනවලු මුහුද අයිනෙ තියෙන ප්‍රපාතයක් අයිනට. තමුන්ගෙ හොඳ ඇහැ තණ පිට්ටනිය පැත්තට හිටින්න හිටගන්නවලු. දිගටම තණකොළ කන්නෙ මේ දිශාවට ඉඳගෙන ලු. මොකද එන දඩයක්කාරයෙක් එන්නෙ තණ පිට්ටනිය පැත්තෙන් නිසා.

එන කෙනෙක්ව එද්දි පේනව. පැනගන්න පුලුවන්.

කොහොම හරි මුව දඩයමේ එන දඩයක්කාරයෙක් මේ රහස දැනගත්තලු. මිනිහ බෝට්ටුවකින් මුහුද පැත්තෙන් මුවා කිට්ටුවටම ගිහිල්ල ගිහිල්ල, බොහොම ලේසියෙම්ම මුවාව දඩයම් කරගත්තලු.

ජීවත් වෙන්න මොන දේ කලත්,මොන සෙල්ලම දැම්මත්, කවද හරි හැම කෙනෙක්ම මැරෙනව...

" නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්නා බැවින්, අවදිව ඉන්න. "   (මාක් 13:33)


sinhala-catholic.blogspot.com
උපුටාගැනීම : 100 Moral Stories by Akramulla Syed

3 comments:

  1. මට නම් තේරුනේ අපි මොනවා කළත් කොයි මොහොතක හෝ අපිට විපතක් වීමට පුලුවන් කියන අදහසයි...

    පොට්ට කියන එක කණ කියලා දැම්මා නම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හරී, මගෙ සිංහල දැනීමෙ ගොඩක් අඩු පාඩු තියෙනව. කණ කියන්නෙ එක ඇසක් අන්ධයි කියන තේරුම ද ?

      Delete
  2. ඔව්

    කන - අපිට ඇහෙන්නෙ මේකෙන්
    කණ - එක ඇසක් අන්ධ

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..