මැරුණ පුතා


කලබලකාරී නගර මධ්‍යය, ගිණිගහන දවාලේ
මිනිසුන් පිරිලා එක තැනක. සිද්දිය බලන්න හැමෝම පොරකනව. කියනව ඇහෙනව " හැප්පිලා" , "මැරිල" , "පාර පනිද්දි නෙ වෙලා තියෙන්නෙ" , "පව් වැඩේ .."

මේ වෙලාවෙ මෙතනින් යනව පත්තර වාර්තාකරුවෙක්. ඔහු හිතනව "ෂා .. මරු නිව්ස් එක, කොහොමහරි ෆොටෝ එකක් ගන්න ඕන." ඒත් කොහෙ කිට්ටු කරන්නද. මිනිස්සු පොරකනව.

මිනිහට ආව හොඳ අදහසක්. කෑගහල දුකඳෝනාවක් තියන්න ගත්ත. "අනේ මගේ පුතා.. මගේ පුතා තමයි හැප්පිලා තියෙන්නෙ..".

මිනිස්සු ක්ශනිකව ඉඩදුන්න මේ මනුස්සයට. ඔහු සෙනඟ අතරින් ඉදිරියටම ගියා.
ලේ විලක් මැද මැරිල වැටිල උන්න තඩි බූරුවෙක්.



අපේ ජීවිතෙත් මෙහෙම දේවල් වෙනව සමහර වෙලාවට. ලබාගන්න ආසාවෙන් පොරකාගෙන, බොරු කියාගෙන, අනික් අය පාගගෙන, ලබාගන්න දඟලන පෙලක් දේවල් මහ පුස් දේවල්. ඒක පුස්සක් බව කලින්ම දකින්න පුලුවන් නං කොච්චර ලේසිද ?



පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
පොත ගැන දැනගත්තෙ මෙතනින්

3 comments:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..