ඉස්කෝලෙ යන්න බෑ



මහලු පියා උදේ පාන්දර ඇවිල්ල තමුන්ගෙ පුතාව නින්දෙන් ඇහැරවනව ලු.

"පුතා .. අවදිවෙන්න, අවදිවෙන්න. "

ඇඳ උඩ වකුටු වෙලා ඉන්න පුතා කියනව ලු .. "මට අවදිවෙන්න ඕන නෑ තාත්තෙ.."

එතකොට තාත්ත කියනවලු, " අවදි වෙන්න , ඔබට ඉස්කෝලෙ යන්න තියෙනව."

පුතා කියනව ලු "මට ඉස්කෝලෙ යන්න උවමනාවක් නෑ.."

" ඒ මොකද ? " පියා හැහුවලු.

පුතා කියනවලු " එකක් තමා ඉස්කෝලෙ හරිම නීරසයි, අනික ඉන්න අනික් ළමයි ඔක්කොම මට විහිලු කරනව , ඊටත් වඩා මම ඉස්කෝලෙට වෛරකරනව" කිව්වලු.

එතකොට පියා කියනවලු " උඹ ඉස්කෝලෙට යන්න ඕන හේතු තුනක් මම කියන්නම්. එකක් තමා ඒක උඹේ රාජකාරිය. අනික් හේතුව තමා උඹට දැන් වයස අවුරුදු 45 ක් වීම, අවසාන හේතුව තමා උඹ තමා ඉස්කෝලෙ විදුහල්පති."



Therefore, stay awake, for you do not know on what day your Lord is coming. - Matthew 24:42





3 comments:

  1. පියාට තනි නිසා විවාහ වෙලා නැද්ද?

    http://sinhala-catholic.blogspot.com.au/2012/11/blog-post_14.html#comment-form
    මොකද්ද ඔබගේ ප්‍රියතම කඩ්චෝරු කෑම- සද්දෙ නැතුව කොත්තු කාල මොකටද? The Art of Street Foods

    ReplyDelete
  2. අන්න ප්‍රින්සිපල්ලා :P

    ReplyDelete
  3. මේ වගේ විදුහල්පති කෙනෙක් අපේ ඉස්කෝලෙත් උන්නා නම්.....

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..