ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.
මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබ අපට කෑම ලබා දිය යුතුයි." කිව්වලු.
අභියෝගය බාරගත් මුල්ලා නගරය මැද කුලුන අසල රැය පහන් කලාලු. පසුදා උදේම මුල්ලා තමන්ට අභියෝග කල මිතුරන් සොයා ගියාලු.
මිතුරෙක් පැවසුවාලු " මුල්ලා, අප ඔබට පැවසුවේ කිසිඳු උනුසුමක් නැතිව රැය පහන් කරන්න. නමුත්, ඔබ අභියෝගය ආරම්බකරන අවස්ථාවේදීම මම දුටුවා මීටර් පන්සියයක් පමන ඈතින් වූ නිවසක ජනේලය අසල ඉටිපන්දමක් දැල්වෙමින් තිබුන අයුරු. ඔබට එයින් උනුනුසුම ලැබුනා. ඉතින් ඔබ අභියෝගය පරාදයි. "
මඳක් නිහඬව සිටි මුල්ලා තම පරාජය බාරගත්තාලු. " හොඳයි , එහෙනම් පොරොන්දු පරිදි අද රෑ කෑම අපේ ගෙදරින් " මිතුරන්ට ආරාධනා කල මුල්ල පිටව ගියාලු.
රාත්රියේ මීතුරන් නිවසට පැමිනියාලු. මිතුරන්ට ආසන පැනවූ මුල්ලා , ආහාර පිසීමට මුලුතැන්ගෙට ගියාලු.
පැයක් ගතවුනාලු, පැය දෙකක් ගතවුනාලු.. කිසිඳු කෑමක් නැතිව මිතුරන් බඩගින්නේ සිටිනවලු.
ඉවසීම ඉක්මවූ මිතුරෙක් මුල්ලා සොයා මුලුතැන්ගෙට ගියාලු.
ඔහු දුටුවාලු, කෑම බාජනය ලනුවක ගැටගසා වහලයේ එල්ලා , ඊට යටින් ඉටිපන්දමක් දල්වා ඇති ආකාරය. මුල්ලා පසෙකින් ඉඳගෙන බලන් සිටිනවා ලු.
කෝපයට පත් මිතුරා ඇසුවාලු " මුල්ලා , මොකක්ද මේ කරන්නෙ. ඔබ අද අපට කන්න දෙන්නෙ නැද්ද ? "
මුල්ලා පිලිතුරු දුන්නලු " මඳක් ඉවසන්න, මීටර පන්සියයක් දුරින් වූ ඉටිපන්දමකට මට උනුසුම දෙන්නට පුලුවන් උනානම්, වහලයේ ඇති කෑම හැලිය රත්කිරීමට මේ බිම ඇති ඉටිපන්දමට හැකිබව මට විශ්වාසයි. කෑම පිසුණු සැනින් මම පිළිගන්වන්නම්"
රැවටීමට ආයුශ කෙටිය. ( ලාංකීය දේශපාලනයට අදාල නොවේ :) )
නියමයි.
ReplyDeleteආ හරී.. ගොඩ කාලෙකින් මේ පැත්තෙ ඇවිත් නේ :)
Deleteලස්සන කතාව
ReplyDeleteස්තූතියි රාජපක්ශ
ReplyDeleteඇත්ත නේන්නම්, නියම කතාව :)
ReplyDeleteමේ අපේ බවලතාවත් ද ?
Delete