ජෙරොම් , යෙහාලි , ජේසුස් වහන්සේ සහ යාච්ඤාව

යාච්ඤාව මගින් ලබාගත් දේවල් කියනව.

 මේ දවස් වල හෙන ට්‍රෙන්ඩින් මාතාවක් නෙ මේ ජෙරොම් , යෙහාලි වගේ ජනප්‍රිය චරිත එලියට ඇවිල්ල, ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ලැබුන පනිවිඩ කියනව, 

අනාගත වාක්‍ය කියනව.


එක එක අයට තියෙන්නෙ එක එක ලෙවල් එකේ ප්‍රශ්න නෙ. 

ජෙරොම් වගේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරන කෙනෙක් ට දෙවියන් වහන්සේ වර්ල්ඩ්කප් එක දිනන කන්ඩායම පෙන්නනව වගේ දේවල් කරනව.

යෙහාලි වගේ අයට උදේ ළමයට ස්විමිං යන්න වැස්ස බාදාවක් උනාම , ඒක නවත්තන්න දේව මැදිහත්වීමක් අත්දකිනව. 

පාස්කු ප්‍රහාරයෙන් දරුවො ශෙන්නයි , සැමියයි ඝාතනය වෙලා මේ ලෝකෙ අසරණ උන කාන්තාවක් , ඇයි දෙවියනි මට මෙහෙම උනේ කියල දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනව.

ඉතිං යාච්ඤාව ගැන  ජේසුස් වහන්සේ මොකක් ද කියල තියෙන්නෙ. ඒ ගැන තියෙනව මැතිව් 6: 5-8 වගේ වෙනකන්.

මෙතනින් ගිහිල්ල බලන්න 

2 එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
3 නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා.
4 එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.
5 තවද නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
6 නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාකදෙනසේක.
7 තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති.
8 එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක.
9 එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
10 ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.
11 අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.
12 අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව.
13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.
14 මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක.
15 නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.
16 තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.
17 නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,
18 නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.
19 පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. 

ඉතින් ඉහත සඳහන් ජේසුස් වහන්සේ යාච්ඤාව ගැන කියපු දේ සහ ජෙහාන් යෙහාලි පෙන්වන දේ කොච්චර ගැලපීමක් තියෙනවද කියල හිතල බලන්න. හරි වැරැද්ද විනිශ්චය කරන්න යන්නෙ නෑ, ඒක දෙවියන්ට බාරයි. 

මට හිට්නෙන විදිහට යාච්ඤාව කියන්නෙ තමුන්ගෙ ඇතුලාන්තයට එබිල බලන භාවනාවක්. දෙවියන් සමග ආද්‍යාත්මිකව සම්බන්ද වීමක්. පෞද්ගලික අත්දැකීමක්. 


 

 

1 comment:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..