කෝපි කෝප්පයක් වැනි වූ ජීවිතය

කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් කර කර හිටපු යාලුවො කට්ටියක් ගියාලු තමුන්ට උගන්නපු මහාචාර්්යවරයෙක්ව මුනගැහෙන්න. මේ අය කතාකරන ගමන් ප්‍රොෆෙසර්ට වැඩි හරියක්ම කිව්වෙ තමුන්ට තියෙන ප්‍රශ්න, දුක්ගැනවිලි ලු.
ප්‍රොෆෙසර් ගිහිල්ල ලොකු ජෝගුවකට කෝපි හදන් ආවලු. කුස්සියෙන් එක එක ජාතියෙ කෝප්ප ගෙනත් තියල කට්ටියට කිව්වලු කෝපි දාගෙන බොන්න කියල.
කට්ටිය කෝපි දාගෙන බොන ගමන් ප්‍රොෆෙසර් කිව්වලු, " හොඳට බලන්න, ඔක්කොම ලස්සන, වටිනා කෝප්ප ඔබ විසින් තෝරාගෙන තිබෙන සැටි. ඉතිරිවී තිබෙන්නේ බාල වර්ගයේ කෝප්ප පමනයි .
ඔබගේ බොහෝ ප්‍රශ්න වලට මුලත් එයමයි. කෝප්පයෙන් කෝපි වලට කිසිඳු වටිනාකමක් එක් නොකරන බව ඔබ හොඳින්ම දන්නා දෙයක්.

ඇතැම් විට කෝප්පය මිල අදික විය හැකියි, ඇතැම්විට එය ඇතුලේ තිබෙන්නේ මොනවාදැයි සඟවාවි.
කෝප්පය කුමක් උවත් ඔබට අවශ්්ය කෝපි පමනයි. නමුත් ඔබ හිතාමතා ම හොඳම කෝප්පයක් ලබා ගැනීමට වෙහෙසෙනව.
කෝප්පයක් ලැබුනු විට ඔබ අනෙකාගේ කෝප්ප සමග ඔබේ කෝප්පයේ ගුන දොස් සසඳනව.

හොඳම එක ලැබුනේ කාටදැයි සොයා බලනව.
මෙහෙම හිතමු.. ජීවිතය තමයි කෝපි.
රැකියාව, තනතුරු හා මුදල් වැනිදේ කෝප්ප පමනයි.
ඒ දේවල් ජීවිතය දරාසිටීමට උපකාර කරනවා මිසක්, ඔබගේ ජීවිතය වෙනස් කරන, අර්තදක්වන හෝ වටිනාකමක් එක්කරන දේ නොවන බව සිතට ගන්න.
අප බොහෝවිට කෝප්පය කෙරෙහි දැඩි අවදානයෙන් සිටීම නිසා කෝපි වල රසබැලීමට මඟහැරෙන්න පුලුවන්.
මතක තබාගන්න, ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයින් සැමවිටම හොඳම දේ පමනක් ලැබූවන් නොවන වග."



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්




http://sinhala-catholic.blogspot.com

3 comments:

  1. බොහොම වටින අදහසක් ගැබ් වුනු බොහොම හොඳ ලිපියක් . .

    ReplyDelete
  2. දුකා සමග එකගයි.

    ReplyDelete
  3. නියම අදහසක්

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..