රාළහාමි

ඒක නෙමෙයි,
රාළහාමි යාලුවෙලා හිටියලු බං සාපිංගෙ පවුල එක්ක,
සාපිංගෙ පවුල සපිරිනා,
සැලෝලයිට් වලලු දෑත පුරා දමන්නා,
බොඩිය පෙනෙන තුනී හැට්ට අඳින්නා,
උකුල සලා සිනා සිසී,
එහෙ මෙහෙ කිසි-බිසි ගා යන්නා,
"නැත්තං ඕකිට කොයින්ද ඔය හැටි ආයිත්තං ?"
වෛවාරන්න වලලු මාල,
අරුංගල් කරාබු,
පේන්නෑ යන එනකොට,
එක එක මෝස්තරේ ඇඳුං ඇඳල,
ගස්ස ගස්ස පස්ස,
විළිලැජ්ජා නැතිකම බං,
මුදලි කමට වඩා ලොකුලු.
චික් විතරක්.
ඔය කිව්වට කොයි ගෑණිද කැමති නැත්තෙ රාළහාමිට,
වාත්තුකල නැහැය, දෙතොල.
නියම හොඳ කඩවසම් පුරුෂයා.

උපුටාගැනීම : "රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත" ~ මහගම සේකර.

http://www.mahagamasekera.org/




2 comments:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..