මම අමුත්තෙක්




ශිෂ්‍යයෙක් තමුන්ගේ ගුරුතුමාව මුනගැහෙන්න ඔහුගේ ගෙදරට ගියාලු. ගෙදර හැමතැනම තිබ්බෙ පොත් ලු. එකම එක මේසෙකුයි පුටුවකුයි තිබ්බලු. වෙන කිසිම දෙයක් ගෙදර තිබ්බෙ නෑලු.

ඉතින් මේ  ශිෂ්‍යයා ගුරුතුමාගෙන් ඇහුවලු " කෝ ගුරුතුමනි ගෙදර ගෘහ භාන්ඩ ?" කියල.

ගුරුතුමා ඇහුවලු " කෝ ඔබගේ ගෘහ භාන්ඩ ?" කියල.

ශිෂ්‍යයා පිලිතුරු දුන්නලු " ගුරුතුමනි,  මම මේ ගෙදරට ඇවිල්ල යන්න ආපු අමුත්තෙක් පමනයි" කියල.

එතකොට ගුරුතුමා කිව්වලු "මමත් එහෙමමයි " කියල.


පරිවර්තනයට උපුටා ගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-71-Only+A+Visitor.html

7 comments:

  1. එතකොට ගෙදර අයිතිකාරයා කවුද?

    ReplyDelete
  2. අනේ මන්දා මට තේරු්න් නෑ...

    ReplyDelete
  3. චුට්ටක හිතන්න ඕනි කතාවක් වගේ

    ReplyDelete
  4. දෙන්නා හම්බෙලා තියෙන්නේ පුස්තකාලෙදිද....

    ReplyDelete
  5. උඹල හිතාගෙන ඉන්නේ තමන්ගේ ගෙදර මැරෙන කොට අරන් යන්නද ? එකේ අයිතිය තියෙනේ තව අවුරුදු 30-40 සුළු කාලයකට විතරයි.

    ReplyDelete
  6. අපි හැමෝම අමුත්තෝ තමා. සදාකාලිකව ඉන්න ආපු කවුරුත් නැහැනේ...

    ReplyDelete
  7. කවුරුත් අමුත්තෝ තමා

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..