ලෝකයෙන් වසන් කලත්..

එක ගමක හිටියලු කලුගල් වලින් නිර්මාණ කරන කලාකරුවෙක්. පල්ලියෙ සුවාමිට ඕන වුනාලු මරියතුමියගෙ සුරුවමක් පල්ලියෙ ඉස්සරහ වහලය මුදුනෙන් තියන්න. මේ මනුස්සයට බාරදුන්නලු සුරුවම කලුගලින් නෙළන්න.


දවසක් සුවාමි ගියාලු සුරුවම හදන වැඩේ තත්වය බලන්න.
සුවාමි දැක්කලු සම්පූර්නයෙන්ම වගෙ හදල ඉවර වුන ලස්සන සුරුවමක් පැත්තකට අයින් කරල තියෙනව.
ගල් වඩුව තව සුරුවමක් හද හද ඉන්නවලු.සුවාමි ඇහැව්වලු " ඇයි තව එකක් හදන්නෙ. අර අයින් කරල තියෙන එක පල්ලියට හදපු එක නෙමේද ? "  කියල.

එතකොට ගල් වඩුව සුවාමිට පෙනුවලු අර අයින් කරල තියෙන සුරුවමේ නහය ලඟ බොහොම පොඩි කඩතොලුවක් වෙලා තියෙනව. එතකොට සුවාමි කිව්වලු "අයියෝ පුතා .. ඕක වහලෙ මුදුනෙ තිබ්බහම ඔය කඩතොලුව කාටවත්ම පේන්නෙ නැහැනෙ"   කියල.

එතකොට ගල් වඩුව උත්තර දුන්නලු "  ඔව් .. ඒත් ඒක දෙවියන්ට පේනව.. " කියල.

4 comments:

  1. හදවතින්ම ආගම අදහන ගල් වඩුවෙක් .......

    ReplyDelete
  2. අවංක මිනිහෙක්..!

    ReplyDelete
  3. වටින බ්ලොග් එකක් සහ හොඳ ගල් වඩුවෙක්! :)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..