හිත හොඳ වඳුරා


එක දවසක් කොටියෙක් කැලේ මැදින් යද්දි දැක්කලු වඳුරෙක් ගඟට පැනල මාලු අල්ලන් ඇවිල්ල උන්ව ගහක් උඩින් තියනව.

මේක දැකල අවුල් ගිය කොටිය වඳුරගෙන් ඇහුවලු " මොකක්ද ඔය කරන වැඩේ තේරුම ? " කියල.

එතකොට වඳුර පිලිතුරු දුන්නලු " මම මේ ගිලෙන්න යන මාලුන්ව බේරගන්නව " කියල.

අපි කරන සමහර සුබසාධක වැඩත් මේ වගේ තමයි. ලබන පුද්ගලයට කිසිම ප්‍රයෝජනයක් නෑ.




1 comment:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..