එක් වයසක මනුස්සයෙක් , තමුන්ගෙ ජීවිත කාලයෙන් වැඩිහරියක් රැකියාව කලේ ලෝකෙ තියෙන ලස්සනම දූපතකලු. ඒත් ඔහු විශ්රාම ගියාට පස්සෙ ඔහුට සිද්දවුනාලු නැවතත් නගරයට යන්න. කලබලකාරී ඝෝශාකාරී නගරයට.

නගරයේදි හමුවුන එක පුද්ගලයෙක් මොහුට කිව්වලු "
ලෝකයේම තියෙන ලස්සනම දූපතක් ලෙස සැලකෙන තැනක , ජීවිතයෙන් වැඩි කාලයක් ගතකිරීමට ලැබුන එක හරිම වාසනාවක් නේ .." කියල.
එවිට මහලු මිනිසා දුක්බරව කිව්වලු "
හ්ම්ම් ... ඒ දූපත ඔච්චරම ප්රසිද්ද, අගනා එකක් කියල දැනගෙන හිටියනම්, මට ඊට වඩා ගොඩක් ඒ දූපතේ ලස්සන බලන්න තිබුන, රසය විඳින්න තිබුන. " කියල.